leader s

පාකිස්තානයේදී ලබන වසරේ පැවැත්වෙන 2025 චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියා කණ්ඩායමේ සහභාගිත්වය අරබයා මතුව තිබෙන මත ගැටුම දිනෙන් දින උත්සන්න වෙමින් පවතී. 

 

තරගාවලියට සහභාගි වීම පිණිස ඉන්දියා කණ්ඩායම පාකිස්තානය ට නොපැමිණෙන බව පවසමින් පාකිස්තානය ට එරෙහි ඉන්දියාවේ තරග ශ්‍රී ලංකාවේ හෝ ඩුබායි හි පවත්වන ලෙසට (දෙමුහුන් ආකෘතිය) ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් දන්වා සිටීමත් සමග මේ අර්බුදය නිර්මාණය වී තිබෙනවා.

2025 චැම්පියන්ස් කුසලාන තරග සියල්ලම තම රට තුළ පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) දැඩි තීරණයක් ගෙන තිබෙනවා.

 

ඉන්දියාවේ එම ඉල්ලීම එක හෙළා ප්‍රතික්ෂේප කරමින් 2025 චැම්පියන්ස් කුසලාන තරග සියල්ලම තම රට තුළ පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) දැඩි තීරණයක් ගෙන තිබෙනවා.

ඉන්දියා කණ්ඩායම 2025 චැම්පියන්ස් කුසලානය වෙනුවෙන් පාකිස්තානය ට නොඑන්නේ නම් ඊට එකට-එක කිරීමක් වශයෙන්, ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ සමසත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත 2026 T20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වන බවට පාකිස්තානය තර්ජනය කර තිබෙනවා.

India to demand ICC to hold Champions Trophy 2025 in Sri Lanka or UAE BCCI unwilling to travel to Pakistan Reportඉන්දියා කණ්ඩායම පාකිස්තානය ට යැවීමට ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය අකමැති බවට ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කිරීම

 

චැම්පියන්ස් කුසලාන තරගාවලිය සම්පූර්ණයෙන්ම පාකිස්තාන භූමියේ පැවැත්වීමේ ස්ථිර ප්‍රතිපතිත්තියක සිටින පාකිස්තානය ජූලි 19 සිට 22 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිත ජගත් ක්‍රිකට් කවුන්සලයේ (ICC) වාර්ෂික සම්මන්ත්‍රණයේදී කුමන ආකාරයක හෝ දෙමුහුන් ආකෘතියකට විරෝධය දක්වනු ඇතැයි වාර්තා වනවා.

පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ මේ නොසැලෙන ප්‍රතිපත්තිය පැමිණෙන්නේ ලබන වසරේ පෙබරවාරි හා මාර්තු අතරතුර පාකිස්තානයේ පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ඉන්දියා කණ්ඩායම පාකිස්තානය ට යැවීමට ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය අකමැති බවට ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කිරීමෙන් පසුව. දෙරට අතර පවතින පළුදු වූ දේශපාලනික සබඳතා හා ආරක්ෂක හේතුන් මත ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමක් 2008 ආසියානු කුසලාන තරගාවලියෙන් පසුව පාකිස්තානයේ සංචාරය කර නැහැ.

 

2008ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමක් 2008 ආසියානු කුසලාන තරගාවලියෙන් පසුව පාකිස්තානයේ සංචාරය කර නැහැ.
ඉන්දියාව ට ඔවුන්ගේ තරග මධ්‍යස්ථ රටක ක්‍රීඩා කිරීමට හැකිවන පරිදි දෙමුහුන් ආකෘතියක් ක්‍රියාවට නංවන ලෙසට ICCයෙන් ඉල්ලා සිටීමට BCCI ක්‍රියා කරමින් සිටින බව පැවසෙනවා.

ඉන්දියාව හා පාකිස්තානය අතර ක්‍රිකට් සබඳතාවන්ට දේශපාලනය හා ආරක්ෂාවේ බාධකය හටගත්තේ 2008 වසරේ සිදුවූ මුම්බායි ප්‍රහාරයෙන් පසුව. එදා සිට දෙපිල අතර ද්විපාර්ශ්වික තරගමාලාවන් අහෝසි වී තිබෙනවා. 

