leader s

ලංකා දහයයි10 සුපර් ලීගය - Lanka T10 Super League - ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික කැලැන්ඩරයට අලුතින්ම එක්වන තරගාවලියයි.


මේ 2024 මංගල තරගාවලිය සඳහා ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීමේ දොරටුව දැන් විවර වී තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

serw45

දෙසැම්බර් 12 සිට 22 දක්වා පැවැත්වෙන මේ තරගාවලියට ලොව සිටින දක්ෂතම ජාත්‍යන්තර ක්‍රිකට් තරු හා ඉහළම පෙලේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගි වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රාදේශීය ක්‍රිකට් මධ්‍යස්ථාන නියෝජනය කරන පිරිමි කණ්ඩායම් හයකගෙන් මේ ලීගය සමන්විතයි. සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයන් 17 දෙනෙකු බැගින් වන උපරිමයකින් යුත් සංචිත පවත්වා ගෙන යාමට හැකි වන අතර ජාත්‍යන්තර ක්‍රීඩකයන් හත් දෙනෙකු බැගින් මේ සංචිතවලට ඇතුළත්.

මේ තරගාවලිය සඳහා වන අයිතීන් කළමනාකරණය කර මෙහෙයවන්නේ T Ten Sports Management FZC, T TEN Global Sports FZE සහ නව ක්‍රම නිෂ්පාදන සමූහය වන FZE ආයතනවලින් සමන්විත සන්ධානය.

විදේශීය හා හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් www.srilankacricket.lk වෙබ් අඩිවිය ඔස්සේ ක්‍රීඩක ලියාපදිංචි වීමේ දොරටුව වෙත පිවිස ඔවුන්ගේ ලියාපදිංචිවීම් 2024 ඔක්තෝබර් 23 වැනි දින පස්වරු 6.00 (ශ්‍රී ලංකා වේලාවෙන්) ට හෝ ඊට පෙර සම්පූර්ණ කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආරාධනය කරනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්