leader s

ප්‍රංශ ලෝක කුසලාන ජයග්‍රාහී පාපන්දු ක්‍රීඩක පෝල් පොග්බා ට පනවා තිබූ සිවු වසරක තරග තහනම මාස 18ක් දක්වා අඩු කර තිබෙනවා.

 

මාස 18කට ලිහිල් කර තිබෙන පොග්බාගේ තරග තහනම ආරම්භ වන්නේ 2023 සැප්තැම්බර 11 වැනිදා. ඒ අනුව හිටපු ප්‍රංශ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩක පොග්බා ලබන 2025 වසරේ මාර්තු මාසයේදී තරගකාරී පාපන්දු ක්‍රීඩාවට නැවත අවතීර්ණ වීමට සුදුසුකම් ලබනවා.

ඌඩිනෙසෙ (Udinese) කණ්ඩායමට එරෙහිව පැවති ඉතාලියේ Serie A තරගයට යීවෙන්චස් (Juventus) කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියදී පොග්බාගේ ශරීරයේ ටෙස්ටොස්ටරෝන් මට්ටම ඉහළ නංවන DHEA නමැති තහනම් ශරීර උත්තේජනය අඩංගු වී තිබූ බවට 2023 වසරේ අගෝස්තු මාසයේ තීරණය වීමෙන් පසුව 31 හැවිරිදි පෝල් පොග්බා මෙතෙක් ක්‍රීඩා කර නැහැ.

2790627 57596550 2560 1440

 

එම වසරේ සැප්තැම්බර් මාසයේදී ඉතාලියේ ජාතික මත්ද්‍රව්‍ය විරෝධී NADO Italia අධිකරණ මණ්ඩලය විසින් පොග්බා ට තාවකාලික තරග තහනමක් පැනවූ අතර පසුව 2024 වසරේදී පෙබරවාරියේදී ඔහුට සිවු වසරක තරග තහනම් දඬුවමක් නියම කළා.

යීවෙන්චස් පාපන්දු සමාජය සමග 2026 වසරේ ජූනි මාසය තෙක් කොන්ත්‍රාත්ගතව සිටින පොග්බා, තමා කිසිම වැරැද්දක් සිදු නොකළ බව තරයේ කියා සිටිමින් ‘ක්‍රීඩාව සඳහා වන බේරුම්කාර උසාවියට’ - Court of Arbitration (CAS) - ඇපෑලක් ඉදිරිපත් කළා. පොග්බාගේ සිවු වසරක තරග තහනම මාස 18ක් දක්වා අඩු වීම එම අභියාචනයේ ප්‍රතිඵලයක්.

“බියකුරු සිහිනය දැන් ඉවරයි” පොග්බා පවසන්නේ තමාගේ හේතු දැක්වීම ඇසූ CAS විනිසුරුවන්ට ස්තූතිය පළ කරමින්.

 

skynews paul pogba juventus 6473295

“ඔවුන්ගේ මේ තීරණයෙන් පසුව, මගේ සිහින නැවත හඹා යාමට හැකි වන දිනය උදා වන තෙක් ආශාවෙන් බලා සිටින්න දැන් මට පුළුවනි” යනුවෙන් පොග්බා ප්‍රකාශ කරනවා.

“මම දැනුවත්ව කිසිම අවස්ථාවක ලෝක මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සියේ රෙගුලාසි උල්ලංඝනය කර නැති බව මම එදා කීවා. මම පාවිච්චි කළේ පිරිමි ක්‍රීඩකයන්ගේ ක්‍රීඩාව හා ශක්තිය වැඩි දියුණු නොකරන, වෛද්‍යවරයෙක් විසින් නියම කළ පෝෂණ ආහාර අතිරේකයක්.”

 131060605 gettyimages 1642743262

 

ලෝක මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යවස්ථාව යට‌තේ සිවු වසරක තරග තහනම් යනු සම්මතයක් වූව ද ක්‍රීඩකයෙකුට ඔවුන්ගේ තහනම් ශරීර උත්තේජන භාවිතය හිතා මතා කළ දෙයක් නොවන බව හා තහනම් මත්ද්‍රව්‍ය පරීක්ෂණයෙන් තහවුරු වූ ද්‍රව්‍ය කෙලසීමකට ලක් කර තිබෙන බව ඔප්පු කිරීමට හැකි නම් හෝ පරීක්ෂණවලට උපකාරී වන වැදගත් සහයෝගයක් ලබා දිය හැකි නම් එම තහනම් අඩු කිරීමේ හැකියාව තිබෙනවා.

“මෙය මගේ ජීවිතයේ දැඩි වේදනාවක් ගෙන දුන් කාලයක්. මොකද, මම ඉතාමත් මහන්සි වී වැඩ කළ සියළු දේවල් ඇනහිට තිබුනා. නැවත තරග බිමට යන තෙක් මට ඉවසුමක් නැහැ” පොග්බා සඳහන් කරනවා.

තරග තහනමට ලක්ව සිටි කාලය නිකරුනේ නාස්ති නොකළ පොග්බා එම කාලය තුළ ඔහුගේ ශරීර යෝග්‍යතාව දිගටම පවත්වා ගෙන යාමට කටයුතු කර තිබෙනවා. මාස 14කට ආසන්න කාලයක් තරගකාරී ක්‍රීඩාවේ නියැලී නොසිටිය ද තරග මුවහත යළි ලබා ගැනීමට තමාට එතරම් කාලයක් ගත නොවනු ඇතැයි පොග්බා විශ්වාස කරනවා.

 

755e5af78a0c6b88277298dccdf778cb8f0f1a64

පොග්බා යීවෙන්චස් කණ්ඩායමට 2022 වසරේදී යළි එක්වූයේ එංගලන්තයේ මැන්චෙස්ට යුනයිටඩ් කණ්ඩායම සමග ඔහුගේ දෙවැනි ක්‍රීඩා වාරයෙන් පසුව. නැවත ඉතාලිය ට පැමිණීමෙන් පසු ඔහු ආබාධයන්ට ලක්වුනා. පොග්බා 2012 සිට 2016 දක්වා වකවානුවේ යීවෙන්චස් කණ්ඩායම වෙනුවෙන් තරග 178කට ක්‍රීඩා කළා.

දණහිසේ ආබාධයක් හේතුවෙන් ඔහුට 2022 ලෝක කුසලාන පාපන්දු අවසාන මහා තරගය දක්වා ප්‍රංශය ගිය ගමනට සහභාගි වීමට නොහැකි වුනා.

එහෙත් ඊට කළින් පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීම පිණිස ප්‍රංශය ට උපකාර කළ පෝල් පොග්බා ක්‍රොඒෂියාව ට එරෙහිව පැවති අවසාන තරගයේ ගෝල් 4-2ක ජයග්‍රහණයේදී ගෝලයක් ලබා ගැනීමට සමත් වුනා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්