leader s

දෑත් සහ දෙපා නැති වූවත් නිර්මාණාත්මක කාර්යයකට ප්‍රබෝධමත්ව යෙදී සිටින ළමා වියේ කෙල්ලකගේ හද කකියවන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ ඉතාමත්

සීඝ්‍රයෙන් ජනප්‍රිය වී තිබෙනවා.

ඉන්දියාවේ ජම්මු හා කාශ්මීරයේ Kishtwar ප්‍රදේශයේ Loidhar නමැති ගම්මානයේ පදිංචි 13 හැවිරිදි මේ දැරිය ගමන් කිරීමට උත්සාහ කරන්නේ ඇගේ ගමෙන් බිහිවූ ඇයගේ වීරවරිය වන ෂීටාල් දේවි (Sheetal Devi) පැරාලිම්පික් දුනු විදින්නිය ගිය අඩි පාරේ.

shatal deviෂීටාල් දේවි (Sheetal Devi)

ගැහැනු ළමා වියේ පසුවන මේ දැරිය දුන්නෙන් ඉලක්කයට ඊතලය විදීමට පුහුණු වන්නේ දේවිගේ පුහුණුකරු වන කුල්ඩීප් වෙඩ්වාන් (Kuldeep Vedwan)ගේ මෙහෙයවීම යටතේ. මේ කතාව වඩාත් සිත්ගන්නා එකක් වන්නේ මේ ගැහැනු ළමයාට අත් දෙක මෙන්ම කකුල් දෙකත් නැති නිසාවෙන්.


පැරා දුනු විදීමේ ක්‍රීඩාව ට ම විශේෂයෙන් නිර්මාණය කරන ලද කෘතිම උපාංගවලින් යුත් දුන්නක් භාවිතා කිරීමට වෙඩ්වාන් මේ අධිෂ්ඨානශීලී ගැහැනු ළමයාට උපකාර කරන අයුරු එම වීඩියෝවෙන් ප්‍රදර්ශනය වනවා. මේ විශිෂ්ට දුන්න ෂීටාල් දේවි මෑතකදී පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇතුළු ඇයගේ තරගවලට යොදා ගත් දුන්නට සමානයි. තමාට ශාරීරික අභියෝග තිබියදීත් දුනුවිදීමේ ක්‍රීඩාවේ ඉදිරියට යාමට වෙර දරණ මේ දරුවාගේ තිබෙන කැපවීම හා දැඩි අධිෂ්ඨානය බොහෝ දෙනාගේ හදවත් උණුසුම් කර තිබෙන්නේ ඇයව ඇගේ වීරවරිය වන ෂීටාල් දේවි සමග සැසැඳීමෙන්.

 



දේවි සමාජ මාධ්‍යයේ සංවේදනය හට ගන්වන චරිතයක් බවට පත්වෙමින් විශාල ප්‍රශංසාවක් හිමිකර ගත්තේ පැරිසියේ පැවති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දැක්වූ විශිෂ්ට දස්කම් නිසා. කාන්තා දුනු විදීමේ compound ඉසව්වේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේදී ලකුණු 703ක් ලබා ගෙන ඇය දෙවැනි ස්ථානයට පත්වූයේ ලෝක වාර්තාව ද මකා දමමින්. රන් පදක්කම යාන්තමින් ඇයට මඟහැරෙමින් දේවි චිලී රටේ Mariana Zuniga ට පරාජය වූයේ එක ලකුණකින්.

ඉන්පසු ෂීටාල් දේවි මිශ්‍ර කණ්ඩායම් compound ඉසව්වට ඇගේ සහකාරිය වන රකේෂ් කුමාර් සමග සහභාගි වෙමින් ලෝකඩ පදක්කම දිනා ගත්තා.

 

f18e1810 5de5 11ef 96e0 ef8b1c350c09.jpgකාන්තා දුනු විදීමේ compound ඉසව්වේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේදී ලකුණු 703ක් ලබා ගෙන ඇය දෙවැනි ස්ථානයට පත්වූයේ ලෝක වාර්තාව ද මකා දමමින්

සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්