leader s

පැරිස් ප්‍රේම නගරයේ Stade de France ක්‍රීඩාංගණය මීට සති කිහිපයකට පෙර දුටු භූමිකාවක දෙකොන් මාරු වූ සුන්දර දර්ශනයකි එය.


අගෝස්තු මුලදී, ක්‍රීඩා මණ්ඩපයේ සිට ටාරා ට ‘චියර්’ කරමින් සිටියේ හන්ට. ඒ ඇය ඔලිම්පික් දුර පැනීම ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් අවස්ථාවේ. නමුත් සැප්තැම්බර් මුලදී උදා වූයේ හන්ටගේ වාරයයි. ඔහු පැරාලිම්පික් මීටර් 400 T62 ඉසව්වේ රන් පදක්කම දිනා ගනිද්දී ටාරා ක්‍රීඩා මණ්ඩපයේ සිට අත්පොළසන් දෙමින් ඔහුට ‘චියර්’ කළා.

රන් පදක්කම දිනා ගැනීමෙන් පසුව අමෙරිකානු පැරා මලල ක්‍රීඩක හන්ට වුඩ්හෝල් (Hunter Woodhall) ක්‍රීඩා මණ්ඩපයේ සිට තරගය නරඹමින් සිටි ඔහුගේ බිරිඳ වන ටාරා ඩේවිස්-වුඩ්හෝල් (Tara Davis-Woodhall) සොයා ගෙන ඇවිත් දෙදෙනා එකට එක්ව ජයග්‍රහණය සැමරුවා. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ද, රන් දිනා ගැනීමෙන් පසුව ටාරා ක්‍රීඩා මණ්ඩපයේ සිටි සෙනඟ අතරින් හන්ට සොයා ඇවිත් එකිනෙකා වැළඳ ගෙන ප්‍රීති වූ මොහොත සමාජ මාධ්‍යයේ ජනප්‍රිය වූයේ ඉතාමත් වේගයෙන්.

xdge4t645
25 හැවිරිදි මේ විවාහක රන් පදක්කම්ලාභීන් දෙදෙනා දැන් ප්‍රසිද්ධව සිටින්නේ ‘පැරිස් 2024 රත්තරං ජෝඩුව’ ලෙසින්.

මේ යුවලගේ ආදර අන්දරය ආරම්භ වන්නේ දෙදෙනා 17 වැනි වියේ පසුවෙමින් සිටියදී සහභාගි වූ අයිඩහෝ අමෙරිකානු ප්‍රාන්තයේ පැවති උසස් පාසලේ අවසන් වසරේ මලල ක්‍රීඩා තරග බිමකින්. ඒ වන විට හන්ට යූටා ප්‍රදේශයේ ජීවත් වෙමින් සිටි අතර ටාරා කැලිෆෝනියාවේ වෙසෙමින් සිටිය ද හන්ටගේ එක් තරගයකින් පසුව ටාරා පැමිණ ඇයව හඳුන්වා දීමෙන් පසුව දෙදෙනා මිතුදමක් ඇතිකර ගත්තා.

sdtw5we
“එයාව දැකපු මට එයා බොහොම සිත් ගන්නා කෙනෙක් ලෙස හැඟුනා” යනුවෙන් ටාරා පවසන්නේ සිනාසෙමින්. “එයා සහභාගි වෙමින් හිටියේ මීටර් 400 ඉසව්වට. මම ධාවන පථයට ගිහිං එයාට හාදුවක් දීලා ‘මට මේක කරන්න සිද්ධ වුනේ ඇයි කියල මම දන්නේ නැහැ, නමුත් මට ඔයාව සිපගන්න ඔ්න’ කියා මම කීවා.”



හන්ට මෙසේ කියා සිටියා: “මම මිටර් 400 දුවලා ඉවර වෙච්ච ගමන් නිසා ඒ මොහොතේ මම හිටියේ කොතනද කියල මට එච්චර විශ්වාසයක් තිබුනේ නැහැ. නමුත් ටාරා කවුද කියා මම දැන හිටියා. එයා අනෙක් අයට වඩා වෙනස් බවත් එයාගේ මොකක්දෝ විශේෂත්වයක් තිබෙන බවත් මට දැනුනා.”

“අපි ගොඩ කාලයක් එකිනෙකා අතර පණිවුඩ හුවමාරු කර ගනිමින් හිටියා. අපි හිටියේ යහළුවන් විදියට. ඊට පස්සෙ අපි කොලෝජ් යාමට පෙර එයා මට චාන්ස් එකක් දුන්නා. අපි එකිනෙකා මුණගැසෙන්න පටන් ගත්තා. ඉතුරු හරිය ඉතිහාසගතයි.”

2017 වසරේ ප්‍රථම වතාවට උසස් පාසල් තරග බිමේ මුණගැසී වසර පහකට පසුව දෙදෙනා විවාහ වුනා.

zdfw435243

මලල ක්‍රීඩාවේ ඉහළ ම තලයට පිවිසීමේ හන්ට වුඩ්හෝල්ගේ ගමන අභියෝගවලින් පිරුණු එකක්. ඔහු උපන්නේ fibular hemimelia නමැති කෙණ්ඩයේ කුඩා ඇටය කෙටිවීම හෝ නැතිවීමේ ආබාධිත තත්ත්වයෙන්. මේ හේතුවෙන් ඔහුට වයස මාස 11ක්ව තිබියදී ඔහුගේ පාද දෙක ම කපා දැමුනේ හන්ටගේ දීර්ඝ ආයුෂ තත්ත්වය වර්ධනය කිරීම පිණිස.

xfge4534
කෙසේ වෙතත්, මේ සියළු බාධක බිඳ දමමින් ඉදිරියට ගිය වුඩ්හෝල් සාර්ථක උසස් පාසල් හා කොලේජ් මලල ක්‍රීඩකයෙකු බවට පත්වූයේ සිය ගමන් ම‌ඟේදී වාර්තා බිඳ දමමින් හා ඉතිහාසය නිර්මාණය කරමින්.

ජාත්‍යන්තර වේදිකාවේ ඔහු ප්‍රථම වතාවට ලෝකයාගේ අවධානය යොමු කර ගත්තේ 2016 රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 200 T44 ඉසව්වේ රිදී පදක්කම හා මීටර් 400 තරගයේ ලෝකඩ පදක්කම දිනා ගනිමින්.

ටාරා සහ හන්ට යන දෙදෙනා ම විවාහ වීමට වසරකට පමණ පෙර ටෝකියෝ ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා බිමේ තරග වැදුනා.

කොවිඩ් වසංගතය හේතුවෙන් 2020 සිට 2021 වසර දක්වා ප්‍රමාද වෙමින් ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලෙ පැමිණි විට වුඩ්හෝල් ඔහුගේ වැඩිවෙමින් තිබූ පදක්කම් ගොන්නට මීටර් 400 T62 ඉසව්වෙන් තවත් ලෝකඩ පදක්කමක් එකතු කර ගත්ත ද තවමත් යම් දෙයක් අඩු වී තිබුනා. ඒ, රන් පදක්කමක්.

dtw4543
2024 පැරිස් තරග බිම ඔහුගේ මේ පදක්කම් කට්ටලය සම්පූර්ණ කිරීමට අවශ්‍ය වේදිකාව සකස් කර දුන් අතර හන්ට වුඩ්හෝල් ඔහුගේ හැකියාවන් උපරිම සීමාව දක්වා තල්ලු කරමින් පදක්කම් පිරිනමන කුඩා වේදිකාවේ ඉහළම අඩියට පිවිසියේ අමෙරිකානු මීටර් 100x4 පොදු සහාය දිවීමේ කණ්ඩායමේ සාමාජිකයෙකු වශයෙන් ලෝකඩ පදක්කමක් ද දිනා ගනිමින්.

කෙටි දුර ධාවනය හා දුර පැනීම යන එකිනෙකට වෙනස් මලල ක්‍රීඩාවන් සඳහා එකිනෙකට වෙනස් ක්‍රමවලින් පුහුණු වූව ද, ටාරා සහ හන්ට දිනපතා පුහුණුවේ යෙදෙන්නේ එකට. ඔවුනොවුන්ගේ පුහුණු වීම වීඩියෝගත කරන මේ දෙදෙන එකිනෙකාට සහාය වන්නේ කණ්ඩායම් සගයන් මෙන්ම ජීවන සහකරුවා හා සහකාරිය ද ලෙසින්.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්