leader s

ප්‍රංශයේ පාපන්දු නායක සහ ස්පාඤ්ඤයේ රේආල් මෙඩ්රිඩ් සමාජයේ ක්‍රීඩක කිලිඅන් ම්බප්පේ (Kylian Mbappe) කාන්තාවක දූෂණය කළ බවට ස්වීඩනයේ මාධ්‍ය විසින් වාර්තා කිරීමේ සිද්ධිය දැන් අධිකරණය හමුවට යන තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබෙනවා.

ප්‍රංශ පාපන්දු තරුව සම්බන්ධයෙන් ස්වීඩනයේ මාධ්‍ය විසින් පළ කළ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය හා වගකීම් රහිත ඒවා ලෙසින් හෙළා දකින ම්බප්පේගේ නියෝජිතයෙක් ස්වීඩන් මාධ්‍යයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයට එළඹෙන බව ප්‍රකාශ කරනවා.

ම්බප්පේ ස්ත්‍රියක දූෂණය කළ බවට ස්වීඩනයේ ජාතික රූපවාහිනී සේවය වන SVT වාර්තා කර තිබෙන්නේ එය සහතික කිරීම පිණිස ඔවුන් සතුව ලේඛන ඇතැයි පවසමින්. පොලිස් වාර්තාවක් උපුටා දක්වන CNN ට අනුබද්ධිත ස්වීඩන් සවස පුවත්පතක් වන Expressen වාර්තා කර තිබෙන්නේ ස්වීඩනයේ අගනුවර වන ස්ටොක්හෝම් හි හෝටලයක ඔක්තෝබර් 10 වැනි දින ලැගුම් ගෙන රාත්‍රී සමාජ ශාලාවකට පිවිසීමෙන් පසුව “ම්බප්පේ කාන්තාවක දූෂණය කළ බවට සාධාරණ හේතුන් මත සැක කරනවා” යනුවෙන්.

පුවත් - Results from #8325ප්‍රංශ පාපන්දු තරුව සම්බන්ධයෙන් ස්වීඩනයේ මාධ්‍ය විසින් පළ කළ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය හා වගකීම් රහිත ඒවා ලෙසින් හෙළා දකින ම්බප්පේගේ නියෝජිතයෙක් ස්වීඩන් මාධ්‍යයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයට එළඹෙන බව ප්‍රකාශ කරනවා.

 

ස්වීඩනයේ පොලිසියට අනුව, ‘සාධාරණ හේතුන් මත සැක කිරීම’ යනු “ප්‍රශ්නයට මැදිව සිටින පුද්ගලයා වැරදි ක්‍රියාවක් සිදුකළ බවට යම් දුරකට ඇඟවෙන නිශ්චිත තත්ත්වයන් තිබීමයි.”

ස්ටොක්හෝම් හි දී ඔක්තෝබර් 10 වැනිදා සිදුවූයේ යැයි කියන ස්ත්‍රී දූෂණයක් පිළිබඳව මාධ්‍ය විසින් වාර්තා කිරීමෙන් පසුව අපරාධ වාර්තාවක් පොලිසියට ඉදිරිපත් කළ බව ස්වීඩන් පැමිණිල්ල මෙහෙයවන්නන් නිවේදනය කර තිබෙනවා.

 

mb345

මේ මාධ්‍ය වාර්තා සියල්ල අසත්‍ය බවට 25 හැවිරිදි කිලිආන් ම්බප්පේ X සමාජ මාධ්‍යයේ පෝස්ටුවක් දමමින් ප්‍රකාශ කර තිබෙන්නේ ප්‍රංශයේ මාධ්‍ය ආයතනයක් වන RMC Sport ද පළ කළ එවැනිම වාර්තාවකට ද ප්‍රතිචාර දක්වමින්. එම මාධ්‍ය ආයතනය පසුව ඔවුන් පළ කළ සමාජ මාධ්‍ය පෝස්ටුව ඉවත් කර ගත්තා.

