leader s

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වූ ක්‍රීඩකයන් පස් දෙනෙක් තහනම් ශරීර උත්තේජන භාවිතා කළ බවට තහවුරු වී තිබෙනවා.

 

තහනම් මත්ද්‍රව්‍ය පරීක්ෂණවලින් අසමත්ව සිටින්නේ ඇෆ්ගනිස්තානය, බොලිවියාව, කොංගෝ, ඉරාකය හා නයිජීරියාව යන රටවල ක්‍රීඩකයන්. ජූඩෝ ක්‍රීඩාවෙන් දෙදෙනෙක් සහ ජවන හා පිටිය, ජලක්‍රීඩා හා බොක්සිං යන ක්‍රීඩාවල එක් තරගකරුවෙකු බැගින් තහනම් ශරීර උත්තේජන භාවිතා කළ බවට ඔප්පු වී තිබෙනවා.

මේ ක්‍රීඩකයන් ඔවුන්ගේ ඉසව්වලට සහභාගි වීමට පෙර ඉන් ඉවත් කිරීම හෝ ඔවුන්ගේ තරග ප්‍රතිඵල අහෝසි කිරීම හෝ සිදුකර තිබෙන බව වාර්තා වනවා.

 

hq720එම ඔලිම්පික් උළෙලට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන් තුනෙන් එකක ප්‍රමාණයක මේ පරීක්ෂණ සිදු කළේ ජාත්‍යන්තර පරීක්ෂණ ඒජන්සිය - International Testing Agency (ITA) යි.
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තහනම් ශරීර උත්තේජන විරෝධී වැඩසටහන යටතේ එම ඔලිම්පික් උළෙලට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන් තුනෙන් එකක ප්‍රමාණයක මේ පරීක්ෂණ සිදු කළේ ජාත්‍යන්තර පරීක්ෂණ ඒජන්සිය - International Testing Agency (ITA) යි.

විවිධ ක්‍රීඩකයන් 4,150කගෙන් මුත්‍රා, ලේ සහ වේලුනු ලේ පැල්ලම්වලින් සාම්පල 6,130ක් එකතු කර ගත් බව එම ඒජන්සිය ප්‍රකාශ කරනවා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියයට 39කට ආසන්න ප්‍රමාණයකගෙන් සාම්පල ලබා ගැනීම 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල හා 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සමග සසඳා බැලීමේදී පිළිවෙලින් සියයට 4ක් හා සියයට 10ක වැඩි වීමක් බව ITA සඳහන් කරනවා.

f53c4b50 2e77 11ef 8fb1 2db0e7cb7ea3ඔලිම්පික් උළෙල ආරම්භ වීමට පෙර ක්‍රීඩකයන්ගෙන් සියයට 90කට ආසන්න ප්‍රමාණයක් අවම වශයෙන් එක් වතාවක් හෝ පරීක්ෂණවලට ලක් කළ බව ඒජන්සිය කියනවා.

 

මේ පරීක්ෂණවලට වැඩියෙන් ම භාජනය වී තිබෙන්නේ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට විශාලතම කණ්ඩායම් ඉදිරිපත් කළ රටවල් වන අමෙරිකාව, ප්‍රංශය, චීනය, ඔස්ට්‍රේලියාව හා එංගලන්තය.

ඔලිම්පික් උළෙල ආරම්භ වීමට පෙර ක්‍රීඩකයන්ගෙන් සියයට 90කට ආසන්න ප්‍රමාණයක් අවම වශයෙන් එක් වතාවක් හෝ  පරීක්ෂණවලට ලක් කළ බව ඒජන්සිය කියනවා. 

මීට අමතරව, තහනම් ශරීර උත්තේජන විරෝධී නීති උල්ලංඝනය කිරීම් 40ක් ද ITA විසින් වාර්තා කර තිබෙනවා.

 

doping

ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන අතරතුර හා ක්‍රීඩා උළෙලට පෙර ලබා ගනු ලැබූ තෝරා ගත් සාම්පල දැන් වසර 10කට ගබඩා කරනු ඇති අතර දැනට තිබෙනවාට වඩා හොඳ පරීක්ෂණවල වැඩි දියුණුවක් ඇති වී නව තොරතුරු මතු වුවහොත් මේ සාම්පල විවෘත කර නැවත විශ්ලේෂණය කිරීමට හැකියාව තිබෙන බව ජාත්‍යන්තර පරීක්ෂණ ඒජන්සිය පෙන්වා දෙනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්