 

AP081128048741 wide c0b272fdab5a981bd7ef9f1001efc598b6b610c3ඉන්දියාව හා පාකිස්තානය අතර ක්‍රිකට් සබඳතාවන්ට දේශපාලනය හා ආරක්ෂාවේ බාධකය හටගත්තේ 2008 වසරේ සිදුවූ මුම්බායි ප්‍රහාරයෙන් පසුව.

2023 ආසියානු කුසලාන තරගාවලිය අතරතුරදී ද මෙවැනි ම අවහිරයක් මතුවූයේ පාකිස්තානයේ සංචාරය කිරීම BCCI ප්‍රතික්ෂේප කිරීම නිසා දෙමුහුන් ආකෘතියක් ක්‍රියාත්මක කිරීමට සිදුවූ බැවින්. තරගාවලිය දිගටම පවත්වා ගෙන යාමට මේ ආකෘතියෙන් ඉඩ ලැබුන ද, එහි ප්‍රතිඵලයක් ලෙසින් පාකිස්තානය ට තරගාවලියේ අවසන් පූර්ව හා අවසාන තරගවල සත්කාරකත්වය අහිමි වුනා. 2025 චැම්පියන්ස් කුසලාන තරගාවලිය සම්පූර්ණයෙන් ම පාකිස්තාන පොළොවේ පැවැත්වීම සහතික කර ගැනීමේ දැඩි අධිෂ්ඨානයක සිටීමට PCB තීරණය කර තිබෙන්නේ ඒ අයහපත් ප්‍රතිඵලය හේතුවෙන්.

icc 621x414ICCය මුහුණ දී සිටින්නේ ක්‍රිකට් බලවතුන් දෙදෙනෙක් සමබර කරගන්නා අතරතුර ජාත්‍යන්තර තරගාවලියන්හි අවංකත්වය පවත්වා ගෙන යාමේ අභියෝගාත්මක තත්ත්වයකට.

 

මේ අර්බුදය නිසා ICCය මුහුණ දී සිටින්නේ ක්‍රිකට් බලවතුන් දෙදෙනෙක් සමබර කරගන්නා අතරතුර ජාත්‍යන්තර තරගාවලියන්හි අවංකත්වය පවත්වා ගෙන යාමේ අභියෝගාත්මක තත්ත්වයකට.

ලබන වසරේ පෙබරවාරි 19 සිට මාර්තු 9 දක්වා ක්‍රීඩා කෙරෙන තරගාවලියේ ඉන්දියා තරග සියල්ල ලාහෝර් නුවර පැවැත්වීමට පාකිස්තානය සැලසුම් කර තිබෙන්නේ ඉන්දියා කණ්ඩායම හා ඔවුන්ගේ ක්‍රීඩා ලෝලීන්ගේ ගමන් පහසුව පිණිස.

එහෙත් ඉන්දියා ක්‍රීඩකයන්ට පාකිස්තානයේ ආරක්ෂාවක් නැති නිසා ඉන්දියාව ඔවුන්ගේ කණ්ඩායම චැම්පියන්ස් කුසලාන තරගාවලියට නොයවන බව හිටපු ඉන්දීය පිට දඟ පන්දු යවන්නෙකු වන හර්බජන් සිං පාකිස්තාන් රූපවාහිනී වැඩසටහනකට සහභාගි වෙමින් ප්‍රකාශ කර තිබෙනවා. 

 

“අපේ ක්‍රීඩකයන්ට පාකිස්තානයේ ආරක්ෂාවක් නැත්නම්, අපි අපේ කණ්ඩායම එහෙ යවන්නේ නැහැ. ඔබට ක්‍රීඩා කරන්න ඕන නම් ක්‍රීඩා කරන්න. එහෙම නැත්නම්, ක්‍රීඩා කරන්න එපා. පාකිස්තානය නැතුව ඉන්දියා ක්‍රිකට් ක්ෂේත්‍රයට පවතින්න පුළුවන්” යනුවෙන් සිං පවසා තිබෙනවා.

“ඉන්දියානු ක්‍රිකට් නැතුව නොනැසී ඉන්න ඔබලාට පුළුවන් නම්, එහෙම කරන්න! යනුවෙන් හර්බජන් සිං එම වැඩසටහනේදී පාකිස්තානය ට අභියෝග කර තිබෙනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්