leader s

නවසිලන්තයේ එඩ්මන්ඩ් හිලරි (Edmund Hillary) සහ නේපාලයේ ටෙන්සිං නෝගේ (Tenzing Norgay) එවරස්ට් කන්ද තරණය

කිරීමට වසර 29කට ආසන්න කාලයකට පෙර එහි මුදුනට ප්‍රථම වතාවට ගියේ බ්‍රිතාන්‍ය කඳු නගින්නන් වූ ඇන්ඩෲ ‘සැන්ඩ්’ අර්වින් (Andrew ‘Sandy’ Irvine) හා ජෝජ් මැලරි (George Mallory) ද?

se5r23d
කඳු නැගීමේ ක්‍රීඩාවේ තිබෙන මේ ලොකුම අභිරහස විසඳා ගැනීමට අවස්ථාවක් දැන් උදා වී තිබෙනවා.

මැලරිගේ මළසිරුර 1999 වසරේදී සොයා ගැණුන ද, අර්වින්ගේ ආගිය අත පසුගිය මාසය වන තෙක් ම අභිරහසක්ව පැවතුනා. එහෙත් වාර්තාමය චිත්‍රපටයක් රූගත කිරීම පිණිස පසුගිය මාසයේදී එවරස්ට් කන්දට ගිය කඳු නගින්නන් හා චිත්‍රපට නිෂ්පාදකයින්ගෙන් සමන්විත National Geographic කණ්ඩායමට අර්වින්ගේ යැයි හඳුනා ගත හැකි ලේබලයකින් යුත් මේස් හා පාදයක් සහිත බූට් සපත්තුවක් හමුවීමෙන් පසුව මේ අභිරහස විසඳීමේ මාර්ගයක් විවර වී තිබෙනවා. මේස් එකේ තිබෙන රතු පැහැති ලේබලයක A.C.IRVINE යන අකුරු මසා තිබෙන බවට වාර්තා වනවා.

aer34

එය, මීට වසර 100කට පෙර එවරස්ට් කන්දේදී අතුරුදන් වූ තරුණ බ්‍රිතාන්‍ය කඳු නගින්නාගේ පවුලේ අය කිසි දිනෙක අපේක්ෂා නොකළ ආරංචියක්. කඳු නගින්නන් විසින් භාවිතා කරන මේ බූට් සපත්තුව 1924 වසරේ ජූනි මාසයේ 8 වැනිදා සිය සහකරුවා වන ජෝජ් මැලරි සමග එවරස්ට් කන්ද තරණය කිරීම ආරම්භ කිරීමෙන් පසුව අතුරුදන් වූ අර්වින්ගේ බවට විශ්වාස කෙරෙනවා. හිම නදියේ (ග්ලැසියරය) සුරක්ෂිතව තිබූ ‌මේ බූට් සපත්තුව චිත්‍රපට කණ්ඩායමට දැක ගැනීමට හැකිව තිබෙන්නේ ඒ මත තැන්පත්ව තිබූ අයිස් ඒ අවස්ථාවේදී දියවී යමින් එය නිරාවරණයව තිබූ බැවින්.

පසුගිය වසර ගණනාවක් තිස්සේ බොහෝ දෙනෙක් අර්වින්ගේ සිරුර සොයමින් සිටිනවා. ඊට හේතුව වනුයේ 22 හැවිරිදි අර්වින් ඒ තීරණාත්මක කඳු තරණය සඳහා කැමරාවක් රැගෙන ගිය බවට විශ්වාස කෙරෙන නිසා. ඔහු සහ මැලරි එවරස්ට් කඳු මුදුනේ සිටින ඡායාරූපයක් ඒ කැමරාවේ අඩංගුව තිබීමට ඉඩ ඇතැයි බොහෝ දෙනා අනුමාන කරනවා.

එවරස්ට් කඳු මුදුනට ප්‍රථමයෙන් ගියේ අර්වින් හා මැලරි බවට ඔප්පු කිරීමට හැකි වුවහොත් එයින් කඳු නැගීමේ ඉතිහාසය උඩුයටිකුරු වනවා. ලෝකයේ උසම කන්දේ මුදුනට 1953 වසරේ මැයි 29 වැනිදා ප්‍රථමයෙන් පිවිසුනේ එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සිං නෝගේ බවට මෙතෙක් ඉතිහාසගතව තිබීම ඊට හේතුවයි.

“එවිට අපි සියළු දෙනාටම ලොකු ආඩම්බරයක් දැනේවි” යනුවෙන් අර්වින්ගේ බෑණාගේ සහ ලේලියගේ දියණිය වන 64 හැවිරිදි ජුලී සමර්ස් (Julie Summers) පවසනවා. “නමුත් අපේ පවුල, අර්වින්ලා එවරස්ට් කන්දේ කොච්චර දුරක් ගියා ද, ඔවුන් කොතරම් නිර්භීත වුනාද, ඇත්තටම සිදුවුනේ‌ මොකක්ද යන අභිරහස ගැන විමසිල්ලෙන් සිටියා.”

sert2345
“මේ සියළු ප්‍රශ්නවලට උත්තර ලැබෙන්නේ අර්වින් ඔහු සමග රැගෙන ගිය බවට විශ්වාස කෙරෙන කැමරාවේ තිබෙන ඡායාරූපයක් සොයා ගැනීමට හැකි වුනොත් පමණයි” සමර්ස් ප්‍රකාශ කරනවා.

