leader s

ඉන්දියාවේ සුපිරි පිතිකරු විරාට් කෝලි ඔහුගේ කීර්ති නාමයට තවත් වැදගත් සලකුණක් එක් කර තිබෙනවා. ඒ, ටෙස්ට් ක්‍රිකට් හා ජාත්‍යන්තර එක්දින

ක්‍රිකට් යන ශෛලීන් දෙකේ ම හතරේ පහර 1000කට වැඩියෙන් ලබා ගත් එක ම ක්‍රියාකාරී ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වෙමින්.

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග බිමේ මීට කළින් මේ හපන්කම වාර්තා කර තිබූ කෝලි ටෙස්ට් ක්‍රිකට් තරග බිමේ ද මේ වික්‍රමය සනිටුහන් කළේ කාන්පූර් හි පැවති දෙවැනි ටෙස්ට් ගැටුමේදී ඉන්දියාව විසින් බංග්ලාදේශය පරාජය කළ අවස්ථාවේ. එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ හතරේ පහර 1302ක් තමාගේ නමට ලියා ගෙන සිටින කෝලි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ද හතරේ පහර 1001 ට පිවිසියේ අඟහරුවාදා තරගයේ පස්වැනි දිනයේ පන්දුවට පහර දෙමින්.

rt3453f

විරාට් කෝලිගේ ක්‍රීඩා දිවියේ මේ ඉතා වැදගත් සිදුවීමත් සමග ඔහු සචින් ටෙන්ඩුල්කා, කුමාර් සංගක්කාර හා රිකී පොන්ටිං ඇතුළු ටෙස්ට් හා එක්දින තරගවල හතරේ පහර දහස බැගින් ඉක්මවා ගිය පිතිකරුවන්ගේ ලැයිස්තුවට එක්වනවා. කෙසේ වෙතත්, මේ හපන්කම පෑ එක ම ක්‍රියාකාරී පිතිකරුවා වන්නේ කෝලි. ලැයිස්තුවේ සිටින අනෙක් සියළු පිතිකරුවන් දැන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිහින්.

ටෙස්ට් හා එක්දින ක්‍රිකට් හතරේ පහර දහස බැගින් ලබා ගත් පිතිකරුවෝ:

46

*සචින් ටෙන්ඩුල්කා (ඉන්දියාව) - ටෙස්ට් හතරේ පහර 2058 ‍‍/ එක්දින හතරේ පහර 2016

*කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)  - 1491 / 1385

*රිකී පොන්ටිං (ඔස්ට්‍රේලියාව)  - 1509 / 1231

*විරාට් කෝලි (ඉන්දියාව) – 1001 / 1302

*මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව) – 1387 / 1119

*ක්‍රිස් ගේල් (බටහිර ඉන්දීය කොදෙව්) – 1046 / 1128

*විරේන්ද්‍ර සෙවාග් (ඉන්දියාව) – 1233 / 1132

*බ්‍රයන් ලාරා (බටහිර ඉන්දීය කොදෙව්) – 1559 / 1042


සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්