leader s

පෘතුගාලයේ තිබෙන වඩාත්ම ගෞරවාන්විත හා ඉහළම පෙළේ පෞද්ගලික විදුහල වන සාන්ත ජුලියන්ස් (St. Julian’s) පාසල

ලෝක පූජිත පාපන්දු තරුව වන ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගේ දරුවන් ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පෘතුගාලයේ ලිස්බන් අගනුවරට ආසන්න කැෂ්කයිස් නගරයේ රොනාල්ඩෝගේ දැවැන්ත මන්දිරයක් ඉදිවෙමින් තිබෙන බැවින් රොනාල්ඩෝ ඔහුගේ උපන් රට ට තම ජීවන සහකාරිය වන ජෝජීන රොඩ්රීගස් සමග නැවත පැමිණීමට සැලසුම් කර තිබෙනවා. කෙසේ වෙතත්, එම සැලසුමට අභියෝගයක් එල්ල වී තිබෙන්නේ මේ යුවල ඔවුන්ගේ දරුවන් පස් දෙනා සඳහා පාසලක් සෙවීමට උත්සාහ කළ අවස්ථාවේ.

e4rdf| පෘතුගාලයේ සාන්ත ජුලියන්ස් විදුහල

පෘතුගාලයේ තිබෙන ඉතාමත් වැදගත් පාසල්වලින් එකක් වන සාන්ත ජුලියන්ස් විදුහල බ්‍රිතාන්‍ය පෞද්ගලික ආයතනයක්. එම කලාපයේ සිටින වඩාත්ම ධනවත් හා බලවත් පවුල්වල වයස අවුරුදු 3 සිට 18 දක්වා වන දරුවන් ඇතුළත්ව සිටින්නේ මේ පාසලට. රොනාල්ඩෝ යුවල ඔවුන්ගේ දරුවන් මේ පාසලට ඇතුළත් කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කර ඇතත් පාසල විසින් ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.‌ මීට හේතුව පෞද්ගලිකත්වය බවට සාන්ත ජුලියන් කියා තිබෙනවා.

ඔවුන්ට පාසලේ අනෙකුත් ශිෂ්‍යයන් ආරක්ෂා කිරීමට අවශ්‍ය බවත් එම පාසල නිරන්තර පුවත් මවන පාසලක් බවට පත්නොවිය යුතු බවත් ඔවුන් පවසා තිබෙනවා.

රොනාල්ඩෝ 2023 වසර ආරම්භයේ සිට අල්-නසර් පාපන්දු සමාජයට ක්‍රීඩා කරමින් සිටින බැවින් ඔහු සහ රොඩ්රීගස් ඔවුන්ගේ දරුවන් පස් දෙනා සමග වර්තමානයේ දිවි ගෙවන්නේ සෞදි අරාබියේ. 39 හැවිරිදි රොනාල්ඩෝ මේ පාපන්දු සමාජය සමග ඇතිකර ගෙන තිබෙන කොන්ත්‍රාත්තුව ලබන 2025 වසරේ ගිම්හානයේදී අවසන් වීමට නියමිතයි.

කැෂ්කයිස් නගරයේ නිවෙස්වලට අමතරව ලිස්බන් හා සිය උපන් නගරය වන ෆුන්ෂාල් පෙදෙසේත් විශාල නිවාස රොනාල්ඩෝ සතුව තිබෙනවා. ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරයේත් රොනාල්ඩෝ ට දේපල තිබෙන අතර රිආල් මැඩ්රිඩ් සමාජ කණ්ඩායමට ක්‍රීඩා කළ අවධියේ රොනාල්ඩෝ වසර නවයක් ම ජීවත් වූයේ ඒ නිවසේ.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්