leader s

කැනඩාවේ Newfoundland පළාතේ නැගෙනහිර මුහුදුබඩ පෙදෙසේ සර්පාකාර කැලෑ අඩිපාරේ හා නේවාසික මාර්ගවල මැරතන් ධාවනයේ යෙදී සිටි ධාවකයන් සමග සිවු පා තරගකරුවෙක් ද එක්වුනා. එයා දැන් ජනප්‍රිය කෙනෙක් බවට පත්ව සිටිනවා.

Conception Bay South නගරය පසුගිය ඉරිදා සත්කාරකත්වය දැක්වූයේ ඔවුන්ගේ ප්‍රථම T’Railway Trek අර්ධ මැරතන් තරගයට. එහි ධාවකයන් 250 දෙනා දේශීය ව්‍යාපාරයක් වන Taylor’s Pumpkin Patch පසු කරද්දී අලුත් තරගකරුවෙක් නිරායාසයෙන් තරගයට එක්වුනා. එම තරගකරුවා නගරයේ නේවාසිකව සිටින Mr. Joshua නමැති එළුවෙක්.

අයිතිකරුවන් දුවගෙන ඇවිත් ඌ අල්ලා ගන්නා තෙක් Joshua තරගකරුවන් පසෙකින් කිලෝමීටර් හතරකට ආසන්න දුරක් ධාවනයේ යෙදුනා. උගේ අයිතිකරුවන් තරගයේ අවසන් කිලෝමීටර් භාගය ඌ සමග ඇවිද ගියේ අවසන් රේඛාව පසු කිරීම පිණිස.

 

“අපි ඉක්මනටම උගේ බෙල්ල වටේ පදක්කමක් පැළඳුවා. ඒත් එක්කම Mr. Joshua ජනප්‍රිය තරුවක් බවට පත්වුනා. ඇත්තටම අර්ධ මැරතන් තරගය දුවපු පුද්ගලයන් බොහෝ දෙනෙකුට තරගයේ අවසන් රේඛාවේදී Joshua එක්ක පිංතූර ගන්න අවශ්‍ය වුනා” යනුවෙන් නගරාධිපති Darrin Bent පැවසුවා.

තමාගේ එළුවාගේ දුර දිවීමේ අභිලාෂය පිළිබඳව දැන ගත්තේ සමාජ මාධ්‍ය හරහා බව CBC පුවත් සේවයට ප්‍රකාශයක් කරමින් එළුවාගේ හිමිකරු වන Jeremy Taylor කියා සිටියා.

 

Town of Conception Bay South retrieved from Facebook
“අවුරුදු ගාණක් තිස්සේ තිබුනු කරපටිය කඩාගෙන මැරතන් ධාවකයන් සමග එක් වන්න ඌ තීරණය කළා. මිනිස්සු ලොකු කණ්ඩායම්වලින් ඉන්නවා දැකීම එයාට පුරුදුයි. සෙනඟ දුවනවා දකින කොට එයාත් ඔවුන්ට එකතු වෙන්න තීරණය කළේ එයා මෙතෙක් දුවපු වැඩිම දුර මෙය බව දන්නේ නැතිවයි.”

Mr. Joshua වැඩි වේලාවක් යන්නට මත්තෙන් තරගයේ කැපී පෙනුනු චරිතයක් බවට පත්වූ අතර උගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ වාර සිය ගණනින් බෙදා ගැනුනා. Conception Bay South නුවර පැවති මේ අර්ධ මැරතන් තරගය අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ සැලසුම් කරගෙන පැමිණි බවත් Joshua ඊට වැදගත් දෙයක් එකතු කළ බවත් නගරාධිපති සඳහන් කළා.

“Joshua තරගයට එකතු වෙලා මේ ඉසව්වට වාසනාව ගෙන දේ යැයි සැලකෙන සුරතල් තරුවක් බවට පත්වීම අපි බලාපොරොත්තු නොවූ දෙයක්. එදා මෙදා තුර විශිෂ්ටතම ක්‍රීඩකයෙකුව හඳුන්වන Greatest of All Time යන වචනයේ මුල් අකුරු වන G.O.A.T. මේ තරගයේ ඇත්තටම එළුවෙක් වීම ගැන අපි ඉතාමත් සතුටු වනවා.”

ලබන වසරේ අර්ධ මැරතන් තරගය ට Joshua ධාවකයෙකු මෙන් නොව අවසන් රේඛාවේ රැඳී සිටින්නෙකු ලෙස එක්වනු ඇතැයි නගරාධිපතිවරයා ප්‍රාර්ථනා කරනවා.

 

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්