leader s

බ්‍රිතාන්‍යයේ ශ්‍රේෂ්ඨතම යගුලිය දමන්නා මෙන්ම ලෝකයේ ශක්තිමත්ම මිනිසා ලෙස දෙවතාවක් ම කිරුළු පැළඳූ ජෙ‌ෆ් කේප්ස් (Geoff Capes) 75 වැනි වියේ පසුවෙමින් සිටියදී මිය ගියා.

පොදුරාජ්‍ය මණ්ඩලීය ශූරතා දෙකක් ද හිමි කර ගත් ඔහු බ්‍රිතාන්‍ය වෙනුවෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල තුනක තරග කළා.

1970 ගණන්වලදී සිය ක්‍රීඩා දක්ෂතාවේ උපරිම මට්ටමේ සිටි කේප්ස් මහා බ්‍රිතාන්‍ය කණ්ඩායම වෙනුවෙන් වසර 11ක් ක්‍රීඩා කළ අතර මලල ක්‍රීඩාවේදී එංගලන්තය වැඩිම වතාවක් නියෝජනය කළ ක්‍රීඩකයා වන්නේ කේප්ස්.

 

AA1sNIXj

ජෙෆ් කේප්ස් ගේදොර නිතර කියවෙන නමක් බවට පත්වූයේ ඔහුගේ ජවන හා පිටිය ක්‍රීඩා දිවිය අවසන් වීමෙන් පසුව, එකල මිලියන ගණනින් ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ගත් ඉතාම ජනප්‍රිය Superstars රූපවාහිනී වැඩසටහනේ රඟපෑම හා ‘ලොව ශක්තිමත්ම මිනිසා’ (World’s Strongest Man) නමැති ජනප්‍රිය ශූරතාව 1983 හා 1985 වසරවල දිනා ගැනීම හේතුවෙන්.

 

තෙවතාවක්ම එංගලන්තයේ යගුලිය දැමීමේ ශූරයා වීමට කේප්ස් සමත් වුනා. ඔහු 1974 වසරේ නවසිලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි පැවති පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම දිනා ගත්තේ මීටර් 20.74ක වාර්තාගත දක්ෂතාවකින්. ඉක්බිති ඔහු කැනඩාවේ එඩ්මන්ටන් නුවරදී වසර හතරකට පසුව ඔහුගේ ශූරතාව සාර්ථකව රැක ගත්තා.

කේප්ස් ගොතන්බර්ග් හා මියුනික් හි දී පිළිවෙලින් 1974 හා 1976 වසරවල පැවති යුරෝපීය ගෘහස්ථ ශූරතාවලියන්හි රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූ අතර රෝමයේදී 1974 වසරේ පැවති යුරෝපීය ශූරතාවලියේ ලෝකඩ පදක්කම හිමි කර ගත්තා.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල තුනකදී එංගලන්තය නියෝජනය කළ කේප්ස් 1976 මොන්ට්‍රියල් හි 6 වැනි ස්ථානය ද, 1980 මොස්කව් හි 5 වැනි ස්ථානය ද ලබා ගත්තා. 1980 වසරේදී කේප්ස් ඔහුගේ හොඳම පෞද්ගලික දක්ෂතාව සටහන් කරමින් මීටර් 21.68ක් දුරට යගුලිය දැමූ අතර එය අදටත් බ්‍රිතාන්‍ය වාර්තාවක් ලෙස පවතිනවා.

geoff capes e1683201047474

 

ගිනස් ලෝක වාර්තා මණ්ඩලය X සමාජ මාධ්‍ය වේදිකාවේ පෝස්ටුවක් තබමින් මෙසේ ප්‍රකාශ කරනවා: “1978 වසරේදී ජෙෆ් එංගලන්තයේ කේම්බ්‍රිජ්ෂ හි බ්‍රේබෲක් පාසලේදී කිලෝග්‍රෑම් 2.27 (රාත්තල් 5)ක සම්මත බරකින් යුත් ගඩොලක් මීටර් 44.54 (අඩි 146යි අඟල් 1)ක් දුරට විසි කළා. ඔහුගේ ඒ වාර්තාව කිසිම කෙනෙක් තවමත් බිඳලා නැහැ.”

