ඉන්දියාවේ ශීටාල් දේවි (Sheetal Devi) ඇගේ දුන්න අහුලා ගෙන, ඊතලයක් දමා ඇගේ ඉලක්කයට කුරුමානම අල්ලන්නේ ඉතාම සැලැකිල්ලෙන් යුතුව.
වෙනසකට තිබෙන්නේ දේවි සිටින්නේ පුටුවක ඉඳගෙන. දකුණු පාදයෙන් දුන්න ඉහළට ඔසවන ඇය ඇගේ උරහිසෙන් නූල පසුපසට ඇද ඊතලය මුදා හරින්නේ හක්කේ ශක්තියෙන්. මේ සියල්ල කරන අතරතුර වෙනස් නොවන එකම දෙය වනුයේ දේවිගේ සන්සුන් ලීලාව.
ඉන්දියාවේ ජම්මු දිස්ත්‍රික්කයෙන් පැවත එන 17 හැවිරිදි ශීටාල් දේවි මෙලොව එළිය දැක තිබෙන්නේ Phocomelia නමැති උපතේ සිට පැවතෙන විරල ආබාධයකින් යුතුව. මේ අනුව ඇය, දෑත් නැතිව තරග කරන කාන්තා දුනුවිදීමේ ක්‍රීඩිකාවන් ස්වල්ප දෙනෙකුගෙන් කෙනෙකු බවට පත්ව සිටිනවා.
ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභිනිය දැන් පැරිසියේ පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වෙමින් සිටිනවා.
“මම රන් පදක්කම දිනා ගැනීමේ ප්‍රබෝධයෙන් සිටිනවා” යනුවෙන් දේවි කියනවා. “මේ දක්වා මම දිනා ගත් පදක්කම් දකින විට, තවත් පදක්කම් දිනා ගැනීමේ ආවේගයක් මට එනවා. මම මේ පටන් ගත්තා විතරයි.”
Compound Open ඉසව්වේ කාන්තා අංශයේ ශීටාල් දේවි වර්තමානයේ ශ්‍රේණිගතව සිටින්නේ ලෝකයේ අංක 1 ට
දුනුවිදීම ඔලිම්පික් ක්‍රීඩාවක් බවට පත්ව තිබෙන්නේ 1960 වසරේ මංගල පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ සිට. මහා බ්‍රිතාන්‍ය, අමෙරිකා එක්සත් ජනපදය හා දකුණු කොරියාව වැනි රටවල් මේ තරග බිමේ පදක්කම් සටහනේ ආධිපත්‍ය පතුරුවා ගෙන තිබියදී ඉන්දියාව මෙතෙක් පැවති මේ ක්‍රීඩා උළෙල 17න් ම ලබා ගෙන තිබෙන්නේ තනි ලෝකඩ පදක්කමක් පමණයි.
පැරා-දුනුවිදින්නන් තරග කොටස්වලට බෙදා තිබෙන්නේ ඔවුන්ගේ ශාරීරික දුබලතාවේ අමාරුව අනුව. ඔවුන් ඊතලය විදිය යුතු දුර ප්‍රමාණය ද වර්ගීකරණ ක්‍රමවේදය මත වෙනස් වන අතර ඒ අනුවයි දුනුවිදින්නෙකුට රෝද පුටු වැනි ආධාරක උපකරණ භාවිතා කළ හැකිදැයි තීරණය කෙරෙන්නේ.
2023 වසරේදී ඇය පැරා-දුනුවිදීමේ ලෝක ශූරතාවලියේ රිදී පදක්කම දිනා ගත් අතර ඇයට පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙ සඳහා සුදුසුකම් ලැබීමට ඒ දක්ෂතාව උපකාරී වුනා.
Compound Open ඉසව්වේ කාන්තා අංශයේ ශීටාල් දේවි වර්තමානයේ ශ්‍රේණිගතව සිටින්නේ ලෝකයේ අංක 1 ට. 2023 වසරේදී ඇය පැරා-දුනුවිදීමේ ලෝක ශූරතාවලියේ රිදී පදක්කම දිනා ගත් අතර ඇයට පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙ සඳහා සුදුසුකම් ලැබීමට ඒ දක්ෂතාව උපකාරී වුනා. පැරිසියේදී ඇයට මුහුණ දීමට සිදුව තිබෙන්නේ ලොව අංක 3 ට ශ්‍රේණිගතව සිටින Jane Karla Gogel හා ලෝක ශූරිය වන Oznur Cure ඇතුළු මේ ඉසව්වේ සිටින ප්‍රබලතම තරගකාරියන්ට.
