ශ්‍රී ලංකාවට ලබන සතියේ පැමිණෙන බටහිර ඉන්දීය කොදෙව් විස්සයි20 – T20 - ක්‍රිකට් කණ්ඩායමට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සිවු දෙනෙකු ඇතුළත්ව නැහැ.
තරග තුනකින් සමන්විත T20 තරගමාලාව සඳහා අන්ඩ්‍රි රසල් (Andre Russell), නිකලස් පූරන් (Nicholas Pooran), අකීල් හොසේන් (Akeal Hosein) සහ ෂිම්රෝන් හැට්මය (Shimron Hetmyer) යන ක්‍රීඩකයන් පෞද්ගලික හේතුන් මත සහභාගි නොවන බව වාර්තා වනවා.
ඩැරන් සැමී (Darren Sammy) ප්‍රධාන පුහුණුකරු යටතේ තිබෙන නව තේරීම් කමිටුව ආරම්භක පිතිකරු එවීන් ලුවිස් (Evin Lewis) හා බ්‍රැන්ඩන් කිං (Brandon King) නැවත කණ්ඩායමට කැඳවා තිබෙන්නේ වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයන් වන ටෙරන්ස් හයින්ඩ්ස් (Terrance Hinds) හා ෂමා ස්ප්‍රිංඅ (Shamar Springer) ද ප්‍රථම වතාවට කැඳවමින්.

ලුවිස් කොදෙව් සංචිතයට නැවත එක් වන්නේ 2022 වසරේ පැවති T20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව වන අතර කිං යළි පැමිණෙන්නේ මේ වසර මුල පැවති T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඔහුට ක්‍රීඩා කිරීමට නොහැකි වූ ආබාධයකින් සුවය ලැබීමෙන් පසුව.
රොව්මන් පාවල් (Rovman Powell) නායකත්වයේ රැඳී සිටින අතර රොස්ටන් චේස් (Roston Chase) ඔහුගේ උපනායක තනතුරේ තවදුරටත් කටයුතු කිරීමට නියමිතයි.
රොව්මන් පාවල් (Rovman Powell) නායකත්වයේ රැඳී සිටින අතර රොස්ටන් චේස් (Roston Chase) ඔහුගේ උපනායක තනතුරේ තවදුරටත් කටයුතු කිරීමට නියමිතයි.
“ශ්‍රී ලංකාවේ සංචාරය අපට අපේ කණ්ඩායමේ ගැඹුර පරීක්ෂා කර තරගයේ විවිධ තත්ත්වයන්හිදී ක්‍රීඩකයන්ගේ තක්සේරුවක් ලබා ගැනීමට අවස්ථාව සලසනවා. විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් විවේකය ලබා ගැනීම හා ආබාධවලින් පසුව පුනරුත්ථාපනය වීමේ අවශ්‍යතාව ඇතුළු නොයෙකුත් හේතුන් මත කණ්ඩායමේ නොසිටින අවස්ථාවක මේ තක්සේරු කිරීම අපට වැදගත්. ශ්‍රී ලංකාව ට එරෙහිව ප්‍රබල අයුරින් තරග කිරීමට කණ්ඩායමට හැකියාව තිබෙන බව අපට විශ්වාසයි” යනුවෙන් සැමී සඳහන් කරනවා.

මේ වසර මුල දකුණු අප්‍රිකාව 3-0කින් සම්පූර්ණයෙන් අතුගා දැමීමෙන් පසුව ලෝක ශ්‍රේණිගත කිරීමේ තෙවැනි ස්ථානයට පිවිස සිටින කොදෙව්වන් තරග තුන බැගින් වන ජාත්‍යන්තර විස්සයි20 හා එක්දින තරගමාලාවන්ට සහභාගි වීම පිණිස ඔක්තෝබර් 10 සිට 27 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙනවා.
කොදෙව් එක්දින ක්‍රිකට් නායකයා ලෙස ෂායි හෝප් (Shai Hope) දිගටම කටයුතු කරන අතර ඔහුගේ උපනායකයා වන්නේ අල්සාරි ජෝසෙෆ් (Alzarri Joseph). 2027 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සිය එක්දින ක්‍රිකට් කණ්ඩායම ගොඩනගා ගැනීමේ අවධානය යොමු කිරීම පිණිස මේ තරගමාලාව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් බලධාරීන්ට ලබා දෙන්නේ මහඟු අවස්ථාවක්.
බටහිර ඉන්දීය කොදෙව් එක්දින ක්‍රිකට් කණ්ඩායමේ දක්නට ලැබෙන සැලකිය යුතු ඇතුළත් කිරීමක් වන්නේ තේරීම් නිලධාරීන්ගේ අවධානය දිනා ගත් තරුණ කඩුලු රකින පිතිකරුවකු වන ජුවල් ඇන්ඩෲ (Jewel Andrew). බ්‍රැන්ඩන් කිං සහ ෂර්ෆේන් රදෆර්ඩ් (Sherfane Rutherford) ඇතුළු ප්‍රධාන ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ද එක්දින සංචිතයට නැවත එක්ව සිටිනවා.

ශ්‍රී ලංකා - කොදෙව් T20 තරග ඔක්තෝබර් 13, 15 හා 17 දිනවල දඹුල්ලේදීත්, එක්දින තරග 20, 23 හා 26 දිනවල පල්ලේකැලේදීත් පැවත්වීමට නියමිතයි.
කොදෙව් T20 සංචිතය - රොව්මන් පාවල් (නායක), රොස්ටන් චේස් (උපනායක), ෆේබියන් ඇලන්, ඇලික් ඇතනේස්, අන්ඩ්‍රි ෆ්ලෙච, ටෙරන්ස් හයින්ඩ්ස්, ෂායි හෝප්, අල්සාරි ජෝසෆ්, ෂමා ජෝසෆ්, බ්‍රන්ඩන් කිං, එවීන් ලුවිස්, ගුඩාකෙෂ් මොටී, ෂර්ෆේන් රදෆර්ඩ්, රොමාරියෝ ෂෙපර්ඩ්, ෂමා ස්ප්‍රිංඅ.
කොදෙව් ODI සංචිතය - ෂායි හෝප් (නායක), අල්සාරි ජෝසෙෆ් (උපනායක), ජුවල් ඇන්ඩෲ, ඇලික් ඇතනේස්, කීසි කාටි, රොස්ටන් චේස්, මැතිව් ෆෝඩ්, ෂමා ජෝසෆ්, බ්‍රෙන්ඩන් කිං, එවීන් ලුවිස්, ගුඩාකෙෂ් මොටී, ෂර්ෆේන් රදෆර්ඩ්, ජේඩ්න් සීල්ස්, රොමාරියෝ ෂෙපර්ඩ්, හේඩ්න් වොල්ෂ් (කණිෂ්ඨ).
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
කොදෙව් ODI සංචිතය - ෂායි හෝප් (නායක), අල්සාරි ජෝසෙෆ් (උපනායක), ජුවල් ඇන්ඩෲ, ඇලික් ඇතනේස්, කීසි කාටි, රොස්ටන් චේස්, මැතිව් ෆෝඩ්, ෂමා ජෝසෆ්, බ්‍රෙන්ඩන් කිං, එවීන් ලුවිස්, ගුඩාකෙෂ් මොටී, ෂර්ෆේන් රදෆර්ඩ්, ජේඩ්න් සීල්ස්, රොමාරියෝ ෂෙපර්ඩ්, හේඩ්න් වොල්ෂ් (කණිෂ්ඨ).
සටහන :
(වර්නන් ගුණසේකර)ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී