leader s

විනෝදයට මෙන් පන්දුවට පහර දෙමින් පසුගිය වසර කිහිපය තුළ එංගලන්තය වෙනුවෙන් දහස් ගණන් ලකුණු ලබා ගත් ජෝ රූට් (Joe Root) ලෝක ටෙස්ට් ක්‍රිකට්

ශූරතාවලියේ (WTC) ලෝක වාර්තාවක් නිර්මාණය කර තිබෙනවා. එංගලන්ත ලකුණු යන්ත්‍රය විසින් මේ වාර්තාව පිහිටුවා තිබෙන්නේ පාකිස්තානය ට එරෙහිව මුල්ටාන් නුවර පැවැත්වෙන WTC තරගයේ දෙවැනි දිනයේ.

root

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතා ඉතිහාසයේ ලකුණු 5000ක් රැස් කළ පළමු ක්‍රීඩකයා බවට රූට් පත්ව සිටිනවා. ඔහුට මේ දැවැන්ත වික්‍රමය වාර්තා කිරීමට හැකිව තිබෙන්නේ පසුගිය වසර කිහිපය තිස්සේ නොවෙනස්ව පවත්වා ගෙන ආ පිතිකරණයේ දක්ෂතාව නිසා.


හිටපු එංගලන්ත නායකයාට මේ සන්ධිස්ථානයට පිවිසීම සඳහා අවශ්‍යව තිබුනේ ලකුණු 27ක් පමණක් වූ අතර මුල්ටාන් ටෙස්ට් ගැටුමේ දෙවැනි දිනයේ සවස් වරුවේදී රූට් එම අවශ්‍යතාව සපුරා ගත්තා.

015b6225f30383588a955bb653154a10

ලෝක ටෙස්ට් ශූරතාවලියේදී ජෝ රූට් ලකුණු 5000ක් රැස් කර ගනිද්දී අනෙක් පිතිකරුවන් සිටින්නේ ඔහුට වඩා බොහෝ පිටුපසින්. ටෙස්ට් ශූරතාවලියේ රූට් ට පසුව දෙවැනියට සිටින ඔස්ට්‍රේලියාවේ මානස් ලබොචේන් (Marnus Labuschagne) රැස්කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 3904ක්.


WTC ඉතිහාසයේ වැඩිම ලකුණුලාභීන්:

1.ජෝ රූට් (එංගලන්තය) - තරග 59කින් ලකුණු 5000
2.මානස් ලබොචේන් (ඔස්ට්‍රේලියාව) - තරග 45කින් ලකුණු 3904
3.ස්ටීව් ස්මිත් (ඔස්ට්‍රේලියාව) - තරග 45කින් ලකුණු 3486
4.බෙන් ස්ටෝක්ස් (එංගලන්තය) - තරග 48කින් ලකුණු 3101
5.බාබර් අසාම් (පාකිස්තානය) - තරග 32කින් ලකුණු 2755



 සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්