leader s

ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පිරිනැමෙන ‘බැලන් ඩෝ’ - Ballon d’Or - සම්මානය මෙවර දිනා ගත්තේ ස්පාඤ්ඤයේ මැදපෙල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන රොඩ්රි (Rodri) සහ අයිතානා බොන්මතී (Aitana Bonmati).

පාපන්දු ක්‍රීඩාවේ ඉහළම සම්මානය වන ‘බැලන් ඩෝ’ දිනා ගත් පළමු ‘මැන්චෙස්ට සිටි’ ආරක්ෂක මැදපෙල ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වන රොඩ්රි ගෝල් ලබා ගැනීමට හැකියාව තිබියදී ආත්මාර්ථකාමී නොවන, ඉතා වෙහෙස වී ක්‍රීඩා කරන නිහතමානී හා කරුණාවන්ත ක්‍රීඩකයකු ලෙස ප්‍රසිද්ධියක් උසුලනවා. ‘මැන්චෙස්ට සිටි’ කණ්ඩායමේ 28 හැවිරිදි මේ ක්‍රීඩකයා ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ට පසුව ‘බැලන් ඩෝ’ සම්මානය දිනා ගත් පළමු ‘ප්‍රිමිය ලීග්’ ක්‍රීඩකයා බවට ද පත්වීම විශේෂත්වයක්. 

රොනාල්ඩෝ 2008 වසරේදී මේ සම්මානය දිනා ගත්තේ ‘මැන්චෙස්ට යුනයිටඩ්’ කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටියදී.

 

 

“අද මේ ජයග්‍රහණය මට නොව ස්පාඤ්ඤ පාපන්දුව හා ‘මැදපෙල’ ලෙසින් හඳුන්වන ක්‍රීඩකයාට ලැබුනු ජයග්‍රහණයක්. මැදපෙල ක්‍රීඩකයන් අගැයීමට ලක්වීම නිසා පාපන්දුව ජය ගෙන ඇති බවට බොහෝ මිතුරන් අද මට ලියා තිබෙනවා. හෙවණැල්ලේ සිටිමින් මහඟු කාර්යයක් ඉටු කරන මැදපෙල ක්‍රීඩකයන්ට අද ආලෝකය ලැබී තිබෙනවා” යනුවෙන් රොඩ්රි සම්මානය දිනා ගැනීමෙන් පසුව පැවසුවා.

එංගලන්තයේ ‘මැන්චෙස්ට සිටි’ කණ්ඩායමේ ක්‍රීඩක රොඩ්රි ට මෙවර ‘බැලන් ඩෝ’ සම්මානය ලබා දීම අනුමත නොකරමින් ඊට විරෝධය පෑමක් වශයෙන් ස්පාඤ්ඤයේ ‘රේආල් මෙඩ්රිඩ්’ (Real Madrid) ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් පැරිසියේ පැවති මේ විචිත්‍රවත් සම්මාන ප්‍රදාන උළෙල වර්ජනය කළා. 

 

216581e0 9608 11ef 83ca a3329ade90f4විනීකියස් ජූනිය (Vinicius Junior)
ඊට හේතුව වූයේ ඔවුන් මහත් බලාපොරොත්තු තබා ගෙන සිටි ඔවුන්ගේ ප්‍රබල ක්‍රීඩක බ්‍රසීලයේ විනීකියස් ජූනිය (Vinicius Junior) ට මේ සම්මානය නොලැබීමයි.

ප්‍රථම වතාවට මේ වටිනා සම්මානය දිනා ගත් රොඩ්රි, පසුගිය ක්‍රීඩා වාරයේදී තම කණ්ඩායමට පිට පිට සිවු වැනි ප්‍රිමිය ලීග් ශූරතාව දිනා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් උපකාරී වූ ක්‍රීඩාවක යෙදුනා. ස්පාඤ්ඤය ඔවුන්ගේ සිවු වැනි යුරෝපීය පාපන්දු ශූරතාව මේ වසරේදී හිමිකර ගැනීමෙන් පසුව රොඩ්රි එම ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ද නම් කෙරුනා.

ලෝකයේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාගේ ත්‍යාගය මැද පෙල ක්‍රීඩක රොඩ්රි ට පිරිනැමීමේ තීරණය අනපේක්ෂිත සිදුවීමක් වූයේ රේආල් මෙඩ්රිඩ් කණ්ඩායමේ ‘ලා ලිගා’ සහ ‘චැම්පියන්ස් ලීග්’ ද්විත්ව ජයග්‍රාහකයා වූ විනීකියස් මෙවර සම්මානය දිනා ගන්නා ජනප්‍රිය ක්‍රීඩකයාව සිටි බැවින්.

‘බැලන් ඩෝ’ සම්මාන ප්‍රදාන උළෙල පැරිසියේ පැවැත්වීමට පැය කිහිපයකට පෙර, ස්පාඤ්ඤ ක්‍රීඩා සමාජය නිවේදනයක් නිකුත් කරමින් තම නියෝජිත පිරිස උත්සවයට සහභාගි නොවන බව කියා සිටියා. ඊට හේතුව වශයෙන් ඔවුන් දක්වා සිටියේ විනීකියස්ව නොතකා හැරීමයි. 

පසුගිය මාසයේ දරුණු අස්ථි ආබාධයකට ලක්වීම හේතුවෙන් රොඩ්රි මේ සම්මානය ලබා ගැනීම පිණිස පැමිණියේ කිහිලිකරුවලින්.

 

jvw0BaIJoYU6 VUBBAiCIGg6D 1440x960
1990 වසරේ Lothar Matthaus ට පසුව ‘බැලන් ඩෝ’ සම්මානය දිනා ගත් පළමු ආරක්ෂක මැදපෙල ක්‍රීඩකයා වන මෙඩ්රිඩ් හි උපන් රොඩ්රි, 1957 හා 1959 වසරවල ඇල්ෆ්‍රෙඩෝ ඩි ස්ටෙෆානෝ (Alfredo Di Stefano) සහ 1960 වසරේදී ලුයී ස්වාරස් (Luis Suarez) ට පසුව මේ සම්මානය හිමිකර ගත් තෙවැනි ස්පාඤ්ඤ ජාතිකයා බවට ද පත්වනවා.

‘බැලන් ඩෝ’ සම්මානයේ ආධිපත්‍යය ස්පාඤ්ඤ ලීගයේ ක්‍රීඩකයන් විසින් පවත්වා ගෙන ගිය ද, ස්පාඤ්ඤයේ ‘රත්තරං පරම්පරාව’ විසින් 2010 ලෝක කුසලානය හා 2008 සහ 2012 ‘යුරෝ’ කුසලාන දිනා ගෙන තිබියදීත්, ‘බාසිලෝනා’ කණ්ඩායම නියෝජනය කරමින් ස්වාරස් මීට වසර 60කටත් වැඩි කාලයකට පෙර මේ සම්මානය දිනා ගැනීමෙන් පසුව කිසිම ස්පාඤ්ඤ ජාතිකයෙක් මේ දක්වා ‘බැලන් ඩෝ’ සම්මානය දිනා ගැනීමට සමත්ව වූයේ නැහැ.

නමුත්, පුහුණුකරු Pep Guardiola විසින් ‘ලෝකයේ සිටින දක්ෂතම මැද පෙල ක්‍රීඩකයා’ ලෙස නම් කරන ලද රොඩ්රි, අවසානයේ මේ ඉඩෝරය අවසන් කිරීමට සමත් වූයේ පසුගිය ක්‍රීඩා වාරයේදී ‘මැන්චෙස්ට සිටි’ කණ්ඩායමේ ප්‍රිමිය ලීග් කිරුළ දිනා ගැනීමේ සටනේ ප්‍රධාන චරිතයක් වෙමින් හා ජර්මනියේදී ස්පාඤ්ඤය ශූරයන් වූ ‘යුරෝ 2024’ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වෙමින්.

මේ වසරේ සම්මානලාභියාගේ අනන්‍යතාව ඉතාමත් රහසක් බවට ‘බැලන් ඩෝ’ ප්‍රංශ සංවිධායකයින් අවධාරණය කර තිබුන ද, සම්මාන උත්සවයට පෙර ඒ රහස හෙළි වී තිබුනා.

