පළපුරුදු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ට කළින් ම උපන්දින ත්‍යාගයක් ලබා දෙමින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් විසින් ඔහුට ජීවිතාන්තය දක්වා පනවා තිබූ නායකත්ව තහනම ඉවත් කර තිබෙනවා.
මේ අනුව, ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් සිටින වෝනර් ට ඔහු ක්‍රීඩා කරමින් සිටින ‘සිඩ්නි තන්ඩ’ කණ්ඩායමේ නායකයා ලෙස විස්සයි20 බිග් බෑෂ් ලීගයේ මේ ක්‍රීඩා වාරයේ තරගවලදී කටයුතු කිරීමට අවස්ථාව උදා වී තිබෙනවා.
ජීවිතාන්තය දක්වා කිසිම කණ්ඩායමක නායකත්වයක් දැරීමේ තහනමට අමතරව ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලීමේ වසරක තහනමක් ද ඩේවිඩ් වෝනර් ට පනවනු ලැබුවේ 2018 වසරේ දකුණු අප්‍රිකාවේ සිදුවූ අපකීර්තිමත් ‘වැලි කඩදාසිය’ (Sandpaper scandal) සිද්ධිය හේතුවෙන්. කේප් ටවුන් හි පැවති ටෙස්ට් තරගයේදී කහ පැහැති වැලි කඩදාසියකින් පන්දුව අතුල්ලමින් සිටියදී කැමරාවට හසුවූ කැමරන් බැන්ක්‍රොෆ්ට් (Cameron Bancroft) ට සහ ස්ටීව් ස්මිත් ට ද කෙටි තරග තහනම් පැනවුනා.

කෙසේ වෙතත්, ස්වාධීන ත්‍රි පුද්ගල කමිටුවක් විසින් අද වෝනර්ගේ තහනම ඉවත් කළා.
ඩේවිඩ් වෝනර් අවසන් වතාවට ක්‍රීඩා කළ ටෙස්ට් තරගය වූයේ ජනවාරියේදී ඔස්ට්‍රේලියාව විසින් පාකිස්තානය පරාජය කළ තරගය. තමා තවදුරටත් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග ක්‍රීඩා නොකරණ බවත් ක්‍රීඩා කරන්නේ විස්සයි20 තරග පමණක් බවත් වෝනර් කියා තිබෙනවා.
නායකත්ව තහනම ඉවත් කිරීම ‘ක්‍රිකට් ඔස්ට්‍රේලියා’ ආයතනය විසින් ඩේවිඩ් වෝනර් ට කළින් ම ලබා දුන් උපන්දින ත්‍යාගයක් ලෙස සැලකිය හැකි වන්නේ එළඹෙන ඉරිදා ඔහුගේ 38 වැනි උපන්දිනය යෙදී තිබෙන නිසාවෙන්.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






