පාකිස්තාන ෂහීන්ස් (පාකිස්තාන A) කණ්ඩායම කඩුලු 7කින් පරාජය කර ආසියානු නැගීඑන කණ්ඩායම් කුසලාන විස්සයි20
ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද (25) සමත් විය.
සති කිහිපයක් පුරා ඕමානයේ පැවති මෙම තරගාවලියේ අවසන් මහා තරගය අල් ඇමරත් (Al Amerat) ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කරන නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග ක්‍රීඩාංගණයේදී හෙට (25 වැනිදා) පැවැත්වේ.
ෂහීන්ස් කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 136ක පහසු ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී තිබියදී තරගයේ 17(16.3) පන්දුවාරයේදී යාමට ශ්‍රී ලංකාව සමත් විය.

ශ්‍රී ලංකා ජය පහසු කරමින් ප්‍රහාරාත්මක පිතිහරඹයක නිතර වූ අහන් වික්‍රමසිංහ හයේ පහරක් හා හතරේ පහර 4ක් සමගින් පන්දු 46කට මුහුණදෙමින් නොදැවී ලකුණු 52ක් රැස්කිරීමට සමත් විය.
ඔහුට අමතරව ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 20කට මුහුණදෙමින් ලකුණු 43ක් රැස්කළ අතර, ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 2ක් ඇතුළත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ෂහීන්ස් කණ්ඩායමට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 135ක් පමණි.

ෂහීන්ස් කණ්ඩායම මෙම තරගාවලියේ පසුගියවර ශූරතාව දිනාගත් කණ්ඩායම වේ.
එක්දින තරගාවලියක් ලෙසින් 2023 වසරේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවති එම තරගාවලියේදී ඔවුන් විසින් අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කළේය.
මෙවර තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ඉන්දීය හා ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායම් අතර මෙම ක්‍රීඩාංගණයේදීම අද (25) රාත්‍රියේදී පැවැත්වීමට නියමිතව ඇත.
(adaderana.lk)






