ඇෆ්ගනිස්තානයේ රහ්මානුල්ලා ගුර්බාස් (Rahmanullah Gurbaz) ඉන්දියාවේ විරාට් කෝලිගේ වාර්තාවක් සම කර තිබෙනවා.
ඒ, 23 වැනි වියට පිවිසීමට පෙර දෙවැනියට වැඩිම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශතක ලබා ගනිමින්.
ඇෆ්ගනිස්තානය හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරගමාලාවේ දෙවැනි තරගයේදී ගුර්බාස් ඔහුගේ හත් වැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශතකය ලබා ගනිමිනුයි කෝලිගේ වාර්තාව සම කර තිබෙන්නේ.

ගුර්බාස් ඔහුගේ ක්‍රිකට් දිවියේ මේ වැදගත් අවස්ථාව සටහන් කළේ ඔහුගේ ඉනිමේ 106 වැනි පන්දුවේ. මෙය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග බිමේ ඔහු බංග්ලාදේශය ට එරෙහිව වාර්තා කළ ශතක දෙකට පසුව ඔහුගේ තෙවැනියට වඩාත්ම වේගවත් ශතකය යි.
2021 වසරේදී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග බිමට පිවිසීමෙන් පසුව ගුර්බාස් ලබා ගත් මේ හත් වැනි ශතකය ඔහු දකුණු අප්‍රිකාව ට එරෙහිව ලබා ගත් පළමු ශතකය මෙන්ම ෂාජා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ වසරේ වාර්තා කළ දෙවැනි ශතකය යි. මේ ශතකය හේතුවෙන් 22 වැනි වියේ පසුවන ගුර්බාස්, වයස අවුරුදු 23 වීමට පෙර බොහෝ ශතක ලබා ගත් සුපිරි පිතිකරුවන්ගේ සමූහයට ඇතුළත් වී සිටිනවා.
වර්තමානයේ මෙහි වාර්තාව සමව උසුලන්නේ දකුණු අප්‍රිකාවේ කුයින්ටන් ඩි කොක් සහ ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කා. මේ දෙදෙනා ම ඔවුන්ගේ 23 වැනි උපන් දිනය සැමරීමට පෙර ශතක අටක් වාර්තා කළා. කෙසේ වෙතත්, ගුර්බාස් දැන් විරාට් කෝලි සමග මේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය අත්කර ගෙන සිටිනවා. කෝලි ඔහුට වයස 23දී ශතක හත වාර්තා කර තිබූනේ ඉනිම 69ක් තුළ. නමුත් ගුර්බාස් ඔහුගේ ශතක හත ලබා ගෙන සිටින්නේ ඔහු ක්‍රීඩා කළ ඉනිම 42ක් ඇතුළත. පාකිස්තානයේ බාබර් අසාම් හා ශ්‍රී ලංකාවේ උපුල් තරංග යන දෙදෙනාම මේ වයස වන විට ශතක හය බැගින් වාර්තා කර තිබුනා.
ගුර්බාස් දැන් එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ ඇෆ්ගනිස්තානයේ වැඩිම ශතකලාභියා බවට පත්ව සිටින්නේ ශතක හයක් ලබා ගෙන මීට පෙර ඔහු සමග සමව සිටි මොහමඩ් ෂසාඩ් පසුකර යමින්.
දකුණු අප්‍රිකාව ට එරෙහි තරගමාලාවේ අවසාන ජාත්‍යන්තර එක්දින තරගයේදී ශතකයක් වාර්තා කළහොත් ගුර්බාස් ට මේ ලැයිස්තුව මුදුනට සම තත්ත්වයෙන් පිවිසීමට අවස්ථාව ඇතත් එය අභිභවා යාමට ඔහුට හැකියාවක් නැහැ. නොවැම්බර් 28 වැනිදා ඔහු 23 වැනි වියට පා තබන අතර ඊට පෙර කිසිම ජාත්‍යන්තර එක්දින තරගයක් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට නියමිතව නැහැ.
කෙසේ වෙතත්, ගුර්බාස් දැන් එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ ඇෆ්ගනිස්තානයේ වැඩිම ශතකලාභියා බවට පත්ව සිටින්නේ ශතක හයක් ලබා ගෙන මීට පෙර ඔහු සමග සමව සිටි මොහමඩ් ෂසාඩ් පසුකර යමින්.
*වයස අවුරුදු 23 වීමට පෙර වැඩිම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශතක ලබා ගත් ක්‍රීඩකයෝ
කුයින්ටන් ඩි කොක් - 8
සචින් ටෙන්ඩුල්කා - 8
විරාට් කෝලි - 7
රහ්මානුල්ලා ගුර්බාස් - 7
බාබර් අසාම් - 6
උපුල් තරංග - 6
අහමඩ් ෂෙසාඩ් - 5
ෂිම්රොන් හෙට්මිය - 5
ඉබ්රාහිම් සඩ්රාන් - 5
පෝල් ස්ටර්ලිං - 5
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






