leader s

ස්පාඤ්ඤයේ Pontevedra නුවර පැවැත්වෙන වයස 20න් පහළ ලෝක ශූරතා මල්ලවපොර ශූරතාවලියේ ඊයේ (06) පැවැති

කාන්තා කි.ග්‍රෑ. 53 බර පන්තියේ ලෝකඩ පදකක්ම දිනාගැනීමට නෙත්මි අහිංසා ප්‍රනාන්දු සමත් වූවාය.

මෙය ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසයේ ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාවක් දිනූ උසස්ම පදක්කමක් ලෙස සැලකෙයි.

jhernr33
එමෙන්ම ඇය මෙහිදී විනාඩි 08කට වැඩි කාලයක් තරගයේ නිතර වී ඇති අතර, එය එතෙක් මෙතෙක් මෙරට මල්ලවපොර ක්‍රීඩිකාවක් වැඩි වේලාවක් තරගයේ රැඳී සිටි අවස්ථාව ලෙසින්ද සැලකෙයි.

නෙත්මි සිය ලෝඩක පදකක්ම වෙනුවෙන් වූ තීරණාත්මක තරගයේදී රුසියානු ක්‍රීඩිකාව තරග වට 3-1(6-2) ලෙස පහසුවෙන් පරාජය කළාය.

ser45

තරගාවලිය ආරම්භ කරමින් ඇය සහභාගි වූ මූලික තරගයෙන් කසක්ස්තාන ක්‍රීඩිකාව තරග වට 4-0 (10-0) ලෙස පහසුවෙන් පරාජය අතර, මුහුණ දුන් දෙවැනි තරගයෙන් බල්ගේරියානු ක්‍රීඩිකාව ද තරග වට 4-0 (10-0)ක් ලෙස පරාජය කළහ.

එමෙන්ම ඇය අර්ධ අවසන් පූර්ව වටයේදී හංගේරියානු ක්‍රීඩිකාවක් සමග තරග වැදුණු අතර, එම තරගයෙන්ද ඇය තරග වට 4-1ක පහසු ජයක් ලැබීය.

stw454
කෙසේ නමුත් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවති අවසන් පූර්ව තරගයේදී ඇය චීන ක්‍රීඩිකාවක් හමුවේ තරග වට 5-0ක් ලෙස පරාජය වූවාය.

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඇතුළු ජාත්‍යන්තර තරග ඉසව් රැසකදීම නෙත්මි මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනා ඇත.

sert43634
නෙත්මිගේ ප්‍රධාන පුහුණුකරු ලෙස සුරංග කුමාර කටයුතු කරයි.

මෙම තරගාවලියට නෙත්මිට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිපුනි වාසනා සහභාගී වූ අතර, ඇය කි.ග්‍රෑ. 50 බර පන්තියෙන් තරග වැදුණාය. කෙසේ නමුත් ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් සමග කරට කර සටනක් දුන්න ද ඇයට පදක්කමක් දිනාගැනීමට නොහැකි වූවාය.

(adaderana.lk)

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්