leader s

මතභේදාත්මක ඇල්ජීරියානු ඔලිම්පික් රන් පදක්කම්ලාභී බොක්සිං ක්‍රීඩිකා ඉමාන් කලීෆ්ගේ ‘ඩී.එන්.ඒ.’ පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රසිද්ධ කරන ලෙසට ‘හැරී පොටර්’ ලේඛිකා

ජේ.කේ.රෝලිං අභියෝග කරනවා.

කලීෆ්ගේ ස්ත්‍රී-පුරුෂ භාවය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයන් වෙනුවෙන් ඇය නීති මගට පිවිස සිටින්නේ සමාජ මාධ්‍ය ඔස්සේ තමාට හිරීහැර කිරීමේ චෝදනාවට මේ කතුවරිය ද නම් කරමින්.

 

Khalif 1 ඉමාන් කලීෆ් ඇගේ පැරිස් ඔලිම්පික් සාර්ථකත්වය සැමරීම පිණිස ඇගේ රූපශ්‍රීය ප්‍රචාරය කෙරෙන පිංතූර මුදා හැරීමෙන් පසුව ප්‍රථම වතාවට රෝලිං ඊයේ X/Twitter ඔස්සේ කතා කර තිබෙනවා.

සාමාන්‍යයෙන් සමාජ මාධ්‍යයේ බොහෝ විචාරයන් ලියන්නියක වන රෝලිං සති දෙකකට වැඩි කාලයක් තුළ පෝස්ටුවක් දමා නැති අතර කලීෆ් විසින් ගොනු කර තිබෙන නඩුව ට ද මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා තිබුනේ නැහැ. එහෙත් ඉමාන් කලීෆ් ඇගේ පැරිස් ඔලිම්පික් සාර්ථකත්වය සැමරීම පිණිස ඇගේ රූපශ්‍රීය ප්‍රචාරය කෙරෙන පිංතූර මුදා හැරීමෙන් පසුව ප්‍රථම වතාවට රෝලිං ඊයේ X/Twitter ඔස්සේ කතා කර තිබෙනවා.

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී අපකීර්තියට පත් කළ ඇගේ රන් පදක්කමේ සතුට බෙදා ගැනීම සඳහා කලී‌ෆ් ඇයගේ අලුත් නාරිමය පෙනුම ප්‍රදර්ශනය කළා. අලංකාරවත් දර්ශනයකට මාරුවීමට පෙර කැමරාව දෙසට මුෂ්ටි පහර එල්ල කරන අයුරු දැක්වෙන ‘ඉන්ස්ටග්‍රෑම්’ පෝස්ටුවක් ඇල්ජීරියානු ක්‍රීඩිකාව විසින් නිකුත් කර තිබුනා.

 

Khalif 4අලංකාරවත් දර්ශනයකට මාරුවීමට පෙර කැමරාව දෙසට මුෂ්ටි පහර එල්ල කරන අයුරු

සෘතුමය පින්ක් පාට මල් ගවුමක්, ඊට ගැළපෙන කරාබු, පින්ක් වර්ණයේ ඇසැඳුන් හා දිලිසෙන තොල් ආලේපයකින් සැරසුනු 25 හැවිරිදි ඉමාන් කලීෆ් ඇය දිනා ගත් ඔලිම්පික් බොක්සිං රන් පදක්කම මහත් ආඩම්බරයෙන් එම වීඩියෝවෙන් ප්‍රදර්ශනය කරමින් සිටියේ විශ්වාසයෙන් යුත් සිනාවකින් යුතුව.


සමාජ මාධ්‍ය ඔස්සේ ඉතාමත් සීඝ්‍රයෙන් පැතිර ගිය එම වීඩියෝවෙන් පෙන්නුම් කළේ කලීෆ්ගේ වැඩිවෙමින් තිබෙන ආනුභාවය. මේ ආන්දෝලනාත්මක බොක්සිං ක්‍රීඩිකාවගේ ‘ඉන්ස්ටග්‍රෑම්’ අනුගාමික පිරිස මිලියන 2.1 දක්වා ඉහළ නැග තිබෙන්නේ දිනෙන් දින වැඩිවන ඇයගේ ගෝලීය ක්‍රීඩා ලෝලී පදනම පිළිබිඹු කරමින්.

එහෙත් රෝලිං, පරිණාමීය ජීව විද්‍යාඥයෙක් විසින් ලියන ලද ලිංගිකත්වයේ විවේචනාත්මක ලිපියක් නැවත පෝස්ට් කරමින් කියා සිටින්නේ කලීෆ් කාන්තාවක් බවට ස්ථිර කර ගැනීම සඳහා ‘ඩී.එන්.ඒ.’ පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් කරන ලෙස.

Khalif 5 1

කොලින් රයිට් ජීව විද්‍යාඥයාගේ ලිපිය රෝලිං විසින් X වේදිකාවේ මෙසේ උපුටා දක්වා තිබෙනවා: “මහජන සම්බන්ධතා මෙහෙයුමක් දියත් කරමින් සහ ඝනකමට මේක්අප් තට්ටු ගණන් ආලේප කරමින් සිටිනවාට වඩා ‘ඩී.එන්.ඒ.’ පරීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රසිද්ධ කිරීමට ගතවන්නේ ඉතාමත් අඩු කාලයක් හා උත්සාහයක් බව පෙන්වා දීම මෙහිදී වැදගත් වනවා.”


තමාව අන්තර්ජාලයෙන් විවේචනයට ලක් කිරීම සම්බන්ධයෙන් ප්‍රංශ ඔන්ලයින් කරදර හිරිහැර කිරීමේ නීතිය යටතේ කලීෆ් විසින් පවරා තිබෙන නඩුවට රෝලිං හා X හිමිකරු ඊලොන් මස්ක් යන දෙදෙනා ම නම් කර තිබෙනවා.

 

JK Rowling Imane Khelif Elon Musk 081424 tout b9af28e435db42f7bf3f9d4ff227df10ප්‍රංශ ඔන්ලයින් කරදර හිරිහැර කිරීමේ නීතිය යටතේ කලීෆ් විසින් පවරා තිබෙන නඩුවට රෝලිං හා X හිමිකරු ඊලොන් මස්ක් යන දෙදෙනා ම නම් කර තිබෙනවා.

එහෙත් මේ දෙදෙනා උසාවියක විත්ති කූඩුවට නැංවීමේ හැකියාව ඉතා දුරස්ථ බව නීති විශාරදයන් පෙන්වා දෙන්නේ, රෝලිං බන්ධනාගාරයට යැවීමෙන් මේ මතභේදය අවසන් වනු ඇති බවට සිද්ධියෙන් කෝපයට පත්ව සිටින සංක්‍රාන්ති ලිංගික ක්‍රියාකාරීන් අපේක්ෂා කරමින් සිටින මොහොතක.


සටහන :
warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්