leader s

මේ මස අග ධකා නුවරදී සිය ක්‍රිකට් ලෝලීන් ඉදිරියේ තමාගේ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගි වීමේ අපේක්ෂාවෙන් පසුවන බංග්ලාදේශයේ ක්‍රිකට් තරුව

වන ෂකිබ් අල් හසන් පුද්ගලයින් සිය ගණනකට මරු කැඳවමින් ජූලි මාසයේ පැවති ශිෂ්‍ය විරෝධතාවයේදී නිහඬව සිටීම පිළිබඳව ජනතාවගෙන් සමාව අයැද තිබෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ බලයේ සිටි, තමා ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අවාමි ලීග් පක්ෂයේ මූලිකත්වයෙන් යුත් රජය අගෝස්තු 5 වැනිදා බිඳ වැටීමට හේතු වූ ශිෂ්‍ය මෙහෙයුම සම්බන්ධයෙන් ෂකිබ් යමක් ප්‍රකාශ කළ ප්‍රථම අවස්ථාවයි මේ.

prothomalo english 2023 09 53893f14 b905 438e b7cc 39d1cc75caee prothomalo bangla 2023 09 9db06c5f fa59 4630 a485 169410c7f23e Shakib meet the press at Mirpur today

“පළමුව, තමන්ගේ ජීවිතය පුද කරමින් වෙනස්කම් කිරීම්වලට එරෙහිව ක්‍රියා කළ හා ජනතාවගේ මේ නැගිටීමේදී මිය ගිය හෝ තුවාල සිදුවූ සියළුම ශිෂ්‍යයන්ට මම මගේ ගෞරවය පුද කරන්න කැමතියි” ෂකිබ් අල් හසන් ඔහුගේ මුහුණු පොතේ සඳහන් කර තිබෙනවා. “මම මගේ හද පත්ලෙන් නැගෙන ගෞරවය හා ශෝකය ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට පුද කරනවා. කිසිම කැප කිරීමක් ආදරණීය කෙනෙකුගේ නැති වීමට වන්දියක් නොවන අතර දරුවකු හෝ සහෝදරයෙකු නැති වීමේ හිස්බව පුරවන්න කිසිම දෙයකට බැහැ. ඒ තීරණාත්මක මොහොතේදී මා නිශ්ශබ්දව සිටීම නිසා වේදනවාක් ඇතිවූ සියළු දෙනාටම මම කියන්නේ මම ඔබගේ හැඟීම්වලට ගරු කරනවා වගේම ඇත්ත වශයෙන්ම සමාව අයැදිනවා කියලයි. මම ඔබේ තැන හිටියා නම්, මගේ මනසත් සසල වෙන්න ඉඩ තිබුනා.”


ජූලි මාසයේ බංග්ලාදේශයේ ප්‍රචණ්ඩත්වය හටගන්නා විට ෂකිබ් සිටියේ කැනඩාවේ ගෝලීය T20 තරගාවලියකට සහභාගි වෙමින්. අගෝස්තු මුල පැවති එක් තරගයක් අතරතුර, බංග්ලාදේශයේ ඇතිව තිබෙන ප්‍රචණ්ඩත්වය පිළිබඳව ක්‍රිකට් ලෝලියෙක් ෂකිබ්ගෙන් විමසූ විට ඔහු එම ක්‍රීඩා ලෝලියා සමග කෝපයෙන් තර්ක කර තිබුනා.

 

pakisthan test සිසු විරෝධතා සම්බන්ධයෙන් වූ මිනීමැරුම් නඩුවකට නම් කරන ලද අවාමි ලීග් පක්ෂයේ 146 දෙනෙකු අතර ෂකිබ්ගේ නම ද ඇතුළත් කර තිබුනේ ඔහු රාවල්පින්ඩි නුවරදී පාකිස්තානය ට එරෙහිව පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටියදී.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට අමතරව ෂකිබ් අල් හසන් බංග්ලාදේශයේ ලොකුම ක්‍රිකට් තරුව වන බැවින් ඔහුගේ නිහඬතාව බොහෝ දෙනා තුළ අමනාපයක් ඇති කළා. සිසු විරෝධතා සම්බන්ධයෙන් වූ මිනීමැරුම් නඩුවකට නම් කරන ලද අවාමි ලීග් පක්ෂයේ 146 දෙනෙකු අතර ෂකිබ්ගේ නම ද ඇතුළත් කර තිබුනේ ඔහු රාවල්පින්ඩි නුවරදී පාකිස්තානය ට එරෙහිව පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටියදී.

ෂකිබ් තවදුරටත් මෙසේ සඳහන් කර තිබෙනවා.

shakib al hasan 6002 1727339134

“මට ක්‍රිකට් පිටියෙන් සමුගන්න ඕන ඔබ සියලු දෙනාම මා වටා සිටියදී. ඒ සමුගන්නා මොහොතේදී, මට වඩාත් හොඳින් ක්‍රීඩා කිරීමට මාව උනන්දු කරමින් මට අත්පොලසන් දුන් අයට අතට අත දෙන්න මට අවශ්‍යයි. මම හොඳින් ක්‍රීඩා කළ විට සන්තෝෂයෙන් මට චියර් කළ සහ මම ‌හොඳින් ක්‍රීඩා නොකළ විට කඳුලු පුරවා ගත් ඒ දෑස් දැකගන්න මට අවශ්‍යයි.”


