leader s

2023-25 ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව හා නවසිලන්තය අතර දෙවැනි ගැටුම හෙට (26) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.


දෙපිල අතර පළමු ටෙස්ට් තරගය ජය ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාව දැන් මේ ශූරතාවලියේ ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත්ව සිටිනවා.

images 38ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ තෙවැනි ස්ථානයට පත්ව සිටින්නේ ඔවුන් එංගලන්තය හා නවසිලන්තය ට එරෙහිව මෑතකදී වාර්තා කළ ටෙස්ට් ජයග්‍රහණ නිසා. ශ්‍රී ලංකාව මේ දක්වා ඔවුන්ගේ තරග අටෙන් හතරක් ජය ගෙන ලකුණු ප්‍රතිශත ක්‍රමවේදයේ (PCT) සියයට 50ක් සටහන් කරගෙන සිටිනවා. දැන් ක්‍රියාත්මක වන චක්‍රයේදී ශ්‍රී ලංකාව තරග හතරකින් පරාජය ද වී සිටින අතර ඔවුන් ලකුණු සටහනේ පිටුපසින් සිටින්නේ ඉන්දියාව (PCT 71.67%) හා ඔස්ට්‍රේලියාව (PCT 62.50%) ට පමණයි.

 

ශ්‍රී ලංකාව හා සංචාරක නවසිලන්තය අතර ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 63ක ජයග්‍රහණයක් වාර්තා කළා.

 

matchශ්‍රී ලංකාව හා සංචාරක නවසිලන්තය අතර ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 63ක ජයග්‍රහණයක් වාර්තා කළා.

 

හෙට ඇරඹෙන තරගයෙන් පසුව ඉතිරි තරග හතරේදී ශ්‍රී ලංකාව ට මුහුණ දීමට සිදුව තිබෙන්නේ වඩාත් ශක්තිමත් ප්‍රතිවාදීන්ට. ඔවුන් පළමුව මේ වසර අගදී ටෙස්ට් තරග දෙකක් සඳහා දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට නියමිතයි. ඉක්බිති ශ්‍රී ලංකාව ටෙස්ට් තරග දෙකකට ඔස්ට්‍රේලියාව ට සත්කාරකත්වය දක්වනු ඇති අතර මේ අනුව ඔවුන්ට ලෝක ටෙස්ට් ශූරතාවලියේ ක්‍රීඩා කිරීම පිණිස තරග පහක් ඉතිරිව තිබෙනවා.


ශ්‍රී ලංකාව මේ ශූරතාවලියේදී ටෙස්ට් තරග 13ක තරග කරන්නේ සමස්ත ලකුණු 156ක් සඳහා. සෑම ජයග්‍රහණයකටම ලකුණු 12 බැගින් හිමිවනවා. ඉතිරිව තිබෙන ටෙස්ට් තරග පහ ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් ඔවුන්ට PCT 69.23ක් ලැබෙනු ඇත. මෙය ඔවුන්ට අවසාන තරගය දක්වා යාමට ප්‍රමාණවත් වනු ඇත්තේ ලබන වසරේදී ඔස්ට්‍රේලියාව තරග 0-2කින් ශ්‍රී ලංකාව ට පරාජය වී ඔවුන් ලකුණු සටහනේ පසුබෑමකට ලක්වුවහොත් පමණයි.

 

දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවක් මෙතෙක් ජයග්‍රහණය කර තිබෙන්නේ ආසියානු මහාද්වීපයේ එක් කණ්ඩායමක් පමණයි. 2019දී ඒ ජයග්‍රහණය ලබා ගත්තේ ශ්‍රී ලංකාව.

කෙසේ වෙතත්, යථාර්ථවාදීව බලන විට මෙය ඉතාමත් අසීරු කාර්යයක්. විශේෂයෙන් ආසියානු කණ්ඩායම්වලට දකුණු අප්‍රිකාව යනු සංචාරය කර තරග ජය ගැනීමට අපහසු රටක්. දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවක් මෙතෙක් ජයග්‍රහණය කර තිබෙන්නේ ආසියානු මහාද්වීපයේ එක් කණ්ඩායමක් පමණයි. 2019දී ඒ ජයග්‍රහණය ලබා ගත්තේ ශ්‍රී ලංකාව. ඒ ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකාව තවත් එක් වතාවක්, 2021 වසරේදී, එරටේ සංචාරය කළ ද එහිදී තරග 0-2කින් පරාජය වුනා.


ඔස්ට්‍රේලියාව ට එරෙහි ටෙස්ට් තරගමාලාව ද පහසු සටනක් නෙවෙයි. වර්තමානයේ ලෝක ටෙස්ට් ක්‍රිකට් කිරුළ හිමිකර ගෙන සිටින ඔවුන් දැනට ලෝකයේ ඉහළින්ම සිටින ටෙස්ට් කණ්ඩායම යි. 2023 වසර ආරම්භයේ සිට ඔස්ට්‍රේලියාව ක්‍රීඩා කර තිබෙන ටෙස්ට් තරග18න් ඔවුන් තරග 10ක් ජය ගෙන සිටින්නේ 2.0ක ජය/පරාජ අනුපාතයක් සමග. මෙය මේ වකවානුවේ ඉන්දියාව (2.25) ට පසුව දෙවැනියට හොඳම දක්ෂතාව යි. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වතාවට 2022 වසරේ ඔස්ට්‍රේලියාවේ කළ සංචාරයේදී ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කළ ද ඒ වික්‍රමය නැවත සිදු කිරීම මහත් අභියෝගයක් විය හැකියි.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු සටහනේ ඉහළින් ම සිටින කණ්ඩායම් දෙක වන ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව ද ඔවුනොවුන් අතර මේ වසර අගදී තරග පහකින් සමන්විත ටෙස්ට් තරගමාලාවක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන අතර එහි ප්‍රතිඵලය ශූරතාවලියේ අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනීමේ සටනේ නිරතව සිටින අනෙක් කණ්ඩායම්වලට බොහෝ දුරට බලපානු ඇත.

 

Bayb83lrgnශ්‍රී ලංකාව ඔවුන්ගේ ඉතිරි තරග පහෙන් හතරක් ජයග්‍රහණය කළහොත් ඔවුන්ට සියයට 61.58ක PCT ප්‍රතිශතයක් ලැබෙනවා

ශ්‍රී ලංකාව ඔවුන්ගේ ඉතිරි තරග පහෙන් හතරක් ජයග්‍රහණය කළහොත් ඔවුන්ට සියයට 61.58ක PCT ප්‍රතිශතයක් ලැබෙනවා. අනෙකුත් විවිධ තරගවල ප්‍රතිඵල ශ්‍රී ලංකාවේ වාසියට ලැබුනොත් මේ ප්‍රතිශතය ඔවුන්ට අවසාන තරගයට රිංගා යාමට ප්‍රමාණවත්. ඊට වඩා අඩු ඔ්නෑම සිදුවීමකින් ශ්‍රී ලංකාවේ අවස්ථාව අවසන් වීමට ඉඩ තිබෙනවා.

ශ්‍රී ලංකාව තවත් ජයග්‍රහණ තුනක් ලබා ගෙන අනෙක් තරග දෙකෙන් පරාජය වුවහොත් ඔවුන් PCT සියයට 53.85කින් යුතුව ඔවුන්ගේ මෙහෙයුම අවසන් කරනු ඇති අතර මෙය අවසාන තරගයට පිවිසීම සඳහා ප්‍රමාණවත් වන්නේ නැහැ. පසුගිය වාර දෙකේදී ම 55 ට අඩු PCT ප්‍රතිශතයක් තිබෙන කිසිම කණ්ඩායමක් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසාන තරගයට සුදුසුකම් ලබා ගෙන නැහැ.

කෙසේ වෙතත්, දැනට ශ්‍රී ලංකාවේ අවස්ථාවන් ශක්තිමත්ව රැඳී තිබෙන්නේ ඔවුන්ගේ ම අතේ.

සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්