leader s

බංග්ලාදේශයේ ශිෂ්‍යයන් විසින් මෙහෙයවනු ලැබූ විප්ලවයෙන් එරට අවාමි ලීග් පක්ෂයේ රජය පළවා හැරීමෙන් පසුව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි

ක්‍රිකට් ක්‍රීඩක ෂකිබ් අල් හසන් තවමත් බංග්ලාදේශයට පා තබා නැහැ. ඔහු බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමග එක්වන්නේ විදේශයන් හි සිට කෙළින් ම කණ්ඩායම සංචාරය කරන රටවලට යමින්.

ෂකිබ් අල් හසන් බංග්ලාදේශයට පැමිණෙන්නේ නම් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලැබෙන ආරක්ෂාව බංග්ලාදේශ රජය විසින් ඔහුට ලබා දෙන බවත් එහෙත් ඔහු ඔහුගේ දේශපාලන ආකල්පය රට ට පැහැදිලි කළ යුතු බවත් එරට ක්‍රීඩා උපදේශක අසිෆ් මහමුඩ් පවසනවා.

 

Shakib Al Hasanබංග්ලාදේශයේ ශිෂ්‍යයන් විසින් මෙහෙයවනු ලැබූ විප්ලවයෙන් එරට අවාමි ලීග් පක්ෂයේ රජය පළවා හැරීමෙන් පසුව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි ක්‍රිකට් ක්‍රීඩක ෂකිබ් අල් හසන්

ෂකිබ් ට ඔහුගේ ම වචනවලින් ජනතාවගේ කෝපය සංසිඳවිය හැකි බව මහමුඩ් ප්‍රකාශ කරනවා.

ෂකිබ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මහමුඩ් මෙසේ ඉඟියෙන් පළ කර සිටියේ, සිය ගණනකට මරු කැඳවමින් ජූලි හා අගෝස්තු මාසවල පැවති ශිෂ්‍ය විරෝධතා අතරතුර නිහඬව සිටීම නිසා ෂකිබ් අල් හසන්ගේ ජනප්‍රියත්වය වේගයෙන් අඩුවී තිබීම පිළිබඳව අදහස් දක්වමින්.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල සිටින්නේ ඉන්දියාවේ කාන්පූර් හි සංචාරය කරමින්. එහිදී, ජූනි මාසයේ පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ප්‍රථම වතාවට මාධ්‍ය සාකච්ඡාවකට ෂකිබ් සහභාගි වූ අවස්ථාවේදී,  බංග්ලාදේශයේ දේශපාලනික වෙනස් වීම පිළිබඳව ඔහුගෙන් විමසූ විට ෂකිබ් එම කාරණාව මඟ හැරියා.

Shakib Gopalganj 98c34c4ceb22512fb2fccc483cbf1b93

බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය හා රජය ට තමාගේ ආරක්ෂාව තහවුරු කිරීමට හැකි නම්, ධකා නුවර ඉදිරියේදී පැවැත්වීමට නියමිත බංග්ලාදේශය හා දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගයට තමා සහභාගි වන බවත් එය තමාගේ අවසාන ටෙස්ට් තරගය වනු ඇති බවත් ෂකිබ් එම මාධ්‍ය සාකච්ඡාවේදී ම සඳහන් කළා.


සිසු විරෝධතාවලින් පසුව, අවාමි ලීග් පක්ෂයේ ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් විශාල පිරිසක් බංග්ලාදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ විරෝධතාවන්ට සම්බන්ධ මිනීමැරුම් නඩුවක නම් කර තිබෙන පුද්ගලයන් 146 දෙනෙකු අතර ෂකිබ්ගේ නම ද ඇතුළත්ව තිබෙනවා. එදා සිට බංග්ලාදේශයේ නොසිටි ෂකිබ් විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමෙන් පසුව කිසිම අවස්ථාවක රට ට පැමිණ නැහැ. ඔහු ටෙස්ට් තරගමාලාවන් සඳහා බංග්ලාදේශ කණ්ඩායම සමග එක්වූයේ වෙනත් රටක සිට කෙළින් ම කණ්ඩායම සිටින පාකිස්තානය ට හා ඉන්දියාව ට පැමිණෙමින්.

ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ දේශපාලනඥයෙකු වශයෙන් ෂකිබ් අල් හසන්ගේ ද්විත්ව භූමිකාවෙන් ජනතාවගේ දැඩි කෝපය ඇවිස්සී තිබෙන බවත් ගැටලුව තිබෙන්නේ එතැන බවත් ක්‍රීඩා උපදේශක මහමුඩ් පවසනවා.

1348d452377a272f2cff77abdf013ceebb35ae1fඅපි දැන් ෂකිබ් අල් හසන් නමැති ක්‍රීඩකයාට ප්‍රමාණවත් වන ආරක්ෂාව ලබා දෙනවා. මෙය අපේ වගකීමක්. රට ට ආවොත් අපි ඔහුට ආරක්ෂාව ලබා දෙනවා.”

