මාස්ටර්චෙෆ්ගේ ග්‍රෙග් වොලස් (දකුණ) වැනි ජනප්‍රිය තරු මුණගැසුණු අයුරු පෙන්වීමට ජඩ්සන් (වම) සිය සමාජ මාධ්‍ය යොදාගෙන තිබූ අයුරු
ලෝක ටෙනිස් කැලැන්ඩරයේ සංකේතාත්මක තරගාවලියක් වන විම්බල්ඩන් ශූරතාවලිය පැවැත්වෙන අතරතුර සොරකමේ යෙදුනු විම්බල්ඩන් කෝකියෙක් උසාවියෙන් දඬුවම් ලබා සිටිනවා.
ඔහු නොයෙකුත් වෙළඳ භාණ්ඩ සොරකම් කරන අයුරු හසුව තිබෙන්නේ රහසිගතව සවි කර තිබූ වීඩියෝ කැමරාවලින්.
වාර්ෂිකව පැවැත්වෙන මේ විචිත්‍රවත් ග්‍රෑන්ඩ් ස්ලෑම් ඉසව්වට ලොව සුපිරි ටෙනිස් ක්‍රීඩකයන් සහභාගි වෙද්දී ‘ඒ-ලැයිස්තුවේ’ කීර්තිමත් පුද්ගලයන් හා රාජකීය පුද්ගලයන් මණ්ඩපයේ සිට තරග නරඹනවා.
වාර්ෂිකව පැවැත්වෙන මේ විචිත්‍රවත් ග්‍රෑන්ඩ් ස්ලෑම් ඉසව්වට ලොව සුපිරි ටෙනිස් ක්‍රීඩකයන් සහභාගි වෙද්දී ‘ඒ-ලැයිස්තුවේ’ කීර්තිමත් පුද්ගලයන් හා රාජකීය පුද්ගලයන් මණ්ඩපයේ සිට තරග නරඹනවා.
All England Club හි දී මේ තරග නරඹන සමාජයේ ඉතාමත් ඉහළ පෙලැන්තියේ පුද්ගලයන්ට බොහෝ විට සංග්‍රහ කෙරෙන්නේ සුඛෝපභෝගී ආහාරවලින්. මේ ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන්ට ආහාර පිසීමේ වගකීම දරණ එක් කෝකියෙක් දැන් රැකියා විරහිතව සිටිනවා.
ගබඩා කර තිබෙන බඩු භාණ්ඩ අතුරුදන් වන්නේ කෙසේද කියා විම්බල්ඩන් ප්‍රධානීන් තුෂ්නිම්භූතව සිටියදී 36 හැවිරිදි ස්කොට් ජඩ්සන් (Scott Judson) අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මේ වසර මුල් භාගයේ.
බඩු සොරකම් කරද්දී සොරා අත ට ම අල්ලා ගැනීමේ අපේක්ෂාවෙන් ප්‍රධානීන් විසින් රහසිගත වීඩියෝ කැමරා සවි කර තිබුනා. ගබඩා කාමරය තුළ රහස් කැමරා දෙකක් සවි කර තිබූ බවට වාර්තා වන අතර ජඩ්සන් කාමරයට ඇතුළු වී පෙට්ටිවලින් බඩු එළියට ගෙන ඒවා සමග පිටව යන අයුරු එහි සටහන්ව තිබුනා.
විම්බල්ඩන් ප්‍රධානීන් තුෂ්නිම්භූතව සිටියදී 36 හැවිරිදි ස්කොට් ජඩ්සන් (දකුණුපස) අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මේ වසර මුල් භාගයේ.
සොරකම් කරන ලද පවුම් 849ක් වටිනා භාණ්ඩ පොලිසිය විසින් පසුව සොයා ගැනුනා.
මේ ගෞරවනීය ස්ථානයේ පසුගිය වසර තුනක් තිස්සේ සේවය කරමින් සිටි මේ කෝකියා ටෙනිස් ක්‍රීඩාව සමග ඉස්තරම් ආහාර රස විඳීමට අවශ්‍ය ලෝකයේ ලොකුම හා ධනවත් ම පුද්ගලයන්ට ආහාර පිළිගන්වා තිබෙනවා.
මේ විම්බල්ඩන් කෝකියා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ විම්බල්ඩන් පිරිමි කේවල අවසාන මහා තරගය පැවති ජූලි 14 වැනිදා. සොරකම් කරන ලද භාණ්ඩ අතර කොකේන් මත්ද්‍රව්‍ය ද ඔහු ළඟ තිබී සොයා ගෙන තිබෙන අතර එය තමාගේ පෞද්ගලික පාවිච්චිය සඳහා බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
මේ විම්බල්ඩන් කෝකියා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ විම්බල්ඩන් පිරිමි කේවල අවසාන මහා තරගය පැවති ජූලි 14 වැනිදා
පසුව වෙස්ට්මින්ස්ට මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි විම්බල්ඩන් අරක්කැමියා සොරකම් කිරීම හා ‘ඒ’ පංතියේ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවලට වරදකරු බවට පිළිගත්තා.
වරදකරුට මාස 12ක් ප්‍රජා සේවයේ යෙදෙන ලෙසට අධිකරණය නියෝග කළ අතර පවුම් 399ක දඩ මුදලක් ගෙවීමට අමතරව පඩි නොලබන පැය 40ක සේවයක් ද ඔහු විසින් සම්පූර්ණ කළ යුතුව තිබෙනවා.
සටහන :

(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






