leader s

ෂර්ෆේන් රදෆෝඩ් සහ ගුඩාකේශ් මෝටිගේ වාර්තාගත නව වැනි කඩුලු සබඳතාව මත බටහිර ඉන්දීය කොදෙව් පිල පල්ලෙකැලේ

ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව ට එරෙහි දෙවැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයේ ලකුණු 189ක් රැස් කළා.

ශ්‍රී ලංකා ප්‍රබල පන්දු ප්‍රහාරය හමුවේ ලකුණු 58කට කඩුලු 8ක් බිඳ වැටී තිබියදී කඩුල්ලේ එක්වූ රද‌‌‌ෆෝඩ් හා මෝටි කොදෙව් ඉනිම 177 දක්වා ඉහළ නංවමින් පන්දු 114කින් ලකුණු 119ක් රැස් කළේ බටහිර ඉන්දීය කොදෙව් පිලේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් වැඩිම 9 වැනි කඩුලු සබඳතාව වාර්තා කරමින්.

SRT3546ෂර්ෆේන් රදෆෝඩ් සහ ගුඩාකේශ් මෝටි

මේ දෙදෙනා විසින් මකා දමනු ලැබුවේ වයි.කරියා සහ ඒ.එස්.ජෝසෆ්  නවසිලන්තය ට එරෙහිව 2022 වසරේ අගෝස්තු මාසයේ බ්‍රිජ්ටවුන් හි දී සටහන් කර තිබූ ලකුණු 85ක නව වැනි කඩුලු සබඳතාවේ වාර්තාව. මීට අමතරව මෙය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ සිවු වැනියට හොඳම 9 වැනි කඩුලු සබඳතාව ද වුනා.

SRT345DFF

රදෆෝඩ් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් එල්ල කළ අතර ලකුණු 80ක ඔහුගේ නිර්භීත ඉනිම වාර්තා වූයේ පන්දු 82කින්. ආක්‍රමණශීලී පිතිහරඹයක යෙදුනු මෝටි ද හතරේ පහර හයක් සමග නොදැවී ලකුණු 50ක් රැස් කළ අතර මෙය ඔහුගේ මංගල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් අර්ධ ශතකය වුනා.

වනිඳු හසරංග ලකුණු 40කට කඩුලු 4ක් බිඳ හෙලූ අතර මහීෂ් තීක්ෂණ ලකුණු 25කට කඩුලු 3ක් ද, අසිත ප්‍රනාන්දු ලකුණු 35කට කඩුලු 3ක් ද ලබා ගැනීමට සමත් වුනා.

SRT3456DD
රදෆෝඩ් ලකුණු 23ක් හා ලකුණු 72ක් ලබා ගෙන සිටියදී දැවී යාමෙන් බේරුණේ පිළිවෙලින් ජනිත් ලියනගේ හා නිශාන් මදුශ්ක උඩ පන්දු අතහැරීම හේතුවෙන්.

කොදෙව් මුළු ලකුණු ප්‍රමාණය 99/8ක්ව තිබියදී අසිත ප්‍රනාන්දුගේ පන්දුවට රදෆෝඩ් දුන් උඩ පන්දුව ‘මිඩ් ඕන්’ ස්ථානයේදී ලියනගේ අතින් ගිලිහුනු අතර ලකුණු තත්ත්වය 164/8දී දුනිත් වෙල්ලාගේ ගේ පන්දුවට දුන් උඩ පන්දුව රැක ගැනීමට මදුශ්ක ‘ඩීප් මිඩ් විකට්’ ස්ථානයේ සිට පැමිණිය ද ඔහුගේ උත්සාහය අසාර්ථක වුනා.

අවසානයේ රදෆෝඩ් දැවී ගියේ අසිත ප්‍රනාන්දුගේ පන්දුවට එල්ල කළ උඩ පන්දුව හතරේ සීමාවේ ගෑවී නොගැවී සිට වෙල්ලාලගේ රැක ගැනීම නිසා. පළමු එක්දින තරගයේ ද කොදෙව් පිල වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා බවට පත්වෙමින් රදෆෝඩ් නොදැවී ලකුණු 74ක් ලබා ගත්තා.

