leader s

පන්දුවට පහර දෙමින් සිටි ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඔහුගේ ඉනිම නතර කර බිරිඳ බැලීමට රෝහලට ගොස් නැවත පිටියට පැමිණ තරගය ජය ගත් මේ අපූරු පුවත වාර්තා වන්නේ ඔස්ට්‍රේලියාවෙන්.

බටහිර ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක හිල්ටන් කාට්රයිට් (Hilton Cartwright) ටස්මේනියා කණ්ඩායමට එරෙහිව ෂෙෆීල්ඩ් පළිහ (Sheffield Shield) තරගයේ පිතිකරණයේ යෙදෙමින් නොදැවී ලකුණු 52ක් රැස්කර ගෙන සිටියා. සවස තේ පානය සඳහා තරගය කළ අවස්ථාවේදී, ඔහුගේ දෙවැනි දරුවාගේ උපත පිළිබඳව ඔහුට දැනුම් දෙන ලද අතර බිරිඳ සමග සිටීම පිණිස ඔහු වහාම රෝහලට ගියා.

සති 37ක ගැබිනියකව සිටි කාට්රයිට්ගේ බිරිඳ සංකුලතාවන්ට ලක්ව සිටි බැවින් ඇයව වහාම එදින සවස දරු ප්‍රසූතියට සූදානම් කිරීමට වෛද්‍යවරයාට සිදුව තිබුනා.

 

PERTH, AUSTRALIA - OCTOBER 21: Hilton Cartwright of Western Australia fields the ball off his bowling during the Sheffield Shield match between Western Australia and Tasmania at the WACA Ground, on October 21, 2024, in Perth, Australia. (Photo by Paul Kane/Getty Images)

“මගේ බිරිඳ ගැබ්බරව හිටියේ සති 37ක් පමණයි. ඒ නිසා අපේ දෙවැනි දරුවාගේ උපතින් තරගයට බලපෑමක් වෙන්න අවස්ථාවක් තිබුනේ නැහැ. මම තරගයට සහභාගි වෙන්න තීරණය කළේ ඒ නිසායි” කාට්රයිට් කියා සිටියා.

“කොහොම වුනත්, ඇය සිටින තත්ත්වය පිළිබඳව ඇයව දැනුවත් කර තිබුනා. තේ පානයේ විරාමයේදී ටික වෙලාවකට පිටියෙන් පිටව ගොස් ආපසු කඩුල්ලට ඇවිත් පිතිකරණයේ යෙදීමේ බලාපොරොත්තුවෙන් මම ඒ ගැන මගේ පුහුණුකරුවන්ට හා නායකයාට කීවා.”

PERTH, AUSTRALIA - OCTOBER 22: Hilton Cartwright of Western Australia warms up during the Sheffield Shield match between Western Australia and Tasmania at the WACA Ground, on October 22, 2024, in Perth, Australia. (Photo by Paul Kane/Getty Images)

 

සිය බිරිඳ සහ අලුත උපන් දරුවා සනීපයෙන් සිටින අයුරු දැක ගැනීමෙන් පසුව ඔහු නැවත පිටියට පැමිණියේ තමාට නැවතත් පන්දුවට පහර දීමට ප්‍රතිවාදී කණ්ඩායම හා තරග තීරකවරයා ඉඩ දේවි ද යන සැකයෙන් යුතුව. ඒ අවස්ථාවේ පන්දුවට පහර දෙමින් සිටි පිතිකරුවා දැවී යාමෙන් පසුව කිසිවෙකුගෙන් බාධාවක් නැතිව කාට්රයිට් නැවත කඩුල්ලට පිවිසියා. 

කෙසේ වෙතත්, පිතිකරණයට ඔහුගේ නැවත පැමිණීම වැඩි වේලාවක් රැඳී නොතිබුනේ ඔහු ලකුණු 65කට දැවී ගිය නිසා.

කාට්රයිට්ගේ ඉනිම මත බටහිර ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමේ ලකුණු 332ක් වාර්තා කළා. අවසානයේ එම කණ්ඩායම කඩුලු හයකින් තරගය ජය ගත් අතර දෙවැනි ඉනිමේ ලකුණු 89ක ඉලක්කයක් හඹා යාමේදී හිල්ටන් කාට්රයිට් නොදැවී ලකුණු 39ක් ලබා ගත්තා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්