ආසියානු බේස්බෝල් සංගමයේ නියෝජ්‍ය විනිසුරු අධ්‍යක්ෂ සහ ලෝක බේස්බෝල් සංගමයේ බේස්බෝල් 5 තාක්ෂණික කමිටුවේ සාමාජික සුජීව විජයනායක
විසින් බේස්බෝල් ක්‍රීඩා භාණ්ඩ රැසක් ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩා කරන පාසල්, විශ්ව විද්‍යාල, ත්‍රිවිධ හමුදාව හා ක්‍රීඩා සමාජ 95කට පරිත්‍යාග කර තිබෙනවා.
කොළඹ ආනන්ද විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන සුජීව මේ සුවිශේෂ පරිත්‍යාගය සිදුකර තිබෙන්නේ ඔහුගේ බේස්බෝල් ක්‍රීඩා දිවියට වසර 25ක් පිරීම නිමිත්තෙන්.
තමා බේස්බෝල් ක්‍රීඩාවට අවතීර්ණ වූ විදුහලේදී ම පැවති විශේෂ උත්සවයකදී සුජීව සිදුකළ මේ බේස්බෝල් ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානයට රබර් බේස්බෝල් 2400ක් සහ හාඩ් බැට් 241ක් ඇතුළත්. සුජීව මේ ක්‍රීඩා භාණ්ඩ එක්රැස් කර ගෙන තිබෙන්නේ ජපානයේ සහයෝගීතාවෙන්.
ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩා කරන පාසල් 45ක්, විශ්ව විද්‍යාල 13ක්, ත්‍රිවිධ හමුදාව ඇතුළුව ක්‍රීඩා සමාජ 22ක් හා ත්‍රිවිධ හමුදාව හා සරසවි ඇතුළුව කාන්තා කණ්ඩායම් 15කට මේ ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කෙරුනා.
ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොශි හිදෙකි, JICA ආයතනයේ ශ්‍රී ලංකා ප්‍රධානී යමදා තෙත්සුයා, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ ප්‍රධානී සම්පත් අමරතුංග ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට සහභාගි වුනා.

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






