leader s

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවීන පන්නයේ ජංගම දුරකථන (ස්මාට්ෆෝන්) නොමිලේ ලබා දීමට ඔලිම්පික් අනුග්‍රාහක සැම්සුං
ආයතනය කටයුතු යොදා තිබුනා. එහෙත් එම දුරකථන උතුරු කොරියානු කණ්ඩායමේ සාමාජිකයන්ට ලැබුනේ නැහැ.

ජගත් ඔලිම්පික් කමිටුවේ (IOC) ඉහළ ම පෙලේ අනුග්‍රාහකයෙකු වන ‘සැම්සුං’ දකුණු කොරියානු ඉලෙක්ට්‍රොනික්ස් ආයතනය පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,500 දෙනා ට ම ඔවුන් ආපසු ඔවුන්ගේ රටවලට යද්දී ගෙන යාම පිණිස ‘ස්මාට්’ ජංගම දුරකථන ලබා දුන්නා. එහෙත් ඒවා උතුරු කොරියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා නොදුන් බව IOCය ප්‍රකාශ කළා.
 
180209 north korea shut out samsung indexඋතුරු කොරියාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සැම්සුං දුරකථන නොලැබුනු බව සහතික කර කියන්න අපට පුළුවනි

“උතුරු කොරියාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සැම්සුං දුරකථන නොලැබුනු බව සහතික කර කියන්න අපට පුළුවනි” යනුවෙන් IOCයේ ප්‍රකාශකයෙක් පැවසුවා.

උතුරු කොරියාව ට පනවා තිබෙන සම්බාධක පිළිබඳව දකුණු කොරියාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.
 
north2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවීන පන්නයේ ජංගම දුරකථන (ස්මාට්ෆෝන්) නොමිලේ ලබා දීමට ඔලිම්පික් අනුග්‍රාහක සැම්සුං ආයතනය කටයුතු යොදා තිබුනා

ගුරුත්ව බලය යොදා ගෙන විදිනු ලබන මිසයිල (බැල්ස්ටික් මිසයිලය) හා න්‍යෂ්ටික වැඩසටහන් හේතුවෙන් උතුරු කොරියාව 2006 වසරේ සිට එක්සත් ජාතීන්ගේ සම්බාධක පැනවීම්වලට බඳුන්ව සිටිනවා. ඒ පියවරයන් පසුගිය වසර කිහිපය තුළ තවත් උග්‍ර වී තිබෙන්නේ සිවිල් හා හමුදා පාවිච්චිය සඳහා වන නිෂ්පාදනවල තහනම ද එම සම්බාධකයන්ට ඇතුළත් වෙමින්.
 
images 27ගුරුත්ව බලය යොදා ගෙන විදිනු ලබන මිසයිල (බැල්ස්ටික් මිසයිලය) හා න්‍යෂ්ටික වැඩසටහන් හේතුවෙන් උතුරු කොරියාව 2006 වසරේ සිට එක්සත් ජාතීන්ගේ සම්බාධක පැනවීම්වලට බඳුන්ව සිටිනවා.

“උතුරු කොරියාව ට සෘජුව හෝ වක්‍රාකාරව කරන සැපයීම්, විකිණීම් හා පැවරීම් ඇතුළු සියළු ක්‍රියාමාර්ග එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලය විසින් තහනම් කර තිබෙනවා. ‘ස්මාට්’ ජංගම දුරකථන ඒ තහනමට ඇතුළත්” යනුවෙන් දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලයේ තීරණය දැඩිව සපුරාලීම සහතික කිරීම පිණිස තම රජය දිගටම ජාත්‍යන්තර ප්‍රජාව සමග එක්ව තානාපති මට්ටමෙන් උත්සාහ කරන බව එම නිවේදනයේ කියා තිබුනා.

උතුරු කොරියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනෙක් පැරිස් ඔලිම්පික් උළෙලේ ක්‍රීඩා 7ක තරග වැදුනා.
 
 



සටහන :
warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්