 

“සෑම පුරවැසියෙකුටම ආරක්ෂාව සැපයීමට රජය බැඳී සිටිනවා. ඒ නිසා පැහැදිලිවම අපි හැම පුද්ගලයෙකුටම ආරක්ෂාව ලබා දෙනවා. ෂකිබ්ගේ කාරණාවේදී, ඔහුට ක්‍රිකට් ක්‍රීඩකයා සහ දේශපාලනඥයා වශයෙන් අනන්‍යතාවන් දෙකක් තිබෙන බව අපි මතක තබා ගත යුතුයි. ඔහු අවාමි ලීග් පක්ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වුනා. ඔහුගේ මේ අනන්‍යතාවන් දෙක සම්බන්ධයෙන් ජනතාව තුළ තිබෙන්නේ මිශ්‍ර වූ ප්‍රතිචාර. අපි දැන් ෂකිබ් අල් හසන් නමැති ක්‍රීඩකයාට ප්‍රමාණවත් වන ආරක්ෂාව ලබා දෙනවා. මෙය අපේ වගකීමක්. රට ට ආවොත් අපි ඔහුට ආරක්ෂාව ලබා දෙනවා.”

 

“කෙසේ වෙතත්, මහජනතාව ඔහුගේ දේශපාලනික අනන්‍යතාව පිළිබඳව ෂකිබ් කෙරෙහි කෝපයක් දැක්වීමට ඉඩ තිබෙනවා. රටේ ජනගහණයෙන් භාගයක් මාත් එක්ක කෝපයෙන් සිටිනවා නම්, මට ඉන්න ආරක්ෂක නිලධාරීන් පහක් හෝ හයක් මාව ආරක්ෂා කරන්න ප්‍රමාණවත් නැහැ. කොහොම වෙතත් ෂකිබ් ට පුළුවන් එයාගේම වචනවලින් ජනතාවගේ තරහ අඩු කරන්න. ඔහු ඔහුගේ දේශපාලනික දැක්ම පැහැදිලි කළ යුතුයි කියලයි මම හිතන්නේ. හිටපු බංග්ලාදේශ ක්‍රිකට් නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී මෂ්රෆී මොටාසා දැනටමත් ඔහුගේ තත්ත්වය ගැන කතා කර තිබෙනවා. ඒ නිසා, ජනතාවගෙන් කෙනෙකුට ආරක්ෂාව පිළිබඳව අවදානමක් තිබෙනවා නම්, කිසිම කෙනෙකුට ආරක්ෂාවක් දෙන්න කිසිවෙකුටත් බැහැ. හිටපු අගමැතිනි ෂෙයික් හසීනාටවත් ආරක්ෂාවක් දෙන්න බැරි වුනා. ඇයට රටින් පලා යන්න සිද්ධ වුනා. ඒ නිසා ෂකිබ් ඔහුගේ දේශපාලන මතය ජනතාවට පැහැදිලි කර දිය යුතුයි.”

මිනීමැරුම් නඩුව ෂකිබ් ට බාධාවක් නොවනු ඇති බව මහමුඩ් පැවසුවේ නීති උපදේශක අසිෆ් නස්රුල් මෑතකදී කළ ප්‍රකාශයක් උපුටා දක්වමින්. නඩුවකට නම් කළ පමණින් ෂකිබ් අත්අඩංගුවට පත් නොවනු ඇතැයි නස්රුල් කියා තිබුනා. “ෂකිබ්ගේ නඩුව ගැන නීති අමාත්‍යංශය දැනටමත් ප්‍රකාශයක් කර තිබෙනවා. පුද්ගලයෙක් අපරාධයකට හවුල් වී නැත්නම් එම පුද්ගලයාගේ නම ඉවත් කළ හැකි බවට නීති අමාත්‍යංශය කියා තිබෙනවා” යැයි මහමුඩ් පැවසුවා.

 

da568500 5f8f 11ef a92e db63b635ebfb.jpgකාන්පූර් ටෙස්ට් තරගයෙන් පසුව ෂකිබ් අල් හසන් ඔහුගේ පවුල වෙසෙන අමෙරිකාව ට නැවත යනු ඇතැයි වාර්තා වනවා.

මහමුඩ්ගේ මේ ප්‍රකාශයෙන් ෂකිබ් තුළ ඔහුගේ ආරක්ෂාව පිළිබඳ යම් සහතිකයක් ඇති විය යුතුව තිබෙනවා. කාන්පූර් ටෙස්ට් තරගයෙන් පසුව ෂකිබ් අල් හසන් ඔහුගේ පවුල වෙසෙන අමෙරිකාව ට නැවත යනු ඇතැයි වාර්තා වනවා.

ඔක්තෝබර් 6 වැනිදා ඉන්දියාව ට එරෙහිව ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගමාලාව සඳහා වන බංග්ලාදේශ සංචිතයේ ෂකිබ් සාමාජිකයෙක් නොවන්නේ ඔහු ඒ ශෛලියේ ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් සමුගෙන සිටින බැවින්.

සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්