නමුත් ඇය ගැන දන්නා අය කියන්නේ මේ ක්‍රීඩාව කරමින් ජය ගැනීම දෛවය විසින් කලින් ම දේවි ට නියම කර ඇති බව.
ශීටාල් දේවි දුනුවිදීම තෝරා ගත්තේ නැහැ. දුනුවිදීම ශීටාල්ව තෝර ගත්තා”
“ශීටාල් දේවි දුනුවිදීම තෝරා ගත්තේ නැහැ. දුනුවිදීම ශීටාල්ව තෝර ගත්තා” යනුවෙන් පවසන්නේ දේවිගේ ජාතික පුහුණුකරුවන් දෙදෙනාගෙන් කෙනෙකු වන Abhilasha Chaudhary.
ගොවි පවුලකට දාව කුඩා ගම්මානයක උපන් දේවි වයස අවුරුදු 15 වනතුරු ම දුන්නක් හා ඊතලයක් දැක තිබුනේ නැහැ. ඇයගේ හැරවුම් ලක්ෂ්‍යය පැමිණියේ ඇගේ නිවසේ සිට කිලෝමීටර් 200ක් පමණ ඈතින් තිබෙන Shri Mata Vaishno Devi Shrine Board ක්‍රීඩා සංකීර්ණයට 2022 වසරේදී ඇය පැමිණි මොහොතේ. දේවි එහි ගියේ ඇය අඳුනන කෙනෙකුගේ රෙකමදාරුවක් මත. එහිදී ඇයට Chaudhary හා ඇගේ අනෙක් පුහුණුකරු වන Kuldeep Vedwan මුණගැසුනු අතර ඔවුන් දේවි දුනුවිදීමේ ලෝකයට හඳුන්වා දුන්නා. ඇය ඉක්මනින් ම කත්රා නගරයේ පුහුණු කඳවුරකට මාරු වුනා.
පුහුණුකරුවන් මුහුණ දුන් ලොකුම අභියෝගය වූයේ දේවිගේ කකුල් හා ශරීරයේ උඩ කොටසෙන් හැකි තරම් උපරිම ශක්තිය ලබා ගැනීම යි.
පුහුණුකරුවන් මුහුණ දුන් ලොකුම අභියෝගය වූයේ දේවිගේ කකුල් හා ශරීරයේ උඩ කොටසෙන් හැකි තරම් උපරිම ශක්තිය ලබා ගැනීම යි. ලිවීම හා මිතුරියන් සමග ගස් නැගීම ඇතුළු නොයෙකුත් ක්‍රියාකාරකම්වල යෙදීම සඳහා වසර ගණනාවක් තිස්සේ තමාගේ දෙපා පාවිච්චි කිරීමෙන් පාදවලට අවශ්‍ය ශක්තිය ලබා ගත් බව දේවි කියනවා.
ඇය නැවත ඇගේ නිවසට යාමට සැලසුම් කර තිබෙන්නේ පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අවසන් වීමෙන් පසුව පදක්කමකින් ගෙල සරසා ගෙන.
දේවි ට තරග කිරීම සඳහා ගැලපෙන උපකරණයක් මිලදී ගැනීමට තරම් වත්කමක් ඇයගේ පවුලේ අයට නොතිබූ බැවින් ඇය වෙනුවෙන් දුන්නක් නිර්මාණය කිරීමේ කාර්යය පුහුණුකරු Vedwan බාර ගත්තා.
පුහුණුව සඳහා මීට වසර දෙකකට පෙර කත්රා නගරයට පැමිණි දා පටන් මේ දක්වා එක් වතාවක් හෝ ශීටාල් දේවි ආපසු ඇගේ නිවසට ගොස් නැහැ. ඇය නැවත ඇගේ නිවසට යාමට සැලසුම් කර තිබෙන්නේ පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අවසන් වීමෙන් පසුව පදක්කමකින් ගෙල සරසා ගෙන.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