XDTW4
වර්ෂාව හා අයහපත් කාලගුණය හේතුවෙන් පස්වරු 4.30 ට විදුලි ආලෝකය මධ්‍යයේ තරගය පැය දෙකක ප්‍රමාදයකින් පසුව ආරම්භ වූයේ පිලකට ඕවර  44 බැගින් සීමා වෙමින්. කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දු යැවීමට තීරණය කළ ශ්‍රී ලංකාව ඔවුන්ගේ පන්දු ප්‍රහාරය ආරම්භ කළේ ජෙෆ්රි වැන්ඩසේ වෙනුවට කැඳවා තිබූ මහීෂ් තීක්ෂණ පිට දඟ පන්දු යවන්නාගෙන්. බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම ම මේ තරගයට ද නම් කර තිබුනා.

කොදෙව් මුළු ලකුණු සංඛ්‍යාව 17ක්ව තිබියදී ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ම දවාලීමට තීක්ෂණ සහ අසිත ප්‍රනාන්දු සමත් වුනා. තීක්ෂණගේ දෙවැනි ඕවරයේ පන්දුවක් කෙළින් ම කඩුල්ලේ ගැටීමෙන් ඇලික් ඇතනේස් (1) පළමුව ආපසු ක්‍රීඩාගාරයට ගිය අතර වේග පන්දු යවන අසිත ප්‍රනාන්දුගේ දෙවැනි ඕවරයේ පන්දුවටකට ඔහු අත ට ම උඩ පන්දුවක් ලබා දෙමින් බ්‍රැන්ඩන් කිං (16) දැවී ගියා.

අසිත ඔහුගේ ඊළඟ ඕවරයෙන් ද කඩුල්ලක් ලබා ගනිමින් ෂායි හෝප් (5)ගේ කඩුල්ල බිඳ දැමුවා. හෝප් දැවී ගියේ පන්දුව ඔහුගේ පිත්තේ අග වැදී කඩුල්ල සමග ගැටීමෙන්. මේ අනුව ඕවර 5යි පන්දු 4ක් අවසන් විට කොදෙව් කඩුලු 3ක් ලකුණු 23කට බිඳ වැටී තිබුනා.

වනිඳු හසරංග ඔහුගේ තෙවැනි ඕවරයේදී කඩුලු දෙකක් ලබා ගැනීමට සමත් වුනා. ඔහුගේ පා දඟ පන්දුවලින් දැවී ගියේ රොස්ටන් චේස් (8) හා රොමාරියෝ ෂෙපර්ඩ් (4). 13 වැනි ඕවරයේදී මේ දෙදෙනා දැවී ගියේ පිළිවෙලින් මුළු ලකුණු 52 හා 56දී. පන්දුව කෙළින් ම කඩුල්ලේ වැදීමෙන් චේස් දැවී ගිය අතර ‘ඩීප් ස්කුවෙයා ලෙග්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි තීක්ෂණ අතට උඩ පන්දුවක් දෙමින් ෂෙපර්ඩ් දැවී ගියා.

මුළු ලකුණු 57 හා 58දී පිළිවෙලින් හේඩ්න් වොල්ෂ් හා අල්සාරා ජෝසෆ් ලකුණක් බැගින් ලබා ගෙන දැවී ගියේ 15 හා 16 වැනි ඕවරවල. මේ කඩුලු දෙක ලබා ගත්තේ තීක්ෂණ සහ හසරංග. පිතිකරුවන් දෙදෙනා ම දැවී ගියේ පන්දු කෙළින් ම කඩුල්ල සමග ගැටීමෙන්.

අල්සාරි ජෝසෆ් (1) හසරංගේ පන්දුවට 8 වැනි කඩුල්ල ලෙසින් මුළු ලකුණු 58දී දැවී ගියේ 16 වැනි ඕවරයේ.

36 වැනි ඕවරයේ අවසන් පන්දුවට ජේඩ්න් සීල්ස් (5), පන්දු යැවූ හසරංග අත ට ම උඩ පන්දුවක් දෙමින් දැවී යාමත් සමග කොදෙව් ඉනිම අවසන් වුනා.

SRT3453343
සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්