leader s

බර්ලින් මැරතන් තරගය ඉරිදා ජර්මනියේ පැවතියේ 50 වැනි වතාවට. ලෝක වාර්තාගත අයුරින් ධාවකයන් 54,175ක් එම තරගය අවසන් කළා.

මෙසේ තරගයේ අවසන් රේඛාව 43 වැනි වරටත් පසුකළ ධාවකයෙකු ද ඒ අතර සිටියා.

 
1974 වසරේදී බර්ලින් අගනුවර පැවති මංගල මැරතන් තරගයේ ජයග්‍රාහකයා වූයේ ජර්මනියේ ගන්ට හැලස් (Gunter Hallas). එහිදී පැය 2යි මිනිත්තු 44යි තත්පර 53ක කාලයක් සටහන් කළ ඔහු එදා සිට මේ දක්වා බර්ලින් මැරතන් තරගයට සහභාගි වී නැත්තේ තරග අතළොස්සකට පමණයි.
 
බර්ලින් මැරතන් තරගය ඉරිදා ජර්මනියේ පැවතියේ 50 වැනි වතාවට
 
දැන් 84 වැනි වියේ පසුවන මේ පුද්ගලයා පසුගිය ඉරිදා පැය 7යි මිනිත්තු 2යි තත්පර 33කින් අවසන් රේඛාව පසු කරමින් 14 වැනි ස්ථානය හිමිකර ගත්තේ ඔහු සහභාගි වූ වයස අවුරුදු 80 ට වැඩි අංශයේ ඉසව්වෙන්. පිරිමින් 19ක් හා කාන්තාවන් 5 දෙනෙක් මේ අංශයේ තරග වැදුනා.
 
ඉරිදා ප්‍රදර්ශනය වූ තවත් සිත්ගන්නා රංගනයක් වූයේ පළමු බර්ලින් මැරතන් තරගයට සහභාගි වූ තවත් ක්‍රීඩකයෙකු වන ජර්මනියේ 82 හැවිරිදි පීට බර්තෙල් (Peter Bartel)ගේ ධාවනය. ඔහු මේ තරගය අවසන් කළේ 46 වැනි වතාවට. පැය 8යි මිනිත්තු 59යි තත්පර 18ක් ගත කරමින් ඔහු තරගයේ අන්තිමයා වූයේ නරඹන්නන්ගේ හදවත් උණුසුම් කරමින්. මීට පණස් වසරකට ඉහත ඔහු බර්ලින් මැරතන් තරගයේ 176 වැනි ස්ථානයට පත්වූයේ පැය 4යි මිනිත්තු 41කින්. ඒ පළමු වසරේදී එම තරගයට සහභාගි වූයේ ධාවකයන් 286ක් පමණයි.
 
marathoneහැලස් සහ බර්තෙල් යන දෙදෙනා ම මැරතන් ධාවනයේ දිගටම නියැලීමේ ඔවුන්ගේ අධිෂ්ඨානය මගින් ලෝකයට සුවිශේෂ ලකුණක් සටහන් කරමින් මැරතන් තරග බිමට ප්‍රබෝධයක් ගෙනැවිත් තිබෙනවා.
 
වර්තමාන තරග වාර්තා මීට වසර පණහකට පෙර හැලස්ගේ බර්ලින් මැරතන් ජයග්‍රාහී කාලයට වඩා මිනිත්තු 43කට වැඩියෙන් වේගවත් වී ඇතත්, ඔහු සහ බර්තෙල් යන දෙදෙනා ම මැරතන් ධාවනයේ දිගටම නියැලීමේ ඔවුන්ගේ අධිෂ්ඨානය මගින් ලෝකයට සුවිශේෂ ලකුණක් සටහන් කරමින් මැරතන් තරග බිමට ප්‍රබෝධයක් ගෙනැවිත් තිබෙනවා.
 
මේ දෙදෙනා මැරතන් තරග ක්ෂේත්‍රයේ පුරෝගාමීන් හා පුරාවෘත්තයන් ලෙස ඉතිහාසයේ සටහන් වන බවට සැකයක් නැහැ.
 
සටහන :
warnan Gunasekara
 
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්