leader s

දිමුත් කරුණාරත්න හා දිනේෂ් චන්දිමාල්ගේ නොබිඳි ශතක සබඳතාව මත ශ්‍රී ලංකාව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නවසිලන්තය ට එරෙහිව පැවැත්වෙන

දෙවැනි ටෙස්ට් තරගයේ අද ආරම්භක දිනයේ දිවා ආහාරය වන විට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 102ක් රැස්කර ගෙන සිටියා.

චන්දිමාල් පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමග ලකුණු 60ක් රැස්කර ගෙන සිටි අතර කරුණාරත්න පන්දු 90කින් හතරේ පහර 4ක් සමග ලකුණු 40ක් ලබා ගෙන නොදැවී ක්‍රීඩා කරමින් සිටියා.

 461210520 942877881210662 7127081108479915688 nදෙවැනි ටෙස්ට් තරගයේ අද ආරම්භක දිනයේ දිවා ආහාරය වන විට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 102ක් රැස්කර ගෙන සිටියා.

පිට දඟ පන්දු යවන නිශාන් පීරිස් අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මංගල ටෙස්ට් ක්‍රිකට් වරම් ලැබුවා. ඔහු ටෙස්ට් කැප් තොප්පිය ලබා ගත්තේ තවත් පිට දඟ පන්දු යවන්නෙකු වන හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක ඩිල්රුවන් පෙරේරා අතින්.

වේග පන්දු යවන මිලාන් රත්නායක මේ දෙවැනි ටෙස්ට් තරගය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබූ අතර නවසිලන්තය පළමු ටෙස්ට් තරගයට සහභාගි වූ කණ්ඩායම ම නම් කර තිබුනා.

තරගය ආරම්භ වී මිනිත්තු 48කට පසුව හදිසියේම වැසි ඇද හැලීම හේතුවෙන් ඔ්වර 11ක් යවා තිබියදී ක්‍රීඩාව මඳ වේලාවකට නතර කෙරුනු අතර ඒ වන විට, කාසියේ වාසිය දිනා ගෙන ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාවේ එක් කඩුල්ලක් ලකුණු 41කට බිඳ වැටී තිබුනා. දැවී ගිය පිතිකරුවා වූයේ පැතුම් නිස්සංක.

 

20240920T143403891Z070381 කාසියේ වාසිය දිනා ගෙන ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාවේ එක් කඩුල්ලක් ලකුණු 41කට බිඳ වැටී තිබුනා.

 පන්දු තුනකට පමණක් මුහුණ දුන් ඔහු එක ලකුණකට දැවී ගියේ නවසිලන්ත නායක ටිම් සවුතී‌ගේ පන්දුවට කඩුලු රකින ටොම් බ්ලන්ඩල් අතට උඩ පන්දුවක් ලබා දෙමින්. තරගයේ පළමු ඔ්වරයේ අවසන් පන්දුවෙන් නිස්සංක දැවී යන විට ලකුණු පුවරුවේ සටහන්ව තිබුනේ මුළු ලකුණු 2ක් පමණයි. තරගය නැවත ආරම්භ වූයේ මිනිත්තු 22කට පසුව.

නවසිලන්ත ක්‍රීඩකයින් අද තරගයට සහභාගි වූයේ කළු පැහැති අත් පටි පැළඳගෙන. ඒ, 1980 -1990 වකවානුවේ නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරුව සිටි ඉයන් ටේලර්ගේ අභාවයට ශෝකය පළ කරමින්. ඔස්ට්‍රේලියාව, පාකිස්තානය හා එංගලන්තයේ සංචාරය කළ නවසිලන්ත කණ්ඩායමේ කළමනාකරුව සිටි ටේලර් නවසිලන්ත ක්‍රිකට් මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙක්.

461320231 942943001204150 2367100628404879517 nමිචල් සැන්ටනගේ පන්දුවට ලකුණක් ලබා ගනිමින් දිනේෂ් චන්දිමාල් ඔහුගේ 30 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළා

මිචල් සැන්ටනගේ පන්දුවට ලකුණක් ලබා ගනිමින් දිනේෂ් චන්දිමාල් ඔහුගේ 30 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළා. පන්දු 79ක ඒ අර්ධ ශතකයට හතරේ පහර 9ක් ඇතුළත්ව තිබුනා.

සටහන :
warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්