ශ්‍රී ලාංකීය සටන් ක්ෂේත්‍රයට ජාත්‍යන්තර ප්‍රමිතියේ හැඩයක් එක් කරමින් ප්‍රේක්ෂකයන්ට සමීප වුණු Karma Fight League නැතිනම් KFL හි
season 03 පසුගිය july මස 27 වනදා පැවැත්වුණේ දැවැන්ත ප්‍රේක්ෂක පිරිසකගේ සහභාගිත්වයෙන්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ද්වන්ද සටන් කිහිපයකින්ම සමන්විත වුණු මෙවර KFL සටන් රාත්‍රිය අතිශය උණුසුම්කාරී වුණා
ඒ වගේම නව පරපුරේ සටන්කරුවන් රැසකගේ ද උද්වේගකර සටන් වලින් සමන්විත වුණා
KFL සටන් රාත්‍රියේ තීරණාත්මකම සටන් වුණේ KFL Open Weight හි අවසන් සටන වෙනුවෙන් තේරී පත්වෙන සටන්කරුවන් දෙදෙනා කවුද යන්න තෝරා ගැනෙන සටන්
එහිදී අනපේක්ෂිත පරාජයන් , තියුණු ප්‍රහාරයන් ඇතුළු සියල්ලෙන් සමන්විත වුණු KFL season 03 සටන් රාත්‍රිය නැරඹීමට ප්‍රේක්ෂක ඔබට අද රාත්‍රි 9.30 Supreme TV ඔස්සේ අවස්ථාව හිමිවෙනවා
ක්‍රීඩාවට ප්‍රිය කරන ප්‍රේක්ෂක ඔබට මෙය වෙනස්ම විදියේ අත්දැකීමක් වනු නොඅනුමානයි







