leader s

ජර්මනියේ පැවැත්වෙන Euro 2024 තරගාවලියේ සර්බියාව ට එරෙහිව එංගලන්තය ඔවුන්ගේ ආරම්භක තරගයේ ලබා ගත් ගෝල් 1-0ක තියුණු ජයග්‍රහණය අවලස්සන වූයේ තරගයට පෙර පැවති අපේක්ෂිත ප්‍රචණ්ඩත්වය නිසා. 


සිද්ධියෙන් සර්බියානුවන් හත් දෙනෙක් අත්අඩංගුවට ගැනුනු අතර ඊට සම්බන්ධ බවට තහවුරු වන එංගලන්ත ජාතිකයන්ට ක්‍රීඩාංගණවලට ඇතුළු වීමේ තහනමක් පනවන බවට අනතුරු අඟවා තිබෙනවා.

 

තරගය ආරම්භ වීමට පැය පහකට පෙර ගෙල්සන්කූෂි නගරයේ අවන්හලක හටගත් කලහයකදී එක් පොලිස් නිලධාරියෙක් හා ක්‍රීඩා ලෝලීන් කිහිප දෙනෙක් ලේ ගලමින් තුවාල ලබා සිටියා. ගැටුම ආරම්භ කළේ කවුරුන්ද යන්න තවමත් පැහැදිළි නැහැ.

විශාල සර්බියානු කොඩියක් ප්‍රදර්ශනය වෙමින් තිබූ අවන්හලේ මේස, පුටු හා බෝතල විසිකෙරුනු ගැටුමේ සමාජ මාධ්‍ය වීඩියෝව යළි මතකයට ගෙන ආවේ එංගලන්ත පාපන්දු ලෝලීන්ට මිට පෙර තරගාවලියන්හි මුහුණ දීමට සිදුවූ ලජ්ජාසහගත සිදුවීම්.

 

එක් පොලිස් නිලධාරියෙකුට හිසේ තුවාලයට ප්‍රතිකාර කෙරුනු අතර ක්‍රීඩා ලෝලීන් ගණනාවක් වෛද්‍ය නිලධාරීන්ගේ පරීක්ෂාවට බඳුන් වුනා. සර්බියා හා එංගලන්ත ක්‍රීඩා ලෝලීන් මේ අවන්හලේ මත්පැන් පානය කරමින් සිට ඇත්තේ පස්වරු 3.45 සිට.

පුටු, බෝතල යනාදී සෑම දෙයක්ම විසිවනු දුටු බව සිද්ධිය දුටුවෙක් කියා සිටියා. වයස අවුරුදු විසි ගණන්වල සිටි පුද්ගලයෙක් බිම වැටී සිටියදී ඔහුට පයින් ගසනු දක්නට ලැබී තිබෙනවා. එංගලන්තයේ බර්මිංහැම් සිට පැමිණි පුද්ගලයෙකු ද තුවාල ලැබූවන් අතර සිටින බවට වාර්තා වී තිබෙනවා.

ජර්මන් කැරලි මර්ධන පොලිසියේ 200ක් පමණ පැමිණීමට මොහොතකට පෙර කලහකාරීන් බොහෝ දෙනෙක් එම ස්ථානයෙන් පලා‌ ගොස් තිබෙනවා.

77b82be0 16b5 4d8d b442 f763b030e54fජර්මන් කැරලි මර්ධන පොලිසියේ 200ක් පමණ පැමිණීමට මොහොතකට පෙර කලහකාරීන් බොහෝ දෙනෙක් එම ස්ථානයෙන් පලා‌ ගොස් තිබෙනවා.

ගැටුමේ ආරම්භය පළමුව දැක තිබෙන්නේ බ්‍රිතාන්‍ය පොලිසියේ කලහකාරීන් හඳුනා ගැනීමේ නිලධාරීන් විසින්. නොදන්නා රටක කළු පාට ඇඳුම් පමණක් ඇඳ ගත් විශාල කණ්ඩායමක් අවන්හල දෙසට යනු ඔවුන් දැක තිබෙනවා. කැරලි මර්දන පොලිසිය පැමිණ ප්‍රදේශය වට කරද්දී, පලා ගියවුන් හඹා යාම පිණිස කුඩා කණ්ඩායම් පිටත් කෙරුනා.

තරගය සඳහා එංගලන්ත ක්‍රීඩා ලෝලීන් 30,000කට වැඩි පිරිසක් ගෙල්සන්කූෂි නගරයට පැමිණි සිටි අතර මොවුන් අතරින් තරගය සඳහා ප්‍රවේශ පත් තිබුනේ 20,000කට පමණක් බවට විශ්වාස කෙරෙනවා.

 

QiYmtn2kitR7Q5wrHSV7qW 1200 80ශක්තිමත් ජර්මන් පොලිස් බලකායක් තරගය පැවැත්වෙද්දී දෙපිලේ ක්‍රීඩා ලෝලීන් දෙපසකට කර තබා ගැනීමට සමත් වුනා.
එංගලන්ත හා සර්බියා ක්‍රීඩා ලෝලීන්‌ගේ අතීත සිදුවීම් හේතුවෙන් මේ තරගය ‘අධි අවදානම්’ තරගයක් ලෙස හඳුන්වා දී තිබුනේ සර්බියානු දාමරිකයන් 500ක් පමණ ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට සූදානමින් සිටින බවට පොලිසිය විසින් අනතුරු අඟවමින්. ශක්තිමත් ජර්මන් පොලිස් බලකායක් තරගය පැවැත්වෙද්දී දෙපිලේ ක්‍රීඩා ලෝලීන් දෙපසකට කර තබා ගැනීමට සමත් වුනා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්