2024 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ‘සුපිරි 8’ වටයේ ක්‍රීඩා කිරීම පිණිස බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට පැමිණ
සිටින ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ඔවුන්ගේ ආහාර වේල තමන්ටම පිස ගැනීමට සිදුව තිබෙනවා.
මුස්ලිම්වරුන්ට අවශ්‍ය ‘හලාල්’ ආහාර විශේෂයෙන් බාබේඩෝස් දූපතේදී සොයා ගැනීමට තිබෙන අපහසුතාව ඊට හේතුව යි.
ඉන්දියාව සමග බාබේඩෝස් හි ඊයේ පැවති ‘සුපිරි 8’ තරගයට පෙර දිනවල ‘හලාල්’ ආහාර සොයා ගැනීමට නොහැකි වූ ඇෆ්ගන් ක්‍රීඩකයන්ට ඔවුන්ගේ කෑම වේල ඔවුන් ට ම පිස ගැනීමට සිදුවුනේ ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පිළියෙල කරන ආහාරවල ‘හලාල්’ කෑම අඩංගු නොවීම නිසා. මේ හේතුවෙන් ඔවුන්ට පුහුණු වීමට තිබෙන කාලය ආහාර පිසීම වෙනුවෙන් වැය කිරීමට සිදුව තිබුනේ තරගය සඳහා සූදානම් වීමට බාධා පමුණුවමින්.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග සාන්ත ලුසියා දූපතේ දී මීට පෙර පැවති තරගයේදී මෙය ගැටළුවක් නොවුන ද බාබේඩෝස් තරගයේදී මෙය ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව තිබුනා. බාබේඩෝස් දූපතේදී ඇෆ්ගන් ක්‍රිඩකයන් ‘හලාල්’ කෑම පිළියෙල කර ගැනීම පිණිස සමහර දේශීය පුද්ගලයන්ගේ උදව් උපකාර ලබා ගනිමින් සිටිය ද එය ඉතාමත් අසීරු කාර්යයක් වුනා.
මේ හේතුවෙන් ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට පුහුණු වීම පසෙක ලා කෝකියන් වීමට සිදුව තිබෙන අතර අනෙක් තරග පැවැත්වෙන කොදෙව් දූපත්වල මේ තත්ත්වය වෙනස් වනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වනවා.
මෙවර තරගාවලියේ මූලික වටයේ තරග හතරෙන් ඇෆ්ගනිස්තානය තරග තුනක් ජයග්‍රහණය කළ අතර එය ‘සුපිරි 8’ වටයට පිවිසීමට ඔවුන්ට ප්‍රමාණවත් වුනා. මේ තරග වටයේදී ඔවුන් ඉන්දියාවෙන් පසුව ඔස්ට්‍රේලියාව හා බංග්ලාදේශය සමග තරග වැදීමට නියමිතව සිටිනවා.

ඉන්දියාව සමග ඊයේ පැවති සිය පළමු ‘සුපිරි 8’ තරගයෙන් ඇෆ්ගනිස්තානය ලකුණු 47ක පරාජයක් ලැබුව ද ක්‍රීඩකයන්ගේ චිත්ත ධෛර්යය තවමත් ඉතාම ඉහළ මට්ටමක තිබෙන බවත් මේ පරාජය නිසා ඊට කිසිම හානියක් සිදු නොවූ බවත් ඇෆ්ගන් නායක රෂිඩ් ඛාන් ප්‍රකාශ කළා.
ඇෆ්ගන් ක්‍රිකට් සංචිතයේ රෂිඩ් ඛාන් හා මොහමඩ් නබි යන ක්‍රීඩකයන් දෙදෙනා ජීවත් වෙමින් සිටින්නේ රටින් පිට. ටලිබාන්වරු හමුවේ කාබුල් නගරය බිඳ වැටීමට පෙර රෂිඩ් ඛාන් ආරක්ෂක හේතුන් මත රටින් පිටත්ව ගොස් දැන් ඩුබායි හි ජීවත් වනවා. කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොහමඩ් නබි ද මීට වසර එකහමාරකට පමණ පෙර කාබුල් අතහැර ඔහුගේ පවුලේ අය සමග ඩුබායි ගොන් ඛාන් සමග එක්වුනා.

පසුගිය වසරේ ඉන්දියාවේ පැවති 2023 ලෝක කුසලාන තරගාවලියේදී සුවිශේෂී කැරලිකාර ක්‍රීඩාවක නියැළුනු ‘නිල් කොටි - Blue Tigers - යන අන්වර්ත නාමයෙන් හැඳින්වෙන ඇෆ්ගනිස්තාන් ජාතික ක්‍රිකට් කණ්ඩායම හිටපු ශූරයින් වන පාකිස්තානය, එංගලන්තය හා ශ්‍රී ලංකාව පරාජය කිරීමට සමත් වුනා.
සටහන :
(වර්නන් ගුණසේකර)ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී