leader s

තරග පාවාදීම හා ඔට්ටු ඇල්ලීමේ ක්‍රියාවන් හි නිරත වූ චීන පාපන්දු ක්‍රීඩකයන් 38 දෙනෙක් හා පාපන්දු සමාජ නිලධාරීන් 5 දෙනෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනම් පනවා තිබෙනවා.

චීනයේ වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාවන්ගෙන් එකක් වන පාපන්දු ක්‍රීඩාවේ සිදුවන දූෂණයට වැට බැඳීම පිණිස දෙවසරක් තිස්සේ කරන ලද පරීක්ෂණයකින් පසුවයි චීන පාපන්දු සංගමය (CFA) මේ පියවර ගෙන තිබෙන්නේ.

 

downloadචීනයේ වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාවන්ගෙන් එකක් වන පාපන්දු ක්‍රීඩාව


පාපන්දු ක්‍රීඩා සමාජ 41කගේ මැදිහත් වීමෙන් තරග 120කදී මේ පාවා දීම සිදුවී ඇති බවට පරීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා. මේ තරග සියල්ල ම පැවැත්වුනේ චීනයේ ම ද යන්න සඳහන් වී නැහැ.

හිටපු චීන ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයන් තිදෙනෙකු වන Jin Jingdao, Guo Tianyu සහ Gu Chao හා දකුණු කොරියානු ක්‍රීඩක Son Jun-ho ජීවිතාන්තය දක්වා තරග තහනමට ලක්වූ ක්‍රීඩකයන් අතර සිටිනවා.

 

chinaJin Jingdao, Guo Tianyu, Gu Chao

අල්ලස් ගැනීම, සූදුව හා නීතිවිරෝධීව කැසිනෝ විවෘත කිරීම යන සාපරාධී ක්‍රියාවන් සඳහා වන දඬුවම්වලට පුද්ගලයින් 44 දෙනෙකු මුහුණ දී සිටින බවත් පුද්ගලයන් 17 දෙනෙක් පගා ගැනීම හෝ දීම සහ තරග පාවාදීමට සහභාගි වී ඇති බවට සොයා ගෙන ඇති බවත් චීනයේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන Zhang Xiaopeng ප්‍රකාශ කරනවා.


පුද්ගලයන් 44 දෙනාගෙන් 43 දෙනෙකුට පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට සහභාගි වීම ජීවිතාන්තය දක්වා තහනම් කර තිබෙන බවත් තවත් 17 දෙනෙකුට වසර පහක තහනමක් පනවා ඇති බවත් CFA සභාපති Song Kai සඳහන් කරනවා.

 

374683359 671039955126019 1854698750711223007 nපුද්ගලයන් 44 දෙනාගෙන් 43 දෙනෙකුට පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට සහභාගි වීම ජීවිතාන්තය දක්වා තහනම් කර තිබෙන බවත් තවත් 17 දෙනෙකුට වසර පහක තහනමක් පනවා ඇත

චීන ජාතික පිරිමි පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩාව දුර්වල වී තිබෙන අතර ඊට ප්‍රධාන හේතුව ක්‍රීඩාවේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින දූෂණය බවට ක්‍රීඩා ලෝලීන් චෝදනා කරනවා.

අල්ලස් ගැනීම හේතුවෙන් චීනයේ ජාතික පාපන්දු සංගමයේ හිටපු උපසභාපතිවරයෙකු අගෝස්තු මාසයේදී වසර 11කට බන්ධනාගාරගත කෙරුනු අතර ඒ වරද ට ම අවුරුදු හතක සිරදඬුවමක් තරගාවලි දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකුට නියම වුනා.

 

China ban 43 playersචීන ජාතික පිරිමි පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩාව දුර්වල වී තිබෙන අතර ඊට ප්‍රධාන හේතුව ක්‍රීඩාවේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින දූෂණය බව


පසුගිය මාර්තු මාසයේදී CFA හිටපු සභාපතිවරයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් පනවනු ලැබුවා.

සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්