එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද ඇරඹෙන විස්සයි20 – T20 - කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩිකාවන් සමාජ මාධ්‍යවල වෛරී ප්‍රකාශ, හිරිහැර කිරීම හා ගැහැනු නොරිස්සුමෙන් ආරක්ෂා කිරීම පිණිස ජගත් ක්‍රිකට් කවුන්සලය (ICC) විශේෂ සැලසුමක් යොදා තිබෙනවා. ඒ, කෘත්‍රිම තොරතුරු (AI) මෙවලමක් දියත් කරමින්.
මේ අනුව, වෛර සහගත අදහස් හා ප්‍රකාශවලින් ක්‍රීඩිකාවන්ගේ මානසික සෞඛ්‍ය ආරක්ෂා කර ක්‍රීඩාව සඳහා වඩාත් ආරක්ෂිත, කරුණාවන්ත හා යහපත් ඔන්ලයින් ප්‍රජාවක් සුරක්ෂිත කිරීමට උපකාරී වීම පිණිස සමාජ මාධ්‍ය මධ්‍යස්ථ කිරීමේ වැඩසටහනක කොටසක් ලෙස අලුත් පරිගණක මෘදුකාංගයක් නිකුත් කර තිබෙනවා.
මේ වැඩසටහනේ අරමුණ වන්නේ කණ්ඩායම් හා ක්‍රීඩිකාවන්ට වඩාත් ධනාත්මක හා අන්තර්ගත ඔන්ලයින් අත්දැකීමක් ප්‍රවර්ධනය කිරීම බවත් ක්‍රීඩිකාවන් 60කට වැඩි දෙනෙක් මීට දැනටමත් කැමැත්ත පළකර ඇති බවත් විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක දිනය වන අද උදේ ICCය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙනවා.

ජගත් ක්‍රිකට් කවුන්සලයේ මුහුණුපොත, ඉන්ස්ටග්‍රෑම් හා යූටියුබ් ගිණුම් මෙන්ම මේ වැඩසටහනට ඇතුළත්ව සිටින ක්‍රීඩිකාවන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වල ද ප්‍රකාශයන් නිරීක්ෂණය කර ඒවායේ බරපතළකම ආදිය අඩු කිරීම පිණිස කෘත්‍රිම තොරතුරු හා මානව සම්පත් සබඳතාවක් සපයා ගැනීමට GoBubble නමැති එංගලන්ත පරිගණක මෘදුකාංග ආයතනය සමග ICCය අත්වැල් බැඳගෙන සිටිනවා.

මේ අති නවීනතම තාක්ෂණය සැලසුම් කර තිබෙන්නේ වෛරී ප්‍රකාශ, කරදර හිරිහැර කිරීම් හා නාරිද්වේෂය වැනි ප්‍රකාශ ජනතාව දැකීම සඟවා ගනිමින් ලෝක කුසලානය සමග සම්බන්ධ වීමට ක්‍රීඩා ලෝලීන්ට වඩාත් ආරක්ෂිත හා වඩාත් යහපත් අවකාශයක් ලබා දීමට බව ICCය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මේ වැඩසටහනට සහභාගි වන ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට එන හිංසාකාරී ප්‍රකාශයන් සඟවා තබා ගත හැකි වනවා.
“ICC කාන්තා T20 ලෝක කුසලානයේ සියළුම ක්‍රීඩිකාවන් හා ක්‍රීඩාලෝලීන්ට ධනාත්මක වටපිටාවක් ඇති කිරීමට අපි කැප වී ඉන්නවා. ක්‍රීඩිකාවන් හා කණ්ඩායම් බොහොමයක් අපේ මේ අලුත් වැඩසටහන පිළිගෙන තිබෙනු දැකීම විශිෂ්ටයි” ICCයේ ඩිජිටල් ප්‍රධානී Finn Bradshaw ප්‍රකාශ කරනවා.

ක්‍රීඩිකාවන්ට සමාජ මාධ්‍යයෙන් මේ ආකාරයේ ආරක්ෂාවක් ලැබීම ඉතාමත් ලොකු දෙයක් බව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කඩුලු රකින්නිය වන Sinalo Jafta කියනවා.
“සමාජ මාධ්‍ය ආරක්ෂාව නිසා ක්‍රීඩිකාවන් ලොකු බරකින් නිදහස් වනවා කියලයි මගේ හැඟීම. විශේෂයෙන් ලෝක කුසලානය වැනි මෙහෙයුම්වලදී සමාජ මාධ්‍යයෙන් පරිභව කිරීම ඉතාමත් නරක විදියට සිද්ධ වෙනවා” යනුවෙන් ඇය පවසනවා.
“තරගයක ජය හෝ පැරදුමකට පස්සෙ, ඔබ කොයි පැත්තේ හිටියත්, දුරකථනය විවෘත කරන විට ඔබේ පෞද්ගලිකත්වය අවමානයට පත්කරන මොකක් හරි ප්‍රකාශයක් හැම වෙලේම දකිනවා තරම් ඉතාම නරක දෙයක් තවත් නැහැ.”
“තරුණ ක්‍රීඩිකාවනුත් දැන් කණ්ඩායම්වලට පැමිණෙමින් සිටියදී, අපි එයාලට කියනවා ‘කරුණාකරලා ඕවා බලන්න එපා’ කියලා. නමුත් එයාලා මොනවා කරාවිද?”

“මට නම් මේ ආරක්ෂාව ඉතාම ලොකුයි. මොකද, අපිව තීන්දු කිරීමකට හෝ විවේචනය කිරීමකට ලක්වේවි යන බිය නැතිව ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ ජීවිතය ලෝකය සමග බෙදා ගත හැකි වන නිසා. මිනිසුන් නිදහසේ කාලය ගත කරමින් ක්‍රීඩිකාවන් ඔවුන් ඇත්තටම කවුද කිලා ලෝකයට පෙන්විය හැකි ඒ වෙනස්කම් සිදුවනු තුරු මම ආශාවෙන් බලා සිටිනවා!”
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(වර්නන් ගුණසේකර)ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






