leader s

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබන වසරේ ප්‍රධාන ජාත්‍යන්තර තරගාවලියන් 11කට සහභාගි වීමට නියමිතයි.

මෙයින් තරගාවලියන් අටක් දකුණු ආසියානු හා ආසියානු තරග බිමේ පැවැත්වෙන අතර අනෙක් තරගාවලියන් තුන පැවැත්වෙන්නේ ලෝක මට්ටමෙන්.

මීට අමතරව, තවත් ජාත්‍යන්තර තරගාවලියන් 11කට ද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය අපේක්ෂා කරනවා.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා 2025 තරග කැලැන්ඩරය ආරම්භ වන්නේ දේශීය තරග බිමෙන්. ඒ, ජනවාරි 11 වැනිදා දියගම දී පැවැත්වීමට නියමිත ජාතික රට හරහා දිවීමේ ශූරතාවලියෙන්.

පෙබරවාරි 23 වැනිදා කොළඹ දී ජාතික තරග ඇවිදීම ශූරතාවලිය පැවැත්වීමෙන් පසුව එළඹෙන්නේ ජ්‍යෙෂ්ඨ හා යෞවන තේරීම් තරගයි. පෙබරවාරි 8 හා 9 දිනවල සුගතදාස ක්‍රීඩාංගණයේදී මේ තරග පැවැත්වෙන්නේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය හා සෞදි අරාබියේ රියාද් නුවර පැවැත්වීමට නියමිත ආසියානු වයස අවුරුදු 18න් පහළ (යෞවන) ශූරතාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ පළමු තරග වටය ලෙස.

මේ තරගාවලියන් සඳහා අවසාන තේරීම් තරග මාර්තු 8-9 දිනවල සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමටයි නියමිත.

64 වැනි කණිෂ්ඨ ජාතික ශූරතාවලිය ජූනි 13 සිට 15 දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර ජූනි 29 වැනිදා ජාතික මැරතන් ශූරතාවලිය පැවැත්වීමට කටයුතු යොදා තිබෙන්නේ කොළඹ දී.

අගෝස්තු 1 සිට 3 දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 103 වැනි ජාතික ශූරතාවලියෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා 2025 දේශීය තරග කැලැන්ඩරය අවසන්. මේ ශූරතාවලිය පාකිස්තානයේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වන අවසන් තේරීම් තරග ලෙස ද සැලකෙන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය නිවේදනය කරනවා.

ජපානයේ නොමි නගරයේදී මාර්තු 16 වැනිදා පැවැත්වීමට නියමිත ආසියානු කිලෝමීටර් 20 තරග ඇවිදීමේ ශූරතාවලිය නව වසරේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු ප්‍රධාන විදේශීය තරගය යි. ඒ මාසයේදී ශ්‍රී ලංකාව 21 සිට 23 දක්වා චීනයේ නැන්ජිං නුවර පැවැත්වෙන ලෝක ගෘහස්ථ ශූරතාවලියට හා 23 වැනිදා තායිලන්තයේ පටායා හි පැවැත්වෙන ආසියානු මැරතන් ශූරතාවලියට ද සහභාගි වීමට අපේක්ෂා කරනවා.

අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව දකුණු ආසියානු හා ආසියානු තරගාවලියන් දෙකකට සහභාගි වීමට නියමිතයි. එම තරගාවලියන් වන්නේ 5-6 දිනවල ඉන්දියාවේ රන්චි හි පැවැත්වෙන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය හා 22 සිට 26 දක්වා රියාද් නුවර පැවැත්වෙන 6 වැනි ආසියානු වයස අවුරුදු 18න් පහළ ශූරතාවලිය.

26 වැනි ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය මැයි මස 27 සිට 31 දක්වා දකුණු කොරියාවේ ගුමි නගරයේ පැවැත්වෙන අතර ඊට පෙර මැයි 10, 11 දිනවල චීනයේ ගුඅංසෝ හි දී ලෝක සහාය දිවීමේ ශූරතාවලිය පැවැත්වෙනවා.

ජූනි 14-15 දිනවල දකුණු කොරියාවේ මොක්පෝ හි පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතාවලියට හා සැප්තැම්බර් 13 සිට 21 දක්වා ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට ද ශ්‍රී ලංකාවේ නියෝජනයක් තිබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවලදී ආසියානු යෞවන ක්‍රීඩා උළෙල සහ 14 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පිළිවෙලින් උස්බෙකිස්තානයේ ටෂ්කෙන්ට් හා පාකිස්තානයේ ලාහෝර් නගරවල පැවැත්වීමට නියමිතයි.

මේ ප්‍රධාන විදෙස් තරගාවලියන්ට අමතරව බංගබන්ධු මැරතන්, ඔස්ට්‍රේලියානු මලල ක්‍රීඩා, ලෝක මලල ක්‍රීඩා මහාද්වීප තරගමාලාවේ සීකෝ ගෝල්ඩන් ග්‍රොන් ප්‍රි-රන් ලේබලය, බිල්බාඔ් ජාත්‍යන්තර ලෝකඩ ලේබලය, 64 වැනි ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් රන් ලේබලය, චීන තායිපේ විවෘත, බූසාන් ජාත්‍යන්තර රිටි පැනීම, පාවෝ නුර්මි ක්‍රීඩා උළෙල රන් ලේබලය, හංගේරියානු ග්‍රොන් ප්‍රි, ලෝක මලල ක්‍රීඩා මහාද්වීප තරගමාලාවේ බෙයිජිං, චීනය- රන් ලේබලය හා ඉන්දියානු ග්‍රොන් ප්‍රී (I – IV) යන විදේශීය තරගාවලියන් ද ශ්‍රී ලංකා මලල ක්‍රීඩා 2025 තරග දින දර්ශනයට ඇතුළත්.


සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්