leader s

ඉතිහාසයේ පළමු වරට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පන්දුවාර විස්සයි 20 තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (ඔක්:17) සමත් විය.


ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි 03 වන විස්සයි 20 තරගය කඩුලු 09කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීමත් සමගයි.

ඒ අනුව තරග 03කින් සමන්විත විස්සයි 20 තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.


කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක රෝව්මන් පවෙල් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

දඟ පන්දු යවන්නන් ලබා දුන් සාර්ථක ආරම්භය

දෙවන විස්සයි 20 තරගයේදී මෙන්ම ඊයේ තරගයේදී ද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පළමු පන්දු වාර 12 තුළදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ සාර්ථක පන්දු යැවීමක නිරත වූහ.

කොදෙව් ඉනිමේ පළමු පන්දු වාරයේදීම මහීෂ් තීක්ෂණ විසින් එවින් ලුවිස් ලකුණු ලබා ගැනීමට පෙර ක්‍රීඩාගාරයට හරවා යවනු ලැබීය.

ඉන් පසුව පිටියට පිවිසි ෂායි හෝප් සමග එක්වූ බ්‍රැන්ඩන් කිංග් ක්‍රමයෙන් කොදෙව් ඉනිමේ දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 37ක සබඳතාවයක් එක් කිරීමට සමත් වූහ.

කොදෙව් ඉනිමේ 06 වන පන්දු වාරයේදී නැවතත් ක්‍රියාත්මක වූ මහීෂ් තීක්ෂණ ලකුණු 23ක් රැස් කර ගෙන සිටි බ්‍රැන්ඩන් කිංග් ගේ කඩුල්ල දවා ගත්තේ ය.

රෝස්ටන් චේස් ලකුණු 08 කටත්, ෂෙයි හෝප් ලකුණු 18 කට සහ ෂෙර්ෆේන් රදර්ෆ්ර්ඩ් ලකුණු 06 කට දවා ගනිමින් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ කොදෙව් ඉනිමේ මුල් පන්දුවාර 12 තුළදී දැඩි පීඩනයක් ගෙන දීමට සමත් වූහ.


බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පළමු පන්දු වාර 12 තුළදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් සාර්ථක පන්දු යැවීමක නිරත විය

රෝව්මන් සහ මෝටී ගේ සටන්කාමී ඉනිම


ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් ගේ පාලනයේ පැවති සිය ඉනිම නැවත තමන් ගේ අණසකට ගැනීමට කොදෙව් නායක රෝව්මන් පවෙල් සහ ගුඩකේෂ් මෝටී සමත් විය.

කොදෙව් ඉනිමේ 15 වන පන්දු වාරය දුනිත් වෙල්ලාලගේ විසින් යොමු කළ අතර එම පන්දු වාරයේදී හයේ පහරවල් 03ක් සහ එක් හතරේ පහරක් සමග ලකුණු 24ක් රැස් කිරීමට ඔවුන් දෙදෙනා සමත් වුහ.

ඒ අනුව කොදෙව් කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 08ක් පමණක් දැවී ලකුණු 162ක් රැස් කිරීමට සමත් විය.


නායක රෝව්මන් පවෙල් ලකුණු 37ක්, ගුඩකේෂ් මෝටී ලකුණු 32ක් සහ රෝමාරියෝ ෂෙපර්ඩ් ලකුණු 18ක් රැස් කිරීමට සමත් වූහ.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සහ වනිදු හසරංග කඩුලු දෙක බැගින් දවා ගත්හ.

 

463795617 18425201131074775 7455999479478485286 n කොදෙව් කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 08ක් පමණක් දැවී ලකුණු 162ක් රැස් කිරීමට සමත් විය.

සුපිරි ලකුණු හඹා යෑම

ලකුණු 163ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වන පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ල වෙනුවෙන් වේගවත් ආරම්භක සබඳතාවයක් එක් කිරීමට සමත් වූහ.


ඔවුන් දෙදෙනා විසින් ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දු 32ක තුළදී ලකුණු 60ක් එක් කිරීමට සමත් වන ලදී.

ශ්‍රී ලංකා ඉනිමේ 06 වන පන්දු වාරයේදී පන්දු 22 කදී වේගවත් ලකුණු 39ක් රැස් කර ගෙන සිටි පැතුම් නිස්සංක ගේ කඩුල්ල දවා ගැනීමට ගුඩ්කේෂ් මෝටි සමත් විය.


pathum පැතුම් නිස්සංක ගේ කඩුල්ල දවා ගැනීමට ගුඩ්කේෂ් මෝටි සමත් විය.

නිස්සංකගේ දැවී යෑමෙන් පසු පිටියට පැමිණි කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා එක්වී ක්‍රමයෙන් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත් වූහ.

කුසල් මෙන්ඩිස් සහ කුසල් ජනිත් පෙරේරා දෙවන කඩුල්ල වෙනුවෙන් නොබිදුණු ලකුණු 106ක සබඳතාවයක් එක් කිරීමට සමත් විය.


එහිදී කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 68ක් සහ කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු 55ක් රැස් කිරීමට සමත් වුහ.

ඒ අනුව කොදෙව් කණ්ඩායමට එරෙහිව තෙවන විස්සයි තරගය කඩුලු 09කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

(BBC සිංහල සේවය)


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්