 

image 7baeea92 3ced 4e58 85d1 78fd648338f5 85 2560 1440
ඒ අනුව උත්සවයට පැය කිහිපයකට පෙර ‘රේආල් මෙඩ්රිඩ්’ ක්‍රීඩා සමාජය, විනීකියස් ජයග්‍රාහකයා නොවන්නේ නම් එම සම්මානය ඔහුගේ කණ්ඩායම් සගයා වන ඩැනී කාවහාල් (Dani Carvajal) ට හිමිවිය යුතු බව කියා සිටියා.

බ්‍රසීල ජාතික විනීකියස් මෙන්ම කාවහාල් ද චැම්පියන්ස් ලීග් අවසාන තරගයේදී ගෝල් 2-0ක ජයග්‍රහණයේ ගෝලයක් ලබා ගත්තා.

‘රේආල් මෙඩ්රිඩ්’ කණ්ඩායම පසුගිය ක්‍රීඩා වාරයේදී ශූරතා ත්‍රිත්වයක් කරා ගෙන යාමේදී විනීකියස් ජූනිය සියලුම තරගාවලියන්හි තරග 39කදී ගෝල් 24ක් ලබා ගැනීමට අමතරව ගෝල් ලබා ගැනීමට සහායවීම් 11ක් ද වාර්තා කළා.

“සම්මානය විනීකියස් ට දෙන්නේ නැත්නම් එය කාවහාල් ට ලබා දිය යුතුයි” යනුවෙන් ‘රේආල් මෙඩ්රිඩ්’ කියා සිටියා. “ඒක එහෙම නොවුන නිසා, ‘බැලන් ඩෝ’ බලධාරීන් ‘රේආල් මෙඩ්රිඩ්’ ට ගරු කරන්නේ නැහැ. ගෞරවයක් නොලැබෙන තැන්වලට ‘රේආල් මෙඩ්රිඩ්’ යන්නේ නැහැ.”

‘රේආල් මෙඩ්රිඩ්’ගේ නාමයෝජනාවලට ජූඩ් බෙලිංඅම් (Jude Bellingham), කිලිඅන් ම්බප්පේ (Kylian Mbappe), ඇන්ටොනිඔ් රූඩිගා (Antonio Rudiger) සහ ෆේඩ වල්වර්ඩි (Fede Valverde) නම් ද ඇතුළත් කර තිබුනා.

‘බැලන් ඩෝ’ කීර්තිමත් සම්මානයේ ජයග්‍රාහකයා තෝරා ගනු ලබන්නේ විශේෂඥ මාධ්‍යවේදීන් 100 දෙනෙකුගෙන් සමන්විත ජාත්‍යන්තර ජූරියක් විසින්.

 



‘රේආල් මෙඩ්රිඩ්’ වසරේ හොඳම කණ්ඩායම ලෙස නම් කරන විට, වේදිකාවේ වීඩියෝවක් දර්ශනය වූයේ එම ක්‍රීඩා සමාජයේ කිසිම නියෝජිතයෙක් නැතිව.

සම්මානය සඳහා ඡන්ද විමසීමේදී විනීකියස් දෙවැනි ස්ථානය ද, ආක්‍රමණශීලී මැදපෙල ක්‍රීඩක බෙලිංඅම් තෙවැනි ස්ථානය ද, කාවහාල් සිවු වැනි ස්ථානය ද හිමිකර ගෙන තිබුනා. පුහුණුකරු Carlo Ancelotti වසරේ හොඳම පුහුණුකරු සම්මානය දිනා ගත්ත ද එය ලබා ගැනීමට ඔහු පැමිණ සිටියේ නැහැ.

‘බැලන් ඩෝ’ සම්මානය දිනා ගත් ප්‍රථම ‘මැන්චෙස්ට සිටි’ ක්‍රීඩකයා වන්නේ රොඩ්රි. ආරක්ෂක ක්‍රීඩාව සුරක්ෂිත කරමින් පිටුපස සිට පන්දුව ‘පාස්’ කිරීමේ කාර්යය සාර්ථකව ඉටු කිරීමේ හැකියාවක් තිබෙන ඔහු පසුගිය මාස 18 තුළ පරාජය වී තිබෙන්නේ එක් තරගයකින් පමණයි. ‘මැන්චෙස්ට සිටි’ කණ්ඩායමට රොඩ්රි කොතරම් වැදගත් ක්‍රීඩකයෙක් ද කිවහොත් ඔවුන්ගේ පසුගිය ප්‍රිමිය ලීග් පරාජයන් හතර ම වාර්තා වී තිබෙන්නේ රොඩ්රි කණ්ඩායමේ නැතිව සිටියදී.


