leader s

රටවල් සියයකින් තරගකරුවන් තුන්දහසක් පමණ එක්වනු ඇතැයි අපේක්ෂා කෙරෙන ලොව විශාලතම සාම්ප්‍රදායික ක්‍රීඩා සැණකෙළිය වන ලෝක නොමෑඩ් ක්‍රීඩා

උළෙල - World Nomad Games - පස්වැනි වතාවටත් සැප්තැම්බර් 5 සිට 15 දක්වා කසකස්තානයේ අස්ථානා අගනුවරදී පැවැත්වෙනවා.

ලොව විවිධ රටවලට ආවේණික වූ සාම්ප්‍රදායික ක්‍රීඩාවන් එකම තැනකට එක් කරන තරගාවලියකි මේ ලෝක නොමෑඩ් ක්‍රීඩා උළෙල.

මේ ක්‍රීඩා උළෙල සංවිධානය කරන්නේ ලෝක එත්නොස්පෝට් සම්මේලනය - World Ethnosport Confederation (WEC) - යි. නොයෙකුත් රටවල තිබෙන ජන ක්‍රීඩා හා ඒ හා බැඳුනු සංස්කෘතීන්වල දැනුවත් භාවය වැඩි කිරීම හා එම ක්‍රීඩා ව්‍යාප්ත කිරීමේ ක්‍රියාකාරකම්වල නියැලීම මූලික කරගත් ජාත්‍යන්තර ආයතනයකි මේ සම්මේලනය.

රටවල් සියයකින් තරගකරුවන් තුන්දහසක් පමණ එක්වනු ඇතැයි අපේක්ෂා කෙරෙන ලොව විශාලතම සාම්ප්‍රදායික ක්‍රීඩා සැණකෙළිය වන ලෝක නොමෑඩ් ක්‍රීඩා උළෙල - World Nomad Games - පස්වැනි වතාවටත් සැප්තැම්බර් 5 සිට 15 දක්වා කසකස්තානයේ අස්ථානා අගනුවරදී පැවැත්වෙනවා.

ලෝක නොමෑඩ් ක්‍රීඩා උළෙල ප්‍රථම වතාවට පැවැත්වුනේ 2014 වසරේ කිරිගිස්තානයේ. රටවල් 19කින් තරගකරුවන් 583ක් එදා මේ ක්‍රීඩා උළෙලට සහභාගි වුනේ ඉසව් 10කට තරග වැදීම පිණිස.

දෙවැනි හා තෙවැනි ලෝක නොමෑඩ් ක්‍රීඩා උළෙල ද කිරිගිස්තානයේ ම පැවති අතර 2016 උළෙලට රටවල් 62කින් තරගකරුවන් 1200ක් ඉසව් 26ක් සඳහා ද, 2018 උළෙලට රටවල් 82කින් තරගකරුවන් 2000ක් ඉසව් 37ක් සඳහා ද සහභාගි වුනා.


මේ ක්‍රීඩා උළෙල මීට පෙර අවසන් වතාවට පැවැත්වුනේ තුර්කියේ. 2022 වසරේ පැවති එම ක්‍රීඩා උළෙල ඉසව් 13කින් සමන්විත වූ අතර රටවල් 102කින් තරගකරුවන් 3000ක් ඊට සහභාගි වුනා.


Nomad 5 1මාස් රෙස්ලිං

 

ප්‍රථම ලෝක නොමෑඩ් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වූයේ උදිත පීරිස්. එහිදී ඔහු සාම්ප්‍රදායික මල්ලවපොර, ආම් රෙස්ලිං (Arm Wrestling) හා මාස් රෙස්ලිං (Mas Wrestling) ඉසව්වලට සහභාගි වී තිබෙනවා. ඉන්පසු ඔහු මේ දක්වා පැවති සෑම ලෝක නොමෑඩ් තරගාවලියන් සඳහා ද, 2019 සෞදි අරාබි එත්නො යුනිවර්ස් තරගාවලියේ සාම්ප්‍රදායික මල්ලවපොර, සාම්ප්‍රදායික බුද්ධිමය ක්‍රීඩා, මාස් රෙස්ලිං හා ආම් රෙස්ලිං ඉසව් සඳහා ද ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා.


Nomad 6 තුරඟ තරග, මල්ලවපොර, බුද්ධිමය ක්‍රීඩා, මාස් රෙස්ලිං, අශ්වයන් මත දුනු ශිල්පය, පක්ෂීන් සමග දඩයම් ක්‍රීඩා, අශ්වයන් පිට මල්ලවපොර තරග හා ජන ක්‍රීඩා ඇතුළු සාම්ප්‍රදායික ක්‍රීඩාවන් මීට ඇතුළත්


මෙවර ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ඉසව් 21කින්. තුරඟ තරග, මල්ලවපොර, බුද්ධිමය ක්‍රීඩා, මාස් රෙස්ලිං, අශ්වයන් මත දුනු ශිල්පය, පක්ෂීන් සමග දඩයම් ක්‍රීඩා, අශ්වයන් පිට මල්ලවපොර තරග හා ජන ක්‍රීඩා ඇතුළු සාම්ප්‍රදායික ක්‍රීඩාවන් මීට ඇතුළත්. මේ තරගවලදී රන් පදක්කම් 97ක් පිරිනැමීමට නියමිතයි.

 

Nomad 2මල්ලවපොර ක්‍රීඩා

මෙවර ක්‍රීඩා උළෙලේ මාස් රෙස්ලිං, කුරාෂ් කුරාෂ්, අලේෂ් බෙල්ට් රෙස්ලිං (Alysh Belt Wrestling), ටාටර් කොරෙස් (Tatar Kored), කසාක් කුරෙසි (Kazak Kuresi), අබා ගුරෙසි (Aba Guresi) යන මල්ලවපොර ක්‍රීඩා සඳහා ද Oware , මංගලා (Mangala) සහ තුර්ගිකුමාලක් (Togyzkumalak) යන සාම්ප්‍රදායික බුද්ධිමය ක්‍රීඩා සඳහා ද ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව WEC ශ්‍රී ලංකා නියෝජිත හා ශ්‍රී ලංකා ජන ක්‍රීඩා සම්මේලනයේ - Ethnosport Federation Sri Lanka - නිර්මාතෘ උදිත පීරිස් ප්‍රකාශ කරනවා.

 

Nomad 1පක්ෂීන් සමග දඩයම් ක්‍රීඩා

ශ්‍රී ලංකාවේ කොට්ටපොරය තරගකාරී ක්‍රීඩාවක් ලෙස ජාත්‍යන්තරයට ගෙන යාම පිණිස මේ සම්මේලනය මූලිකත්වයෙ ගෙන කටයුතු කරමින් සිටිනවා.


සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්