leader s

පෘතුගාලයේ පාපන්දු පුරාවෘත්තය වන ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ගෝල් 900ක් ලබා ගත් පාපන්දු ඉතිහාසයේ පළමු ක්‍රීඩකයා බවට පත්ව සිටිනවා.

39 හැවිරිදි රොනාල්ඩෝ මේ ‌ෙඑතිහාසික ගෝලය ලබා ගැනීමට සමත් වූයේ පෘතුගාලය ගෝල් 2-1කින් ජය ගත් ක්‍රොඒෂියාව ට එරෙහි නේෂන්ස් ලීග් තරගයේදී. මෙය ඔහුගේ ක්‍රීඩා දිවියේ 1230 වැනි තරගය වී තිබුනා.

රොනාල්ඩෝගේ පළමු ගෝලය වාර්තා වන්නේ 2002 ඔක්තෝබර් 7 වැනිදා පෘතුගාලයේ Sporting Lisbon ක්‍රීඩා සමාජ කණ්ඩායම නියෝජනය කරමින් Moreirense පිලට එරෙහිව පැවති ලීග් තරගයේදී. ඔහු මේ ගෝලය ලබා ගෙන තිබෙන්නේ පන්දුව සමග තනිව දුවමින් වීම විශේෂත්වයක්.

 

රොනාල්ඩෝ තවමත් ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුව මුදුනේ

එහෙත් ඔහු වැනි සුපිරි විශ්වාසයක් තිබෙන ක්‍රීඩකයෙකු පවා ඊට වසර 22කට පසුවත් ක්‍රීඩා සමාජ හා ජාත්‍යන්තර තරග බිමේ පෙලහර පාමින් සහ තවදුරටත් ගෝල් ලබා ගනිමින්, ගෝල් 900ක් පසු කරාවි කියා කිසිවෙකුත් අනාවැකි පළ නොකරන්නට ඇත.

ගෝල් 100කට ළඟා වීම පිණිස රොනාල්ඩෝ ට ගතවූයේ වසර පහකට මඳක් වැඩිවූ කාලයක් පමණයි. 2008 වසරේ ජනවාරි 27 වැනිදා ඔහු තමාගේ ශතක ගෝලය වාර්තා කළේ එංගලන්තයේ Tottenham කණ්ඩායමට එරෙහිව පෙනල්ටියක් එල්ල කරමින්.

ඊට වසර හතකට පසුව මේ ඉදිරි පෙල සුපිරි ක්‍රීඩකයා 2015 වසරේ සැප්තැම්බර් 30 වැනිදා ස්වීඩනයේ Malmo කණ්ඩායමට එරෙහිව චැම්පියන්ස් ලීග් මූලික වට තරගයේදී ඔහුගේ 500 වැනි ගෝලය වාර්තා කළා.

 

පුවත් - Results from #8085
ඉතිරි ගෝල් 400 ලබා ගැනීමට රොනාල්ඩෝ ට ගතව තිබෙන්නේ අවුරුදු නවයකට අඩු කාලයක්. මේ සමග ඔහු ගෝල් 1000ක් කරා යන ගමනක සියයට 90ක් සම්පූර්ණ කළ පළමු පුද්ගලයා බවට පත්ව සිටිනවා.

ගෝල් 800ක් පසුකළ අනෙක් එක ම පාපන්දු ක්‍රීඩකයා බවට පත්ව සිටින්නේ රොනාල්ඩෝගේ දීර්ඝ කාලීන ප්‍රතිවාදියා වන ආජන්ටිනාවේ ලයනල් මෙසී. ඔහු දැන් ක්‍රීඩා සමාජ හා රට වෙනුවෙන් ගෝල් 838ක් වාර්තා කර සිටිනවා.

පෘතුගාලයේ රොනාල්ඩෝ ඔහුගේ දිගු කාලීන ක්‍රීඩා දිවිය තුළ සංචාරය කළ ලොව සෑම තැනකම ගෝල් ලබා ගෙන සිටීම තවත් විශේෂත්වයක්.

රොනාල්ඩෝ ඔහුගේ ජාතික කණ්ඩායම වෙනුවෙන් පමණක් ගෝල් 130ක් ලබා ගෙන සිටින අතර පෘතුගාල කණ්ඩායම වෙනුවෙන් රොනාල්ඩෝගේ පළමු ගෝලය වාර්තා වී තිබෙන්නේ 2004 Euro මූලික වටයේදී ග්‍රීසියට ගෝල් 2-1කින් පරාජය වූ තරගයේ.

 

පාපන්දු : ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගෙන් නව ලෝක වාර්තාවක්
ස්පාඤ්ඤයේ Real Madrid ක්‍රීඩා සමාජ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ වසර නවයක කාලය තුළ රොනාල්ඩෝ තරග 438කදී ගෝල් 450ක් ලබා ගෙන ඇත්තේ තරගයකට ගෝලයකට වඩා වැඩියෙන් සටහන් කරමින්.

