leader s

යුරෝපීය පාපන්දු සමාජයක් වෙනුවෙන් වැඩිම වේගයෙන් ගෝල් 100ක් ලබා ගැනීමේ ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගේ වාර්තාව අර්ලිං හාලාන්ඩ්

සම කර තිබෙනවා.

එංගලන්තයේ මැන්චෙස්ට සිටි කණ්ඩායම වෙනුවෙන් මේ නෝවේජියානු පාපන්දු තරුව ඔහුගේ ශතක ගෝලය වාර්තා කළේ ආසනල් කණ්ඩායම සමග ගෝල් 2-2ක සම තත්ත්වයෙන් ඉරිදා අවසන් වූ ප්‍රිමිය ලීග් තරගයේ. හාලාන්ඩ් මේ සිය වැනි ගෝලය වාර්තා කළේ මැන්චෙස්ට සිටි කණ්ඩායම වෙනුවෙන් ඔහුගේ 105 වැනි තරගයට සහභාගි වෙමින්.

2011 වසරේදී රොනාල්ඩෝ ඔහුගේ 100 වැනි යුරෝපීය ගෝලය වාර්තා කළේ ද ඔහුගේ 105 වැනි තරගයේ. ඒ, රිආල් මැඩ්රිඩ් කණ්ඩායම වෙනුවෙන්. මේ අනුව ඔහු මැන්චෙස්ට සිටි කණ්ඩායම වෙනුවෙන් ගෝල් සියයක් ලබා ගත් 19 වැනි ක්‍රීඩකයා බවට පත්ව සිටිනවා.

xdgrt4

මේ වසරේ මීට පෙර බෙල්ජියමේ Kevin De Bruyne ගෝල් 100ක් ලබා ගත් 18 වැනි මැන්චෙස්ට සිටි ක්‍රීඩකයා බවට පත්වූ අතර මේ ඉලක්කය සපුරා ගැනීම පිණිස ඔහු තරග 372කට ක්‍රීඩා කළා.

හාලාන්ඩ් ඉරිදා තරගයට පෙර, ගෝල් නවයක් ලබා ගනිමින් ප්‍රිමිය ලීග් ක්‍රීඩා වාරයේ තරග හතරකදී වැඩිම ගෝල් වාර්තාව බිඳ දමා තිබුනා. පිට පිට ගෝල් ත්‍රිත්වයක් ලබා ගැනීමේ ‘හැට්-ට්‍රික්’ දක්ෂතාවන් දෙකක් ද මේ ගෝල් නවයට ඇතුළත්ව තිබුනා.

2022 වසරේදී හාලාන්ඩ් මැන්චෙස්ට සිටි පාපන්දු සමාජයට එක්වීමෙන් පසුව ‘හැට්-ට්‍රික්’ 11ක් ලබා ගෙන සිටින අතර මෙයින් අටක් ප්‍රිමිය ලීගයේ ද, දෙකක් එෆ්.ඒ.කුසලාන තරගාවලියේ ද, එකක් චැම්පියන්ස් ලීගයේ ද වාර්තා වී තිබෙනවා.

ඉන්ට මිලාන් කණ්ඩායමට එරෙහිව බදාදා පැවති චැම්පියන්ස් ලීග් තරගයට හාලාන්ඩ් සහභාගි වූයේ තරග 103කින් ගෝල් 99ක් ලබා ගෙන රොනාල්ඩෝගේ වාර්තාව මකා දැමීමේ අවස්ථාවක් සහිතව.

එහෙත් එම තරගයේ පළමු භාගයේ ගෝල් ලබා ගැනීමේ අවස්ථා දෙකක් තිබුන ද 24 හැවිරිදි හාලාන්ඩ් ට ගෝල් රහිත ජය පැරදුමින් තොර විසඳුමකින් තරගය අවසන් කිරීමට සිදුවුනා.

මැන්චෙස්ට සිටි කණ්ඩායම සමග සිය තෙවැනි ක්‍රීඩා වාරය ආරම්භයේදී හාලාන්ඩ් දැනට තරග හයකින් පමණක් ගෝල් 10ක් ලබා ගැනීමට සමත්ව සිටිනවා. අර්ලිං හාලාන්ඩ්ගේ මේ දක්ෂතාව වාර්තා වන්නේ එංගලන්තයේ ඔහු ක්‍රීඩා කළ පළමු තරග වාර දෙකේදී ප්‍රිමිය ලීග් ‘රන් සපත්තුව’ සම්මානය දිනා ගැනීමෙන් පසුව.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්