leader s

ඉරානයේ 14 හැවිරිදි ටේබල් ටෙනිස් ක්‍රීඩකයෙක් ලොව අංක 1 ට ශ්‍රේණිගතව සිටින චීනයේ ටේබල් ටෙනිස් ක්‍රීඩකයා පරාජය කරමින්

ඉතිහාසගතව සිටිනවා.

මේ හපන්කම කර තිබෙන්නේ නව යොවුන් වියේ පසුවන බෙන්යමින් ෆරාජි (Benyamin Faraji). ඔහු හමුවේ පරාජය වූයේ 24 හැවිරිදි වැන්ග් චුකින් (Wang Chuqin). තරගය පැවතියේ 2024 ආසියානු ටේබල් ටෙනිස් ශූරතාවලියේදී.

කසකස්තානයේ අල්මාටි නුවර අඟහරුවාදා පැවති මේ ජාත්‍යන්තර තරගයේදී කාගේත් අවධානය දිනා ගත් මේ ළාබාල ක්‍රීඩකයා ආසියානු ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී වට 3-2කින් චීන ශූරයා පරාජය කිරීමට සමත් වුනා.

මේ පරාජය ලැබුවේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් හා මිශ්‍ර යුගල ටේබල් ටෙනිස් රන් පදක්කම් දිනා ගත් චීනයේ ක්‍රීඩකයා වන බැවින් ඉරානයේ බෙන්යමින්ගේ ජයග්‍රහණය වඩාත් සුවිශේෂී එකක් බවට පත්වනවා.

වර්තමානයේ ලෝකයේ ඉහළින්ම ශ්‍රේණිගතව සිටින කණිෂ්ඨ ටේබල් ටෙනිස් ක්‍රීඩකයා වන්නේ බෙන්යමින් ෆරාජි.

 
සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්