leader s

ඉතාලියේ පැරාලිම්පික් කෙටි දුර ක්‍රීඩක අලෙසාන්ද්‍රෝ ඔසෝලා (Alessandro Ossola) ඔහුගේ ඉසව්වෙන් පරාජය වූව ද

විශිෂ්ට රොමැන්ටික් ක්‍රියාවකින් දහස් සංඛ්‍යාත පැරාලිම්පික් ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් දිනා ගැනීමට සමත් වුනා.

2024 පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 T63 ඉසව්වේදී 36 හැවිරිදි ඔසෝලා ට අවසාන තරගයට සුදුසුකම් ලැබීමට හැකිවුනේ නැහැ.

tetrtf

එහෙත් පරාජයට පත්වූ වහාම ක්‍රීඩා මණ්ඩපයේ සිටි තමාගේ මවුපියන් හා අරියානා මැන්ඩරාඩොනි (Arianna Mandaradoni) පෙම්වතිය වෙත මඳ වේගයෙන් දුව ගිය ඔහු ඇය ඉදිරියේ දණක් වැටී තමා විවාහ කර ගන්නේද යන ප්‍රශ්නය ඇසුවා.

“ඔයාට පිස්සු, ඔයාට පිස්සු” යැයි කියමින් ඇය “ඔව්” කියා පිළිතුරු දුන්නේ ඔහුව සිප ගනිමින්.

ඔසෝලා තරගයෙන් පසුව මෙසේ කියා සිටියා.

sert3425

“මම අවාසනාවන්තයි. මට අවසාන තරගයට එන්න බැරිවුනා. මම ඒ ගැන හිටියේ හරිම දුකෙන්. නමුත් මිනිත්තු තුනකට පස්සෙ, මම හිටියේ හරිම සතුටින්. ජීවිතය හරි පුදුමයි.”


ඔසෝලා ඔහුගේ විවාහ යෝජනාවේ වීඩියෝව ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට පෝස්ට් කළා.

ලෝක පැරා මලල ක්‍රීඩා සම්මේලනය ඉන්ස්ටග්‍රෑම් හි මේ විවාහ යෝජනාව බෙදා ගත්තේ ඔසෝලා ඔහුට මැන්ඩරාඩොනිගෙන් ලැබෙන සහයෝගය විස්තර කළ සටහන ද සමග.

fre4535f

“ඇය මගේ හැම තරගයක්ම බලන්න එනවා. මට ඇයව මුණගැසුනේ 2019 වසරේ ගිම්හානයේ මම ඉතාලියේ සැන්රේමෝ නගරයට වෙලා කිසිම දෙයක් නොසොයා ඔහේ නිවාඩුවේ ඉන්න විටදී. ජීවිතය අමුතුයි. සමහර අවස්ථාවල විස්මයජනක දිනයෙක තමාගේ ගමන හොඳින් සිද්ධ වෙන්නේ නැති වෙලාවේ ජීවිතය විසින් එය වෙනස් කරනවා.”

“අපේ සම්බන්ධතාව දිය සුළියක් වගෙයි. මොකද, හැම ක්‍රීඩකයෙකුටම ඔහුව ඉදිරියට තල්ලු කරන්න ඔහු වටා මිනිස්සු සිටීම අවශ්‍යයි.”

“සමහර අවස්ථාවල, මම මගේ ගැන විශ්වාස කරනවාට වඩා ඇය මා ගැන විශ්වාස කරනවා. ඒක ඇත්තටම විස්මිත දෙයක්. ‘ඔයාට පුළුවන්. ඔයාට සාර්ථක වෙන්න පුළුවනි. ඔයාට පුළුවන්, ඔයාට පුළුවන්’ කියල එයා කියනවා. මේක තමයි හැමෝටම අවශ්‍ය දේ. එයා වගේ කෙනෙක්ව හැම දෙනාටම හොයා ගන්න පුළුවන් වේවි කියල මම ප්‍රාර්ථනා කරනවා. ඇය මගේ සහකාරිය යි...මගේ ජීවිතය යි” යනුවෙන් අලෙසාන්ද්‍රෝ ඔසෝලා පවසනවා.

2015 වසරේ සිදුවූ මෝටර් සයිකල් අනතුරකින් ඔසෝලා ට ඔහුගේ පළමු බිරිඳ අහිමි වූ අතර ඔහුගේ වම් පාදයේ ලොකු කොටසක් කපා ඉවත් කිරීමට ද සිදුවුනා.

rt34534dd

“මම ධනාත්මක මිනිහෙක්. නමුත් ආරම්භයේදී හරිම අමාරු වුනා” ඔසෝලා කියනවා. “නමුත් ඒ අන්ධකාරයෙන්, කැලඹිල්ලෙන් මිදෙන්න ක්‍රීඩාව මට උදව් කළා.”



ක්‍රීඩාවට තිබෙන තමාගේ ආශාව පැරා ක්‍රීඩාවන් සඳහා යොමු කරමින් ඔසෝලා 2021 වසරේදී ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබ අවසාන තරගයට පිවිසීමෙන් පසුව හය වැනි ස්ථානයට පත්වුනා.

ශෝචනීය අතීතයක් හමුවේ දීප්තිමත් අනාගතයක් සොයා ගැනීම සඳහා පැරා ක්‍රීඩාව ඔහුට උපකාරී වී තිබියදී, ආබාධිත ක්‍රීඩකයන් කෙරෙහි ජනතාවගේ තිබෙන හැඳින ගැනීම වෙනස් කිරීමට මේ වසරේ පැරාලිම්පික් ක්‍රීඩා උළෙල උපකාරයක් වනු ඇතැයි ඔහු ප්‍රාර්ථනා කරනවා.

“මම කැමති නැහැ මිනිස්සු ‘ඔබ ආබාධිතයි නමුත් ඔබ පැරාලිම්පික්ස් යනවා’ කියල කියනවාට” යනුවෙන් ඔසෝලා ප්‍රකාශ කරනවා. “ඒක එහෙම දෙයක් නෙවෙයි. කෙනෙක් පැරාලිම්පික්ස් යන්නේ ඔහු ලෝකයේ ඉන්න හොඳම ක්‍රීඩකයෙක් නිසයි. මම මෙතැනට ඇවිත් ඉන්න එක ගැන මට ආඩම්බර වන්නේ ඒ නිසයි.”

අලෙසාන්ද්‍රෝ ඔසෝලා 40,000ක සෙනඟක් ඉදිරියේ අරියානා මැන්ඩරාඩොනි ට විවාහ යෝජනාව ඉදිරිපත් කිරීම ඛේදවාචකයක් සුරංගනා කතන්දරයක් බවට පත්වීමක්.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.වර්නන් ගුණසේකර

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්