මේ ශක්තිමත් මිනිසා ඔහුගේ ශරීර ශක්තිය හා මාංශපේශීන්වලට පමණක් සීමා වී සිටියේ නැහැ. ඔස්ට්‍රේලියානු ගිරව් විශේෂයක් වන Budgerigars බෝ කරමින් ලබා ගත් අනපේක්ෂිත ලෝක කිරුළක් ද ඔහු සතුව තිබුනා.

මේ ගිරවුන්ට තිබෙන තම ආශාව පිළිබඳව කේප්ස් 2003 වසරේදී Guardian පුවත්පතට කියා තිබුනා.

 

capes

“මේ සියල්ල පටන් ගත්තේ 1969දී. මම පොලිස්කාරයෙක් වෙලා ඉන්න කොට, දඩයක් නොගෙවූ පුද්ගලයෙකුට වරෙන්තුවක් දෙන්න මම ගියා. මම ඒ පුද්ගලයාගේ ගෙදරට තට්ටු කරද්දී, ගෙයි ඉස්සරහ කාමරේ කූඩු ගොඩක් තියෙනවා දැක්කා. ඒවා පිරී තිබුනේ මට විශ්වාස කරන්න බැරි තරමේ පාටවලින් යුත් කුරුල්ලන්ගෙන්. මට ලොකු කුතුහලයක් ඇතිවුනා.”

0 Portrait of Geoff Capes

 

“මම ගේ ඇතුළට ගිහින් අයිතිකාරයාත් එක්ක තේ කෝප්පයක් බොන ගමන් පැයක් විතර එයාත් එක්ක එයාගේ මේ විනෝදාංශය ගැන කතා කළා. අවසානයේ මට එයාව අත්අඩංගුවට ගන්න සිද්ධ වෙනවා කියලා කියන්න සිදුවීම ලජ්ජාවක්.”

“නමුත් මම එයාව පොලිස් ස්ථානයට ගෙනිහිං ඇපයක් ගැන කටයුතු කිරීමෙන් පස්සේ, එයා ආපහු ආවේ මට දෙන්න අර ගිරව් ජෝඩු තුනක තෑග්ගකුත් එක්ක. මම ගිහින් මඩුවක්, බෝ කිරීමට අවශ්‍ය දේ සහ කුරුලුගෙයක් ඇතුළු සියලු දේවල් ගත්තා. එදා ඉඳන් මම මේ ගිරව් බෝ කරනවා.”

කේප්ස් 1949 වසරේ ලිංකන්ෂ හි උපත ලැබුවේ දරුවන් නව දෙනෙකුගෙන් හත් වැන්නා ලෙස.

 

Athlete, strongman, and world class breeder of birds Geoff Capes, posing with a budgie, 1983. (Photo by Tony Evans/Getty Images)

පාසලෙන් පසුව, බාස්කට්බෝල්, පාපන්දු සහ රට හරහා දිවීම යන ක්‍රීඩාවන්හි ඔහුගේ රට නියෝජනය කරද්දී කේප්ස් ගල් අඟුරු සේවකයෙක් හා කෘෂිකාර්මික කම්කරුවෙක් ලෙස රැකියාව කළා. ඉන්පසු කේප්ස් ඔහුගේ සීයා, මාමා හා වැඩිමල් සහෝදරයන් ගිය අඩි පාරේ යමින් පොලිසියට බැඳුනු අතර මොස්කව් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සිය රට නියෝජනය කිරීමට පෙර වසර දහයක් ඔහු පොලිසියේ සේවය කළා.


සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්