බොන්මතීගේ ජයග්‍රහණය

 



බාසිලෝනා හා ස්පාඤ්ඤ සුපිරි පාපන්දු ක්‍රීඩිකා 26 හැවිරිදි අයිතානා බොන්මතී මෙවර දිනා ගත්තේ ඇගේ පිට පිට දෙවැනි කාන්තා ‘බැලන් ඩෝ’ සම්මානය. ඇයට මේ සම්මානය ලැබුනේ බාසිලෝනා ක්‍රීඩා සමාජය මහාද්වීප ශූරතා හතරක් කරා මෙහෙයවීමෙන් හා ඇගේ රට සමග නේෂන්ස් ලීග් කිරුළ දිනා ගැනීමෙන් පසුව.

2018 වසරේදී කාන්තා ‘බැලන් ඩෝ’ සම්මානය ප්‍රථම වතාවට හඳුන්වා දීමෙන් පසුව එම සම්මානය දෙවතාවක් දිනා ගත් එක ම කාන්තාවන් ලෙස බොන්මතී ඇගේ බාසිලෝනා ක්‍රීඩිකාව වන අලෙක්සියා පුතේයස් (Alexia Putellas) සමග අත්වැල් බැඳ ගන්නවා.

ස්පාඤ්ඤයට හා බාසිලෝනා ක්‍රීඩා සමාජයට අමතක නොවන රාත්‍රියකදී, යුරෝපීය ශූරතාවලියක එදා මෙදා තුර ළාබාලතම ගෝල්ලාභියා වන ලෙමීන් යමාල් (Lamine Yamal) වයස අවුරුදු 21න් පහළ හොඳම ක්‍රීඩකයාට පිදෙන Kopa සම්මානය හිමිකර ගත් අතර ‘බාසිලෝනා’ කණ්ඩායම හොඳම කාන්තා කණ්ඩායමේ සම්මානය දිනා ගත්තා.

හිටපු PSG ඉදිරි පෙල ක්‍රීඩක කිලිඅන් ම්බප්පේ හා Bayern Munich කණ්ඩායමේ ආක්‍රමණශීලී ක්‍රීඩක හැරී කේන් (Harry Kane) පසුගිය ක්‍රීඩා වාරයේදී ක්‍රීඩා සමාජය හා රට වෙනුවෙන් වැඩිම ගෝල් ලබා ගත් ක්‍රීඩකයාට පිරිනැමෙන Gerd Mueller සම්මානය බෙදා ගත්තා.

ආජන්ටිනාවේ පෙනල්ටි වළක්වා ගැනීමේ විශාරද ක්‍රීඩකයා වන එමිලිආනෝ මාටීනස් (Emiliano Martinez) හොඳම ගෝල්රකින්නා සඳහා වන තමන් සතු Lev Yashin සම්මානය රැක ගැනීමට සමත් වුනා.

පසුගිය වසරේ පැවති කාන්තා ලෝක කුසලාන අවසාන තරගයෙන් පසුව පැවති පදක්කම් ප්‍රදානෝත්සවයේදී හිටපු සම්මේලන සභාපති විසින් බලෙන් සිපගනු ලැබූ ස්පාඤ්ඤ ඉදිරි පෙල ක්‍රීඩිකා Jenni Hermoso මානව සුභ සාධනයේ නියැලීම වෙනුවෙන් පිරිනැමෙන Socrates සම්මානය ලබා ගත්තා.

මිය ගිය ශ්‍රේෂ්ඨ ජර්මන් ක්‍රීඩක ෆ්‍රෑන්ස් බෙකන්බෝඅ (Franz Beckenbauer)ගේ බිරිඳ හා පුත්‍රයා ට විශේෂ තිළිණයක් ප්‍රංශ පාපන්දුව විසින් මෙහිදී ප්‍රදානය කෙරුනා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්