මේ පාදය අර්වින්ගේ බවට සහතික කර ගැනීම පිණිස ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් ඩී.එන්.ඒ. සාම්පලයක් ලබා දී ඇතත් එය අර්වින් ට අයත් බවට චිත්‍රපට නිෂ්පාදක කණ්ඩායම විශ්වාස කරනවා.

National Geographic කණ්ඩායම සැප්තැම්බරයේදී මේ සොයා ගැනීම කර තිබෙන්නේ එවරස්ට් කන්දේ උතුරු පැත්ත අසල Central Rongbuk ග්ලැසියරය බසිමින් සිටියදී. ඔවුන් ගමන් කරමින් සිටි මාර්ගයේ 1933 දිනැති ඔක්සිජන් බෝතලයක් ඔවුන්ට හමුවී තිබෙනවා.

National Geographic වාර්තාවට අනුව මේ වැදගත් හෝඩුවාවෙන් ප්‍රබෝධයට පත්වූ කණ්ඩායම දින ගණනාවක් ගත කරමින් හිම නදිය පරීක්ෂා කර තිබෙනවා. ඔවුන්ට දියවෙමින් යන අයිස්වලින් මතුව තිබූ බූට් සපත්තුව හමුවී තිබෙන්නේ ඒ පරීක්ෂාවේදී.

සපත්තුව සොයා ගැනීමෙන් පසුව චිත්‍රපට අධ්‍යක්ෂ ජිමී චින් (Jimmy Chin) ලබා දුන් දුරකථන ඇමතුම්වලින් පළමුවැන්න වූයේ ජුලී සමර්ස් ට. ඇය 2001 වසරේදී නිකුත් වූ අර්වින්ගේ ජීවන චරිතාපදානයේ කතුවරිය යි.

සමර්ස් හැදී වැඩුනේ අභියෝගාත්මක අත්දැකීම්වලට නැඹුරු වූ, ඔක්ස්ෆර්ඩ් අධ්‍යාපනය ලැබූ ‘සැන්ඩි අන්කල්’ලෙසින් හැඳින්වු අර්වින් පිළිබඳ කතාන්දර අසමින්. ඔහු සමර්ස්ගේ ආච්චිගේ බාල ම සොහොයුරා යි.

“මගේ ආත්තම්මා මිය යන තුරුම ඔහුගේ පිංතූරයක් එයාගෙ ඇඳ ළඟ තියා ගත්තා” යනුවෙන් සමර්ස් කියනවා.

අර්වින් අතුරුදන්වී වසර සියයක් පිරෙන මේ අවස්ථාවේ සොයා ගැණුනු බූට් සපත්තුව “අර්වින්ට අයිති, ඔහුගේ කොටසක් අඩංගු වස්තුවක්” බවට ඇය සඳහන් කරනවා. “එදා සිදුවූ දේ පිළිබඳ සම්පූර්ණ කතාව මෙයින් කියැවෙනවා.”

set45ඇන්ඩෘ අර්වින් : එවරස්ට් මත නැතිවූ ශරීරය
එවරස්ට් කන්ද මුදුනට පිවිසීම සඳහා සිදු කෙරුනු ප්‍රථම වැදගත් උත්සාහය ලෙසින් සැළකෙන 1924 බ්‍රිතාන්‍ය ගවේෂණයේ සිටි ළාබාල ම සාමාජිකයා වූයේ එවකට 22 වැනි වියේ පසුවූ ඇන්ඩෲ අර්වින්. ඊට පෙර මේ ගවේෂණ කණ්ඩායම එවරස්ට් කන්ද තරණය කිරීමට උපයෝගී කර ගත හැකි මාර්ග හඳුනා ගැනීම පිණිස 1921 හා 1922 වසරවලදී කන්දේ ගවේෂණයක් සිදුකර තිබුනා.  

අර්වින්ගේ කඳු තරණ බූට් සපත්තුව සොයා ගැනීම හේතුවෙන් ඔහුගේ ඥාතීන්ට හා කඳු නැගීමේ ලෝකයට අවසානයේ ලැබී තිබෙන්නේ ලොකු මානසික සැනසීමක්.

නමුත් මේ සොයා ගැනීම සිදුවන කාලයේ තමන්ගේ පැරණි පරම්පරාව මෙලොව නොසිටීම පිළිබඳව සමර්ස් හා ඇයගේ ඥාති සොයුරු සොයුරියන් කෘතඥ වීම සමහර විට පුදුමයක් විය හැකියි. ඊට හේතුව සමරස් මෙසේ පහදා දෙනවා.

“අපේ පැරණි පරම්පරාවට එවරස්ට් යනු අර්වින්ගේ සොහොන යි!”

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්