leader s

2023 ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අතරතුර ක්‍රීඩකයෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට්

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ එම තනතුරෙන් නෙරපා දමා තිබෙනවා.

2025 වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලාන තරගාවලිය‌ තෙක් කණ්ඩායමේ අන්තර් ප්‍රධාන පුහුණුකරු ලෙස ෆිල් සිමන්ස් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය විසින් පත්කර තිබෙනවා. සිමන්ස් සිම්බාබ්වේ, අයර්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව් හා ඇෆ්ගනිස්තානය යන කණ්ඩායම්වල හිටපු ප්‍රධාන පුහුණුකරුවෙක්.

බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ සභාපති ෆාරුක් අහමඩ්

 

චන්දික හතුරුසිංහ ට වැරදි ක්‍රියාවන් දෙකක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ සභාපති ෆාරුක් අහමඩ් ඊයේ ධකා නුවර පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. “පළමුවැන්න, ක්‍රීඩකයෙකුට පහර දීම. දෙවැන්න, ඔහු ඔහුගේ කොන්ත්‍රාත්තුවේ තිබෙන නිවාඩුවලට වඩා නිවාඩු ගැනීම” යනුවෙන් අහමඩ් කියනවා.


හතුරුසිංහගේ සේවය පළමුව පැය 48කට තාවකාලිකව අත්හිටුවා ඉන්පසු සේවයෙන් සම්පූර්ණයෙන්ම නෙරපා හැරීමට හේතුව වී තිබෙන්නේ 2023 ලෝක කුසලාන තරගාවලියේ නවසිලන්තය ට එරෙහිව චෙන්නායි හි පැවති තරගය අතරතුර හටගත් සිදුවීමක්. එම තරගයේ එක් විරාමයකදී හතුරුසිංහ ක්‍රීඩකයෙකුට පහර දුන් බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා. පිටිය මැද සිටින පිතිකරුවන්ට බීම ගෙන යාමේ කාර්යය භාර දී තිබූ මේ ක්‍රීඩකයා එම විරාමයේදී ඔහුගේ කාර්යය සිදු කිරීමට මඳක් පමා වීම නිසා හතුරුසිංහ මේ පහර දීම සිදුකර තිබෙන බව වාර්තා වනවා. සිද්ධිය ඇසින් දුටුවන් සති දෙකකට පසුව ඒ පිළිබඳව කොල්කටා නුවර සිටි බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ උසස් නිලධාරීන්ට දන්වා ඇතත් ඔවුන් ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වා තිබුනේ නැහැ.

 

news 1728989274628බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ එම තනතුරෙන් නෙරපා දමා තිබෙනවා

පමණට වැඩියෙන් නිවාඩු ගැනීම හේතුවෙන් හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ සේවකයෙකු වශයෙන් අයුතු ලෙස කටයුතු කර ඇතැයි ද අහමඩ් පවසනවා. මණ්ඩලය සමග හතුරුසිංහගේ තිබෙන කොන්ත්‍රාත්තුව අනුව ඔහුගේ නිවාඩු වසරකට දින 45ක් බැගින් වන උපරිමයක්ව තිබුන ද ඔහු 2023 වසරේදී දවස් 112ක් ද, 2024 වසරේ මේ දක්වා දින 59ක් ද නිවාඩු ගෙන තිබෙන බව පැවසෙනවා.

බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් නෙරපා දැමීමේ තීරණය දන්වන ලිපිය අහමඩ්ගේ නිවේදනයට පැය කිහිපයකට පෙර බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන විධායක නිසමුඩින් චවුද්රි විසින් හතුරුසිංහ ට ලබා දී තිබෙන්නේ ෂෙරී බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේදී.

හතුරුසිංහගෙන් පහර කෑමට ලක්වූ ක්‍රීඩකයා කවුරුන්ද යන වග බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් හෙළි කරන්නේ නැහැ.

“ඒ ක්‍රීඩකයාට එය ඉතාම දුක්මුසු සිදුවීමක්. මම කාවවත් ආරක්ෂා කරන්නේ නැහැ. තරගයක උණුසුම් මොහොතක ඔ්නෑම දෙයක් සිදුවිය හැකියි. නමුත් ක්‍රීඩකයෙකුට පහර දෙන්න බැහැ. ඒක පිළිගන්න බැහැ. මෙය නිවැරදි දඬුවමයි. මෙය පැනවිය යුතුව තිබුනේ මීට කලකට පෙර යි” අහමඩ් කියා සිටියා.

 hatu1තරගයක උණුසුම් මොහොතක ඔ්නෑම දෙයක් සිදුවිය හැකියි. නමුත් ක්‍රීඩකයෙකුට පහර දෙන්න බැහැ

“සිද්ධියට මුහුණ දුන් ක්‍රීඩකයා ඉන්නේ මහත් කලකිරීමකින්. මම එයාගෙ නම කියන්නේ නැහැ. අපි මේ අයුතු ක්‍රියාව ගැන විතරක් කතා කරමු. මෙය සිදු නොවිය යුතු සිදුවීමක්.”

