leader s

කිසිදා දිනා ගෙන නැති දුර්ලභ සම්මානයක් හිමිකර ගනිමින් ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ සමග සම වීමේ අවස්ථාවක් ඔහුගේ පරම ප්‍රතිවාදියා වන ලයනල් මෙසී ට උදා වී තිබෙනවා. ‌

මේ මහඟු අවස්ථාව ලැබී තිබෙන්නේ ‘රත්තරං පාදය’ – Golden Foot - සම්මානය සඳහා මෙසීගේ නම යෝජනා වීම නිසාවෙන්.

වයස අවුරුදු 28 ට වැඩි ක්‍රීඩකයන් සඳහා පිරිනැමෙන ‘රත්තරං පාදය’ සම්මානය දිනා ගත හැක්කේ වෘත්තීය පාපන්දු දිවියක එක් වතාවක් පමණයි.

 

වාර්තාගත අටවැනි වතාවටත් 'බෙලීන් ඩෝ' සම්මානය ලයනල් මෙසී ට

Argentinian forward Lionel Messi kisses his gold medal as he leaves the pitch after attending the men's Olympic football tournament medal ceremony at the national stadium in Beijing during the 2008 Beijing Olympic games on August 23, 2008. Argentina won gold ahead of Nigeria and Brazil.       AFP PHOTO / FRANCK FIFE (Photo credit should read FRANCK FIFE/AFP via Getty Images)ඉන්ට මයාමි (Inter Miami) පාපන්දු සමාජයට ක්‍රීඩා කරමින් සිටින ලයනල් මෙසී නමැති ආජන්ටිනා සුපිරි පාපන්දු තරුව ‌ලොව පාපන්දු ක්‍රීඩකයෙකුට දිනා ගත හැකි ඉහළම සම්මානය වන Ballon d’Or අට වතාවක් හිමිකර ගැනීමට සමත්ව සිටිනවා. එදා මෙදා තුර වැඩිම සම්මාන ගණනක් ජයග්‍රහණය කර ඇති මෙසී, අමෙරිකාවේ ඉන්ට මයාමි කණ්ඩායමට ක්‍රීඩා කරන වර්තමාන අවධියේ ඔහුගේ ප්‍රධාන ගෞරවනීය සම්මාන සංඛ්‍යාව 46 දක්වා ඉහළට ගෙනැවිත් තිබෙනවා. MLS Cup කීර්තිය සොයා යමින් සිටින මේ ලෝක කුසලාන පාපන්දු ජයග්‍රාහකයා එය සාර්ථක වුවහොත් තවත් ජයග්‍රාහී පදක්කමක් මේ වසර තුළ හිමිකර ගැනීමට ඉඩ තිබෙනවා. Major League ක්‍රීඩා වාරයක වැඩියෙන්ම වටිනා ක්‍රීඩකයාට පිරිනමනු ලබන MLS MVP සම්මානය සඳහා වන නාමයෝජනා ලැයිස්තුවට මෙසීගේ නමත් ඇතුළත් කර තිබීම ඊට හේතුවයි.

 

 

තත්ත්වය මෙසේ තිබියදී, ලයනල් මෙසී ට තවත් තනි ත්‍යාගයක් දිනා ගැනීමේ අවස්ථාවක් ඔහු ඉදිරියේ පහළ වී තිබෙනවා. ඒ, මේ 37 හැවිරිදි අතිවිශිෂ්ට පාපන්දු ක්‍රීඩකයාගේ නම 2024 ‘රත්තරං පාදය’ සඳහා වන 10 දෙනෙකුගෙන් යුත් අවසාන කෙටි ලේඛනයට ඇතුළත් කර තිබෙන නිසා. මේ සම්මානය පිරිනැමෙන්නේ වයස අවුරුදු 28කට වඩා වැඩි වී තිබියදීත් තවමත් පාපන්දුවේ ඉහළම තලයේ ක්‍රීඩා කරමින් සිටින ක්‍රීඩකයන්ට.

 

messi

‘රත්තරං පාදය’ සම්මානය හිමිකර ගත හැක්කේ ක්‍රීඩා දිවියක එක් වතාවක් පමණක් වන අතර එම සම්මානයත් තමාගේ කුසලාන රාක්කයට එකතු කර ගැනීම පිණිස මෙසී ට ඉතිරිව තිබෙන්නේ සීමිත කාලයක් පමණයි. ඔහුගේ සදාතන ප්‍රතිවාදියා වන, 39 හැවිරිදි වියේ පසුවෙමින් සිටියදීත් තවමත් ශක්තිමත්ව ‘අල්-නසර්’ කණ්ඩායම සමග සෞදි අරාබියේ ක්‍රීඩා කරමින් සිටින ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ 2020 වසරේ Juventus කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටි වකවානුවේ ‘රත්තරං පාදය’ සම්මානය දිනා ගත්තා.

christianoronaldo

 

‘රත්තරං පාදය’ සම්මානය ප්‍රථම වතාවට පිරිනැමුනේ 2003 වසරේ. එහි මංගල ජයග්‍රාහකයා වූයේ ඉතාලියේ සංකේතාත්මක පාපන්දු ක්‍රීඩක Roberto Baggio. එතැන් සිට යුක්රේනයේ Andriy Shevchenko, බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින් වන Ronaldo හා Ronaldinho, ස්වීඩනයේ Zlatan Ibrahimovic, අයිවරි කෝස්ට් හි Didier Drogba, ස්පාඤ්ඤයේ Andres Iniesta, ඊජිප්තුවේ Mohamad Salah හා පෝලන්තයේ Robert Lewandowski යන ක්‍රීඩකයන් මේ වැදගත් සම්මානය දිනා ගෙන තිබෙනවා.

 

මතභේදයන් රැසකින් ඇරඹි අවසානයේ මෙසී කිරුළු පැළඳි ලෝක කුසලානය (වීඩියෝ)

2024 වසරේ Golden Foot සම්මානය වෙනුවෙන් මෙසී ට තියුණු සටනක් තිබෙනවා. එහිදී මේ දකුණු අමෙරිකානු ක්‍රීඩකයා එංගලන්තයේ Harry Kane, බ්‍රසීලයේ Neymar, බෙල්ජියමේ Kevin De Bruyne, නෙදර්ලන්තයේ Virgil van Dijk, ජර්මනියේ Thomas Muller, ප්‍රංශයේ Karim Benzema හා Antoine Griezmann, ආජන්ටිනාවේ Lautaro Martinez සහ ඉතාලියේ Marco Verratti යන ක්‍රීඩකයින් අභිබවා යාම අවශ්‍යයි.

සටහන :

warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්