ඊට පෙර ඔහු එංගලන්තයේ Manchester United කණ්ඩායම වෙනුවෙන් 2003 සිට 2009 දක්වා කාලය තුළ තරග 346කට ක්‍රීඩා කරමින් ගෝල් 145ක් ලබා ගත්තා.

රොනාල්ඩෝ ඉතාලියේ ගතකළේ වසර තුනක් පමණක් වූව ද එහිදී ඔහු Juventus කණ්ඩායම වෙනුවෙන් ගෝල් 100ක් පසු කිරීමට පවා සමත් වුනා.

මේ පාපන්දු තරුව ඔහුගේ ගෝල්වලින් වැඩි ප්‍රමාණයක් ලබා ගෙන තිබෙන්නේ පිටියේ වම් පසෙන් ක්‍රීඩා කරමින්. ‘ලෙෆ්ට් විං’ ස්ථානයේ සිට ඔහු වාර්තා කළ ගෝල් සංඛ්‍යාව 362ක්.

මේ අතර රොනාල්ඩෝ ‘සෙන්ට ෆෝවඩ්’ ස්ථානයේ ක්‍රීඩා කරමින් ගෝල් 285ක් සහ දකුණු අත පැත්තෙන් ක්‍රීඩා කරමින් තවත් ගෝල් 83ක්ද ලබා ගෙන තිබෙන්නේ ඔහුගේ සුවිශේෂී ක්‍රීඩාව මනාව ප්‍රදර්ශනය කරමින්.

ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගෙන් 2023 වසරේ 50 වැනි ගෝලයක්

 

ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගේ ජනප්‍රියතම තරගාවලිය La Liga නමැති ස්පාඤ්ඤ ලීගය වන අතර එම තරග බිමේදී ඔහු තරග 292කින් ගෝල් 311ක් ලබා ගැනීමට සමත් වුනා. එහෙත් චැම්පියන්ස් ලීගයේ ඔහු ලබා ගත් අතිවිශිෂ්ට ගෝල් 140 බොහෝ විට රොනාල්ඩෝගේ වඩාත්ම චමත්කාරජනක හා කිසිදිනෙක බිඳිය නොහැකි වාර්තාවක්.

මේ පුරාවෘත්ත පාපන්දු ක්‍රීඩකයාට ගෝල් දහසක් ලබා ගැනීමට හැකිවේවිද යන්න අනාගතයට භාර දෙයක් වනුයේ රොනාල්ඩෝ දැන් තරග පිටියෙන් පිටත ජීවිතය පිළිබඳව අවධානය යොමුකර සිටින නිසා.

 

Cristiano: රොනාල්ඩෝගේ අලුත් යූටියුබ් චැනලය ආරම්භයේදීම වාර්තාගත ආදායම් ලබයි
ලොව පුරා විසිරී සිටින තමාගේ ක්‍රීඩා ලෝලීන්ට වඩාත් සමීප වීමේ අදිටනින් රොනාල්ඩෝ මෑතකදී ඔහුගේ ම යූටියුබ් චැනලයක් ආරම්භ කළ අතර එය දැනටමත් මිලියන 15ක දායකත්වයක් උපයා ගෙන තිබෙනවා.

වයසට යමින් සිටින ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ට තවත් වසර පහක් ක්‍රීඩා කරමින් ගෝල් 1000කට ළඟා වීමට හැකිවේවිද?


Cristiano: රොනාල්ඩෝගේ අලුත් යූටියුබ් චැනලය ආරම්භයේදීම වාර්තාගත ආදායම් ලබයි
*වැඩිම ගෝල්ලාභීන් දස දෙනා:

1. ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ (පෘතුගාලය) - තරග 1230කින් ගෝල් 900 (වසර 2002 - වර්තමානය)
2. ලයනල් මෙසී (ආජන්ටිනාව) - තරග 1091කින් ගෝල් 838 (වසර 2004 - වර්තමානය)
3. පේලේ (බ්‍රසීලය) - තරග 1362කින් ගෝල් 762 (වසර 1957 – 1977) 
4. රොමාරියෝ (බ්‍රසීලය) - තරග 768කින් ගෝල් 755 (වසර 1985 – 2007)
5. ෆරන්ක් පුස්කස් (හංගේරියාව) - තරග 620කින් ගෝල් 724 (වසර 1943 – 1966)
6. ජෝසෆ් බීකන් (චෙකොස්ලොවේකියාව) - තරග 451කින් ගෝල් 722 (වසර 1931- 1955)
7. ජිමී ජෝන්ස් (උතුරු අයර්ලන්තය) - තරග 497කින් ගෝල් 648 (වසර 1947 – 1964)
8. ගර්ඩ් මුල (ජර්මනිය) - තරග 618කින් ගෝල් 634 (වසර 1964 – 1981)
9. රොබට් ලෙවන්ඩවුස්කි (පෝලන්තය) - තරග 927කින් ගෝල් 634 (වසර 2008 - වර්තමානය)
10. ජෝ බැම්බ්රික් (උතුරු අයර්ලන්තය) - නොදන්නා තරග සංඛ්‍යාවකින් ගෝල් 629 (වසර 1926 – 1943)  

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්