leader s

විශ්‍රාම ගිය ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් නැවත තරග බිමට පිවිසෙන ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් - International Masters League (IML) - තරගාවලිය ප්‍රථම

වතාවට ඉන්දියාවේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තමන්ගේ ප්‍රියතම ක්‍රිකට් තරු නැවත දැක බලා ගැනීම සඳහා ක්‍රිකට් ලෝලීන්ට අවස්ථාව උදා කර දෙමින් ලොව වටා සිටින සංකේතාත්මක ක්‍රිකට් ක්‍රීඩකයින් ආදි ක්‍රිකට් යුගයක් යළි සිහිගන්වන තරගාවලියකට කැඳවන ජාත්‍යන්තර මාස්ටර්ස් ලීගය විස්සයි20 ශෛලියෙන් නොවැම්බර් 17 සිට දෙසැම්බර් 8 දක්වා පැවැත්වෙනු ඇත්තේ ඉන්දියාවේ ක්‍රීඩාංගණ තුනක.

 

462441358 122110407848545389 3137075267235894447 nජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් - International Masters League (IML) - තරගාවලිය

බ්‍රයන් ලාරා, සචින් ටෙන්ඩුල්කාර්, කුමාර් සංගක්කාර, ජැක්ස් කලිස්, ෂේන් වොට්සන් හා ඔයින් මෝගන් යන පුරාවෘත්ත ක්‍රිකට්  නායකත්වයෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව හා එංගලන්තය යන රටවල් හය මේ IML තරගාවලියට සහභාගි වීමට නියමිතයි.


මංගල තරගාවලිය ආරම්භ වනුයේ කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම හා සචින් ටෙන්ඩුල්කාගේ නායකත්වයෙන් යුත් ඉන්දියා කණ්ඩායම අතර තරගයෙන්.

 

Sachin Tendulkar Kumar Sangakkara India v 4oNnTZrM 3l1 V5hhsr 594x410මංගල තරගාවලිය ආරම්භ වනුයේ කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම හා සචින් ටෙන්ඩුල්කාගේ නායකත්වයෙන් යුත් ඉන්දියා කණ්ඩායම අතර තරගයෙන්.

මේ තරගය ඇතුළුව තරගාවලියේ ආරම්භක අදියරේ තරග හතර පැවැත්වෙන්නේ නාවි මුම්බායි හි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේ. දෙවැනි තරගයේදී ෂේන් වොට්සන්ගේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජැක්ස් කලිස්ගේ දකුණු අප්‍රිකානු කණ්ඩායම මුණගැසෙන අතර තෙවැනි තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව හා ඔයින් මෝගන්ගේ එංගලන්තය අතර. බ්‍රයන් ලාරාගේ නායකත්වයෙන් යුත් බටහිර ඉන්දීය‌ කොදෙව් පිල සිවු වැනි තරගයේදී අභියෝග කරන්නේ ඔස්ට්‍රේලියාව ට.

නොවැම්බර් 11 වැනිදා තරගාවලිය ලක්නොව් හි භාරට් රට්නි ශ්‍රී අටාල් බිහාරි වජ්පායී එක්නා ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙත පිවිසෙන අතර එහිදී ලීග් තරග හයක් ක්‍රීඩා කිරීමෙන් පසුව තරගාවලිය එහි අවසන් අදියර සඳහා නොවැම්බර් 28 වැනි දින රායිපූර් හි ෂහීඩ් වීර් නාරායන් සිං ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණෙනවා.

 

462513619 122110420676545389 830481315782098786 n ජාත්‍යන්තර මාස්ටර්ස් ලීගය විස්සයි20 ශෛලියෙන් නොවැම්බර් 17 සිට දෙසැම්බර් 8 දක්වා පැවැත්වෙනු ඇත්තේ ඉන්දියාවේ ක්‍රීඩාංගණ තුනක.

තරගාවලියේ අවසන් පූර්ව තරග හා දෙසැම්බර් 8 වැනිදා ප්‍රථම IML ශූරයින් කිරුළු පළඳින අවසාන මහා තරගය ඇතුළු තරග අටක් පැවැත්වෙනු ඇත්තේ රායිපූර් හි දී.
තියුණු තරග 18කින් සමන්විත ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් T20 තරගාවලිය ක්‍රිකට් පුරාවෘත්තයන්ගේ සටනක්.

කණ්ඩායම් හයකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් තරගාවලිය ස්ථාපිත කළේ සුනිල් ගවස්කාර් හා සචින් ටෙන්ඩුල්කා යන ඉන්දීය පුරාවෘත්ත ක්‍රිකට් ක්‍රීඩකයන්.

sachinකණ්ඩායම් හයකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් තරගාවලිය ස්ථාපිත කළේ සුනිල් ගවස්කාර් හා සචින් ටෙන්ඩුල්කා යන ඉන්දීය පුරාවෘත්ත ක්‍රිකට් ක්‍රීඩකයන්

 සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්