leader s

ඩැනිල් ඩීබුආ (Daniel Dubois) ඊයේ රාත්‍රියේ ඔහුගේ ජාත්‍යන්තර බොක්සිං සම්මේලන - IBF - හෙවිවේට් කිරුළ රැක ගත්තේ 96,000ක සෙනඟක්

ඉදිරියේ ප්‍රතිවාදී ඇන්ටනී ජොෂුආ (Anthony Joshua) සිවු වතාවක් බිම හෙළමින්. මෙය බොක්සිං ලෝකය අන්දමන්ද කළ ප්‍රතිඵලයක්.

පස් වැනි වටයේ දරුණු පහරකින් ජොෂුආ බිම ඇද වැටීමත් සමග තරග විනිසුරුවරයා සටන නතර කළා.

කලක් තිස්සේ පැවති නොයෙකුත් කඹ ඇදිලි අවසන් කරමින් මේ බ්‍රිතාන්‍ය ප්‍රතිවාදීන් දෙදෙනා හෙවිවේට් කිරුළ සඳහා සටන් කිරීමට නරඹන්නන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබූ වෙම්බ්ලි බොක්සිං වළල්ලට පිවිසි අතර ඩීබුආ ජයග්‍රාහකයා ලෙස ඉස්මතු වූයේ බොහෝ දෙනා විස්මයට පත් කරමින්.

daniel dubois anthony joshua
කිරුළ හිමිකර ගෙන සිටින සටන්කරුවා තමා වූව ද ඩීබුආ බොක්සිං වළල්ලට පළමුව පිවිසියේ සම්ප්‍රදායට එරෙහිව යමින්. ‘ඩයිනමයිට්’ ඩීබුආ එසේ පැමිණි ආකාරය ඉතාමත් සුදුසු එකක් බවට පත්වූයේ තරගයේ ආරම්භක සීනුවේ සිට ම ඔහු සිය යෝධ බලය ප්‍රදර්ශනය කරමින් ප්‍රතිවාදියා බිම හෙළා විශාල ලකුණු ප්‍රමාණයක් හිමිකර ගත් නිසා.

කම්පනයට පත් ජොෂුආ බොක්සිං වළල්ලේ ඔහු‌ගේ කොණට පැමිණ පුහුණුකරු බෙන් ඩේවිසන්ගෙන් උපදෙස් පැතූ අතර දෙවැනි වටයේදී ඩීබුආ හමුවේ නොවැටී රැඳී සිටීමට ඔහුට හැකිවුනා.

කෙසේ වෙතත්, සටන මුලදීම ලැබූ දරුණු පහරෙන් සම්පූර්ණයෙන් මිදුනු බවක් ජොෂුආගෙන් කිසිවිටකත් දිස්වූයේ නැහැ. තෙවැනි වටයේදී ඔහු සීනුව නාද වීමට තත්පර කිහිපයකට පෙර නැවත වතාවක් පහර කමින් කැන්වසය මත ඇද වැටුනා.
skysports anthony joshua daniel 6693183
නැවත වරක් ජොෂුආ බිම ඇද වැටීමට වැඩි වේලාවක් ගත නොවූයේ සිවු වැනි වටයේදී 27 හැවිරිදි ඩීබුආ තවත් දැවැන්ත පහරක් ඔහුට එල්ල කළ නිසා. මේ පහරත් සමග ජොෂුආගේ කඳවුර සලිත වුනා.

එසේ වූව ද, 34 හැවිරිදි ජොෂුආ නැවත එක් වතාවක් දෙපයින් නැගී සිටීමට සමත්ව ඉදිරියට පියවර මැන්නේ ආරම්භක වටවලදී ඔහු මුහුණ දුන් දැවැන්ත ප්‍රහාරයන් සැලකිල්ලට නොගනිමින්.

කෙසේ වෙතත්, පස්වැනි වටයේදී හෙවිවේට් ශූරයා විසින් එල්ල කළ දර්ශනීය දකුණත් පහරකින් ජොෂුආ කැන්වසයේ ඇද වැටුනා. සටනේ සිවු වැනි වතාවටත් නැවත නැගී සිටීමට ජොෂුආ උත්සාහ කළ ද පැකිළී වැටුනේ තරගය නතර කිරීමේ පහසු තීරණයක් ගැනීමට තරග විනිසුරුට අවස්ථාව ලබා දෙමින්.


 සෞදි අරාබි ජාතික ගීය වාදනය විවේචනයට


එංගලන්තයේ පැවති මේ තරගයට පෙර සෞදි අරාබියේ ජාතික ගීය වාදනය කිරීම ක්‍රීඩා ලෝලීන් විසින් තදින් විවේචනය කර තිබෙනවා.

මේ සටන සැලසුම් කිරීම සඳහා සෞදි රාජකීය මණ්ඩලයේ සාමාජිකයෙකු වන Turki Alalshikh මුල් වුනා.

Saudi Turki Alalshikh Getty                                    Turki Alalshikh
ඇන්ටනී ජොෂුආ මීට පෙර Francis Ngannou, Otto Wallin, Oleksandr Usyk හා Andy Ruiz Jnr ට එරෙහිව සෞදි අරාබියේ පැවති තරගවලට සහභාගි වී තිබෙන අතර ඩීබුආ සමග සටන එංගලන්තයේ පැවැත්වුන ද එය රියාද් ක්‍රීඩා වාරයේ කොටසක් ලෙස තවදුරටත් නම් කර තිබුනා.

සෞදි අරාබියේ ජාතික ගීය වාදනය වීම පිළිබඳව බොහෝ ක්‍රීඩා ලෝලීන් මහත් කලකිරීමට පත්ව සිටි අතර ටික වේලාවකට පසුව එංගලන්ත ජාතික ගීතය ද ඇසුනත් තත්ත්වය තමන් අපහසුවට පත් කළ බව එක් ක්‍රීඩා ලෝලියෙක් කියා සිටියා.

එංගලන්තයේ පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදුවන තරගයකට පෙර සෞදි අරාබියේ ජාතික ගීය වාදනය කිරීමට ඉඩ දීම එංගලන්ත ජනතාව අපහසුවට පත් කිරීමක් බව ක්‍රීඩා ලෝලීන් වැඩි දෙනෙකුගේ මතය වී තිබුනා.

සෞදි ජාතික ගීය එංගලන්තයේ වාදනය කිරීමට ඉඩ දීමෙන් එංගලන්ත බොක්සිං ක්‍රීඩාව එහි ජීවය මුදල්වලට විකුණා ඇති බවට ක්‍රීඩා ලෝලීන් චෝදනා කරනවා.

warnan Gunasekara
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්