“AFTONBLADET හා EXPRESSEN යන මාධ්‍ය ආයතන විසින් ආරම්භ කළ අලුත් නින්දාසහගත දූෂමාන ආරංචියක් වෙබ් අඩවියේ ගිනි අවුලන්න පටන් ගෙන තිබෙනවා” යනුවෙන් ම්බප්පේගේ නියෝජිතයෙක් මහජන සම්බන්ධතා ආයතනයක් හරහා CNN පුවත් සේවයට කියා තිබෙනවා.

“මේ චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත වන අතර ඒවායේ පැතිර යාම පිළිගත නොහැකියි. කිලිඅන් ම්බප්පේ කිසිම තත්ත්වයක් යටතේ ඔහුගේ අවංකත්වය, කීර්තිය හා ගෞරවය සත්‍යයෙන් තොර දෝෂාරෝපණවලින් කෙලසීමට ඉඩ දෙන්නේ නැහැ.”

 

පාපන්දුවේ ලෝක පිළිවෙල කඩාකප්පල් කිරීමේ සෞදියේ ක්‍රීඩා සෝදාපාළුව

“ඔහුගේ ප්‍රතිරූපය ක්‍රමානුකූලව විනාශ කිරීමේ මේ ක්‍රියාව අවසන් කර සත්‍යය නැවත ස්ථාපිත කිරීමට සහ කිලිඅන් ම්බප්පේව නිරන්තරයෙන් පීඩාවට ලක් කරන මේ සදාචාරයට එරෙහි හිරිහැර කිරීම්වලට සහ අපකීර්තිකර සැලකීම්වලට සම්බන්ධ පුද්ගලයන් හෝ මාධ්‍ය ආයතන හඹා යාමට අවශ්‍ය සියලුම නීතිමය පියවර ගන්නවා” යනුවෙන් එම නියෝජිතයා සඳහන් කරනවා.

විශිෂ්ටයන් අභිබවා සීඝ්‍රගාමී ගමනක් යන Kylian Mbappeම්බප්පේ ඔක්තෝබර් 10 වැනිදා පුහුණුවීම්වලට ගිය බව කී නීතිඥවරිය එල්ල වන මේ චෝදනා මධ්‍යයේත් ඔහු ඉතාම සන්සුන්ව සිටින ආකාරය පිළිබඳව විස්තර කළා.

 

ම්බප්පේ වෙනුවෙන් TF1 ප්‍රංශ රූපවාහිනී නාලිකාවේ පෙනී සිටි Marie-Alix Canu-Bernard නීතිඥවරිය, තම සේවාදායකයා සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා අපවාදාත්මක චෝදනා ලෙසට හඳුන්වා තිබෙනවා.

ම්බප්පේ ඔක්තෝබර් 10 වැනිදා පුහුණුවීම්වලට ගිය බව කී නීතිඥවරිය එල්ල වන මේ චෝදනා මධ්‍යයේත් ඔහු ඉතාම සන්සුන්ව සිටින ආකාරය පිළිබඳව විස්තර කළා.

“ම්බප්පේ ඔහුගේ ඊළඟ තරගයේදී බොහෝ ගෝල් ලබා ගනිමින් සාර්ථක වනු ඇතැයි මම ඔහුට සුභ පතනවා” යනුවෙන් ඇය කියා සිටිනවා.

 

විශිෂ්ටයන් අභිබවා සීඝ්‍රගාමී ගමනක් යන Kylian Mbappe

‘රේආල් මෙඩ්රිඩ්’ ක්‍රීඩක කිලිඅන් ම්බප්පේ UEFA Nations League තරගාවලියේ ප්‍රංශය විසින් ඊශ්‍රායලය හා බෙල්ජියම පරාජ කළ තරග දෙකට සහභාගි වූයේ නැහැ. ඔහු මීළඟට ක්‍රීඩා පිටියට පිවිසීමට නියමිතව තිබෙන්නේ ‘සෙල්ටා ඩි විගෝ’ පිලට එරෙහිව ලබන සෙනසුරාදා පැවැත්වෙන ‘රේආල් මෙඩ්රිඩ්’ කණ්ඩායමේ La Liga තරගයෙන්.


සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්