leader s

ඇල්ජීරියාවේ ආන්දෝලනාත්මක ඔලිම්පික් රන් පදක්කම්ලාභී බොක්සිං ක්‍රීඩිකා ඉමාන් කලීෆ් නැවත වතාවක් ලෝකයාගේ අවධානයට ලක්ව සිටිනවා.


මෙවර ඇය සමාජ මාධ්‍යයේ සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව සිටින්නේ බොක්සිං ප්‍රහාරවලින් නොව කාන්තාවක ලෙස ඇගේ සුන්දරත්වය ප්‍රදර්ශනය කරමින්.

මතභේදාත්මකව පැරිසියේදී දිනා ගත් රන් පදක්කම සමග කලීෆ් ඇයගේ ලස්සන ලොවට පෙන්වා තිබෙන්නේ ඇය පිරිමියෙක් බවට දොස් නැගූ අයට ‘කනේ පහරක්’ එල්ල කරමින්.

Khalif 4ඇය කළු පැහැති කමිසයක් පැළඳ කොණ්ඩය පිටුපසට ගැටගසා ගෙන කැමරාව දෙසට පහර එල්ල කරමින් සිටින අයුරු.

 

‘ඉන්ස්ටග්‍රෑම්’හි පෝස්ට් කර තිබෙන මන බඳන රූසපුවකින් යුත් අලුත් වීඩියෝවක කලීෆ් අලංකාරව සැරසී ඇය අමාරුවෙන් දිනා ගත් රන් පදක්කම ප්‍රදර්ශනය කරන්නේ ඉතාමත් ආකර්ෂණීය අයුරින්. වීඩියෝවෙන් පළමුව දිස්වන්නේ ඇය කළු පැහැති කමිසයක් පැළඳ කොණ්ඩය පිටුපසට ගැටගසා ගෙන කැමරාව දෙසට පහර එල්ල කරමින් සිටින අයුරු. ඉන්පසු තිරය යොමුවන්නේ ඇය ළා රෝස පැහැයෙන් යුත් මල් මල් සහිත සෘතුමය ඇඳුමක් පැළඳ ඊට ගැළපෙන කරාබුවලින් සහ ඇසැඳුන් හා තොල්පෙති පින්ක් පාටින් දිලිසෙන්නට හැඩකර ගෙන සිටින දසුනකට.


සමාජ මාධ්‍යයේ සටහන් කර ඇති එම වීඩියෝවේ කලී‌ෆ්, පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී චීනයේ Yang Liu පරදවා දිනා ගත් රන් පදක්කම ප්‍රදර්ශනය කරමින් සිනාවකින් මුව සරසාගෙන සිටිනවා.

 

Khalif 1කලී‌ෆ්, පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී චීනයේ Yang Liu පරදවා දිනා ගත් රන් පදක්කම ප්‍රදර්ශනය කරමින් සිනාවකින් මුව සරසාගෙන සිටිනවා.

“මම ඉපදුනේ ගැහැනියක් විදියට. මම ජීවත් වුනේ කාන්තාවක් විදියට. මම තරග කළේත් කාන්තාවක් විදියට. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා” යනුවෙන් 25 හැවිරිදි ඉමාන් කලීෆ් ඇයගේ ලිංගිකත්වය ප්‍රශ්න කළ විවේචකයන්ට කියා තිබුනා.


ඉමාන් කලීෆ් සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙක් නෙවෙයි. ඇය උපන්නේ ගැහිනියක ලෙස. නමුත් ඇයට පිරිමි XY ක්‍රෝමසොම තිබෙන බවට චෝදනා එල්ල වී තිබෙනවා.

 

Khalif 5“මම ඉපදුනේ ගැහැනියක් විදියට. මම ජීවත් වුනේ කාන්තාවක් විදියට. මම තරග කළේත් කාන්තාවක් විදියට

සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්