සිය පවුල සමග අමෙරිකාවේ ජීවත් වන ෂකිබ් අල් හසන් තමා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව සැප්තැම්බර් 26 වැනිදා ප්‍රකාශ කළා. බංග්ලාදේශය ට ආරක්ෂිතව තමාගේ පැමිණීම හා පිටවීම සහතික කිරීමට බලධාරීන්ට හැකි නම්, තමාගේ අවසාන ටෙස්ට් තරගය දකුණු අප්‍රිකාව ට එරෙහිව ඔක්තෝබර් 21 වැනිදා සිට ධකා නුවරදී ක්‍රීඩා කිරීමට තමාට අවශ්‍ය බව ෂකිබ් පවසා තිබෙනවා. T20 ලෝක කුසලාන තරගාවලිය පැවති ජූනි මාසයේ සිට බංග්ලාදේශයේ රැඳී නොසිටි ඔහු ටෙස්ට් කණ්ඩායම සමග එක්වූයේ කෙළින් ම පාකිස්තානය ට හා ඉන්දියාව ට පැමිණෙමින්.

ෂකිබ් ට අවශ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට නොහැකි වූව ද රජයේ මට්ටමෙන් ධනාත්මක සංඥා ෂකිබ් වෙනුවෙන් නිකුත්ව තිබෙන බව ක්‍රිකට් මණ්ඩලයේ සභාපති ෆාරුක් අහමඩ් ප්‍රකාශ කර තිබුනා. බංග්ලාදේශයේ ක්‍රීඩා අධ්‍යක්ෂවරයා වන අසි‌ෆ් මොහමඩ් කියා තිබුනේ රජය ෂකිබ් ට ආරක්ෂාව සැපයූව ද ෂකිබ් ඔහුගේ දේශපාලන ස්ථාවරය ජනතාවට පැහැදිලි කළ යුතු බවයි.

 

Shakib al hasanඅවාමි ලීගයෙන් නාම යෝජනා ලැබුනු ඔහු Magura-1 මැතිවරණ කොට්ඨාශයෙන් පහසුවෙන් ම ජයග්‍රහණය කළා.

මුහුණු පොතේ බදාදා පළ කළ දීර්ඝ පෝස්ටු‌වෙන් තමා පසුගිය වසරේදී දේශපාලනයට සම්බන්ධ වූ හේතුව ෂකිබ් සටහන් කර තිබුනා. අවාමි ලීගයෙන් නාම යෝජනා ලැබුනු ඔහු Magura-1 මැතිවරණ කොට්ඨාශයෙන් පහසුවෙන් ම ජයග්‍රහණය කළා.

“මම කෙටි කාලයක් Magura-1 මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව සිටියා. මගේ දේශපාලන මැදිහත්වීම ප්‍රධාන වශයෙන් තිබුනේ මගේ උපන් නගරය වන Magura හි සංවර්ධනයට කැපවීමේ මගේ ආශාව වෙනුවෙන්. ඔබ දන්නා පරිදි, බංග්ලාදේශයේදී විශේෂ කාර්යභාරයක් නැති කෙනෙකුට පළාතේ සංවර්ධනයට සෘජුවම බලපෑමක් ඇති කරන්න අපහසුයි.”

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට මාව පෙළඹවූයේ මේ පළාත දියුණු කිරීමට මට තිබූ ප්‍රාර්ථනයයි. කෙසේ වෙතත්, අවසානයේ, මගේ ප්‍රධාන අනන්‍යතාව බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයා යි. මම කොහේ ගියත් මොන තරාතිරමක හිටියත්, මම සැමවිටම සිටියේ ක්‍රිකට් මගේ හදවතේ තබා ගෙනයි.”

  Shakib Al Hasan අවසානයේ, මගේ ප්‍රධාන අනන්‍යතාව බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයා යි. මම කොහේ ගියත් මොන තරාතිරමක හිටියත්, මම සැමවිටම සිටියේ ක්‍රිකට් මගේ හදවතේ තබා ගෙනයි.”

ෂකිබ් අල් හසන් ඔහුගේ පෝස්ටුව අවසන් කළේ ක්‍රීඩා ලෝලීන්ට ප්‍රණාමය පුද කරමින්.

“මම ළඟදීම මගේ අන්තිම තරගය ක්‍රීඩා කරන බව ඔබ සැවොම දන්නවා. මට උවමනා කරන්නේ ඔබ සියළු දෙනාම මගේ වටේ සිටියදී ක්‍රීඩාවෙන් සමුගන්නයි. ඒ අවස්ථාවේදී, ඔබට අත අත දී අපි සියළු දෙනා එක්ව, ඇත්තෙන්ම මා නොව ඔබ සියළු දෙනා නළුවන් වන මේ කතාන්දරය අවසන් කරමු!”

 සටහන :
warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්