leader s

පෝලන්තයේ කටාජිනා ‘කාෂා’ නිවියඩෝමා (Katarzyna ‘Kasia’ Niewiadoma) පාපැදි ශූරිය 2024 ප්‍රංශ සවාරිය - Tour de France - කාන්තා තරගය ජයග්‍රහණය කළේ තත්පර හතරකින්.

මෙය ප්‍රංශ සවාරිය මහා පාපැදි තරගයේ පිරිමි හෝ කාන්තා තරග ඉතිහාසයේ වාර්තා වූ වඩාත් ම සියුම් කාල අන්තර සමස්ත ජයග්‍රහණය යි.

ඇල්පයින් උස් කඳුකරයේදී ප්‍රංශ සවාරිය කාන්තා ශූරතාව රැක ගැනීමේ උත්සාහයක නියැලී සිටි නෙදර්ලන්තයේ ඩෙමි ෆොලයිං (Demi Vollering)ගෙන් එල්ල වූ ප්‍රබල අභියෝගය මධ්‍යයේ ‘කහ ජර්සිය’ ආරක්ෂා කර ගැනීමට පෝලන්ත තරගකාරිය සමත් වුනා.

 

gettyimages 24802 copyනිවියඩෝමා අවසන් රේඛාව පසු කළේ කඳුළු පුරවාගෙන.

වැළමිටි වංගු 21කින් යුත් තරග මාර්ගයේ තරගයේ පෙරමුණේ සිටි තරගකාරියන් අතර පැවති තියුණු ලුහුබැඳීමක් අවසානයේ කිලෝමීටර් 950ක් දුරැති තරගයේ ඉරණම තීරණය වූයේ අවසන් මීටර් කිහිපයේදී. ෆොලයිං වේගයෙන් පාපැදිය ධාවනය කරමින් තරගයේ අටවැනි හා අවසන් අදියර ජයග්‍රහණය කළ ද නිවියඩෝමා ද ඒ පසුපස හඹා යමින් සිවුවැනියට තරගය අවසන් කළේ පැය 24යි මිනිත්තු 36යි තත්පර 7ක සමස්ත කාලයක් සටහන් කරමින්. සමස්ත තරගයේ තමාගේ පෙරමුණ ආරක්ෂා කරගත් බව වැටහුනු නිසා නිවියඩෝමා අවසන් රේඛාව පසු කළේ කඳුළු පුරවාගෙන.

“මගේ මුළු ක්‍රීඩා දිවිය පුරාවට මට ජයග්‍රහණය අහිමි වූ අවස්ථා බොහෝ තිබෙනවා. නමුත් මේ සතිය මටත් මගේ කණ්ඩායමටත් ඉතාමත් හොඳ එකක් වූ බව මට හිතෙනවා. ලොකු තරග ජය ගන්නට නම් හැම දෙයක්ම තමාගේ පැත්තට තිබිය යුතුයි” නිවියඩෝමා කියා සිටියා. 

කාන්තා ප්‍රංශ සවාරියේ අවසන් අදියර තමාගේ ක්‍රීඩා දිවියේ හා තමාගේ කණ්ඩායමේ පැවැත්මට වඩාත්ම වැදගත් වන දිනය බව 29 හැවිරිදි නිවියඩෝමා කළින් ප්‍රකාශ කර තිබුනා. ඒ නිසා, මෙවැනි ඉතාමත් සියුම් කාල පරතරයකින් සමස්ත ජයග්‍රහණය සොරා ගැනීම පිළිබඳව ඇයගේ මුහුණෙන් දිස්වූයේ කඳුළු සැලෙන විශ්වාස කළ නොහැකි පෙනුමක්.

8972991 5449548 01 06ප්‍රංශ සවාරියේ උඩට ම එන්න ලැබීම ගැන මට හරි ආඩම්බරයි

 

දැනට වඩා වැඩි කාන්තාවන් පිරිසක් බයිසිකලයට නංවා ගැනීමට මේ තියුණු ජයග්‍රහණය ආකර්ෂණයක් වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව කටාජිනා ‘කාෂා’ නිවියඩෝමා පැවසුවා. 

“පාපැදි තරග ක්ෂේත්‍රයේ ඉහළ ම අඩියේ සිටින්නට ලැබීමෙන් හා දැඩි වෙහෙසකාරී පුහුණුව වෙනුවෙන් ජයග්‍රාහී ප්‍රතිඵල ලැබීමෙන් ඇතිවන්නේ මවිත කරවන හැඟීමක්. ප්‍රංශ සවාරියේ උඩ ට ම එන්න ලැබීම ගැන මට හරි ආඩම්බරයි!”

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්