තමා බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ සභාපති වශයෙන් පත්වීමට පෙර සිට ම තමා මේ සිද්ධිය පිළිබඳව කියවා තිබූ බවත් අගෝස්තු මාසයේ තමා මේ තනතුරට පත්වූ වහාම මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කළ බවත් අහමඩ් සඳහන් කළා.

“මේ පරීක්ෂණය සිදු කළේ මා විසින් ම යි. සිද්ධියට මුහුණ දුන් ක්‍රීඩකයා සමග මම කතා කළා. සිද්ධිය ඇසින් දුටුවන් සමග කතා කළා.”

“මේ ගැන මම ගිය අවුරුද්දේ දැන ගත් අවස්ථාවේ මම කොතරම් කලකිරුනාද කියලා මට මතකයි. ඒ වෙලාවේ ම මේ ගැන මොනවා හරි කරන්න තිබුනා කියලා මට හැඟුනා. වර්ගවාදය හා නින්දා කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය බොහොම තදින් සිටිනවා. ක්‍රීඩකයෙකුට පහර දීමේ ක්‍රියාවක් පිළිබඳව ඔවුන් ඊටත් වඩා බරපතළ ලෙස කටයුතු කරාවි.”

 

image 1531299431 c5f6da824eහිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චන්දික හතුරුසිංහ

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චන්දික හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහුගේ දෙවැනි වාරය සඳහා නැවත පැමිණියේ 2023 පෙබරවාරියේ. මේ වසරේ අගෝස්තු මාසයේදී, අහමඩ් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් පත්වීමෙන් පසුව, ඔහු ප්‍රකාශ කර තිබුනේ හතුරුසිංහ තවදුරටත් බංග්ලාදේශයේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු නොකළ යුතු බව යි. හතුරුසිංහ තනතුරෙන් නෙරපා දැමීම සිදු කෙරුනේ කිසිම පෞද්ගලික හේතුවක් නිසා නොවන බව ද අහමඩ් අවධාරණය කරනවා.

“බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ සභාපති ලෙස තේරී පත්වීමට පෙර හතුරුසිංහ ගැන මම කතා කළේ පුහුණුකරුවෙකුව තක්සේරු කරන හිටපු ක්‍රීඩකයෙකු ලෙසින්. මම ඒ වෙලාවේ කිවුවා බංග්ලාදේශයට දෙන්න හතුරුසිංහ ට මීට වඩා තවත් දෙයක් ඉතුරු වෙලා නැහැ කියලා. අද මම ගත්ත තීරණයට පෞද්ගලික හේතු කිසිවක බලපෑමක් සිදුවී නැහැ.”

Bangladesh coach assault scaledඔවුන් පාකිස්තාන භූමියේ ලැබූ මංගල ජයග්‍රහණය මෙන්ම වසර 15කින් ලබා ගත් පළමු විදේශ ටෙස්ට් තරගමාලා ජයග්‍රහණය ද වුනා.

හතුරුසිංහ යටතේ බංග්ලාදේශය පසුගිය වසරේ පැවති ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සහ මේ වසරේ පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ දැඩි පසුබෑමකට ලක්වුනා. මෙවර සේවා කාලය තුළ ඔහුගේ ලොකුම සාර්ථකත්වය වූයේ පසුගිය අගෝස්තු මාසයේ පාකිස්තානය ට එරෙහිව බංග්ලාදේශය අත්කර ගත් 2-0ක ටෙස්ට් තරගමාලා ජයග්‍රහණය. එය ඔවුන් පාකිස්තාන භූමියේ ලැබූ මංගල ජයග්‍රහණය මෙන්ම වසර 15කින් ලබා ගත් පළමු විදේශ ටෙස්ට් තරගමාලා ජයග්‍රහණය ද වුනා. කෙසේ වෙතත්, ඉන්පසුව ඉන්දියාවේ කළ සංචාරයේදී බංග්ලාදේශය ටෙස්ට් තරගමාලාවේ 2-0ක පරාජයක් ද, විස්සයි20 තරගමාලාවේ 3-0ක පරාජයක් ද ලැබුවා. තෙවැනි තරගයේදී අත්විඳින්නට සිදුවූ ලකුණු 133ක දැවැන්ත පරාජය ද මීට ඇතුළත්.

සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්