leader s

එක්තරා කාලයකදී තමා මෙලොව සිටි වැඩියෙන්ම නරක මිනිසා බවට සලකනු ලැබුවේ මක්නිසාද කියා ලෝකයට මතක් කර දීමට 58 හැවිරිදි මයික් ටයිසන් ට උවමනා වී තිබෙනවා.

දශක දෙකකට ආසන්න කාලයකට පසුව සිය පළමු වෘත්තීය බොක්සිං තරගයට පිවිසෙමින් ‘යූටියුබ’ බොක්සිං ක්‍රීඩක ජේක් පෝල් සමග සිකුරාදා පවත්වන හෙවිවේට් බොක්සිං සටනේදී තමා යක්ෂයාව බොක්සිං වළල්ලට ගෙන එන බව ටයිසන් පවසනවා.

තමාගේ ම මව වුව ද තමා සමග සටනට එන්නේ නම් ඇය ඉතාමත් ප්‍රවේශම් විය යුතු බවට ද ටයිසන් අනතුරු අඟවනවා.

 

1288364262.0

මයික් ටයිසන් ජගත් බොක්සිං තරග බිමේ රජ කළ සමයේ ඔහුගේ සටන් දැක ගැනීමට කිසිවිටෙකත් අවස්ථාවක් නොලද නව පරම්පරාවේ සටන් ක්‍රීඩා ලෝලීන්ට ටයිසන් යනු සතුටින් හා විනෝදයෙන් ජීවත් වන පුද්ගලයෙක් පමණයි. නමුත් සිකුරාදා රාත්‍රියේ ටෙක්සාස් හි AT&T ක්‍රීඩාංගණ බොක්සිං වළල්ලේ සීනුව නාද වන විට පරණ ‘යකඩ මයික්’ එක් රාත්‍රියකට පමණක් හෝ නැවත පැමිණෙන බවට ටයිසන් පොරොන්දු වනවා.

 

“මම මගෙත් එක්ක යක්ෂයාව බොක්සිං වළල්ලට එක්ක ගෙන එනවා” යැයි ටයිසන් ප්‍රකාශ කරනවා.

ජේක් පෝල් සමග ටයිසන් මිත්‍රත්වයක් ගොඩනගා ගෙන සිටිය ද, තමාගේ කරුණාව දුර්වලකමක් ලෙස වරදවා වටහා නොගන්නා ලෙසට ඔහු සිය ප්‍රතිවාදියාට අනතුරු අඟවනවා.

“මේ තරගයේදී හැඟීම් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ” ටයිසන් කියනවා. “මගේ ම අම්මාට වුනත් මාත් එක්ක බොක්සිං වළල්ලට එන්න සිද්ධ වුනොත් එයා බොහොම පරෙස්සම් විය යුතුයි. තරගය අවසන් වුනාම ඔක්කොම ඉවරයි. නමුත් තරගය පැවැත්වෙද්දී, මගේ අරමුණ ඔහුට රිදවන්නයි. එයාගේ අරමුණත් ඒකම වේවි කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙම නොවුනොත් ඔහු ලොකු කරදරේක වැටේවි.”

Mike Tyson 240504

 

තමාට වඩා අවුරුදු 31ක් වයසින් බාල ප්‍රතිවාදියා බිම හෙලන බවට ටයිසන් පොරෙන්දු වනවා පමණක් නොව තමා බොක්සිං වළල්ලට ගෙන එන කෲරකම නිසා විශේෂයෙන් 16 හැවිරිදි දුව මිලාන් ඇතුළු තමාගේ තරුණ දරුවන්ට පවා තමාව හඳුනා ගත නොහැකි වනු ඇතැයි ඔහු පවසනවා.

“මම 2020දී රෝයි ජෝන්ස් සමග සටන් කිරීම මිලාන් දුව රූපවාහිනියෙන් දුටුවා. නමුත් මගේ මෙතරම් විශාල වෙනසක් ඇය ඇගේ ජීවතය තුළ කවදාවත් දැකලා නැහැ” යනුවෙන් ටයිසන් සඳහන් කරනවා. “මේ ලෝකෙ ඉන්න නරක ම මිනිහා මම කියලා මගේ දරුවන් හිතන්නේ නැහැ. ඒගොල්ලේ මා දිහා බලන්නේ එයාලගේ තාත්තා විදියට. ‘නාකි ඔයා ඔහේ ගෙදරට වෙලා ඉන්න’ කියලා එයාලා මට කියනවා.”

“නමුත් නොවැම්බර් 15 වැනිදා ඔවුන්ට මා ගැන වෙනස් මතයක් ඇතිවේවි!”

 

fight

වයසට යමින් සිටින හා වෛද්‍යමය ආබාධ තිබෙන ටයිසන් සමග 27 හැවිරිදි පෝල්ගේ මේ තරගයට අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක් අවසර දුන්නේ නැහැ. අවසානයේ ටෙක්සාස් ප්‍රාන්තය මේ සටන පැවැත්වීම සඳහා එකඟ වූයේ මිනිත්තු තුනක් බැගින් වන වට 10ක් හෝ 12ක සාමාන්‍ය තරගයක් වෙනුවට මිනිත්තු දෙකක් බැගින් වන වට අටකින් සමන්විත තරගයකට. මුෂ්ටි ප්‍රහාරවල ශක්තිය අඩු කිරීම පිණිස සකස් කරන ලද බරින් වැඩි ග්ලව්ස් තරගය සඳහා යොදා ගැනීම ද එම එකඟත්වයේ නීතියක්. ඒ අනුව, හෙවිවේට් බොක්සිං තරග සඳහා යොදා ගනු ලබන අවුන්ස 10ක් බර ග්ලව්ස් වෙනුවට මේ තරගයේදී ටයිසන් හා පෝල් පළඳිනු ඇත්තේ අවුන්ස 14ක් බරැති අත්වැසුම්.

654jkh

 

ඉතාමත් ඵලදායී ශක්තිමත් මුෂ්ටි ප්‍රහාරයක් සතුව සිටි ටයිසන් ඔහුගේ පහරවලින් සියයට 55.1ක ප්‍රමාණයක් (වටයකට 12.4 බැගින්) ප්‍රතිවාදියාට වැදෙන්නට එල්ල කර තිබෙන්නේ ඇදහිය නොහැකි විලසින්. හෙවිවේට් බොක්සිං අංශයේ සාමන්‍යය වනුයේ සියයට 39.7ක (වටයකට 9.5 බැගින්) පහර දීමක්.

ජේක් පෝල් 1997 වසරේ ජනවාරි මාසයේ උපත ලබන විට මයික් ටයිසන් ප්‍රතිවාදීන් 39 දෙනෙකු බිම හෙලා ජයග්‍රහණ 45-පරාජ 2ක තරග වාර්තාවකින් යුත් 30 හැවිරිදි බොක්සිං ශූරයෙකුව සිටීමෙන් ම දෙදෙනා අතර වයසේ වෙනස පිළිබඳ හැඟීමක් ඇති කර ගත හැකියි.

 

මීට වසර 19කට පෙර ටයිසන් තරග බිමෙන් විශ්‍රාම ගියේ ප්‍රතිවාදීන් බිම හෙලීමේ අවස්ථා 44ක් සමග ජයග්‍රහණ 50- පරාජ 6ක තරග වාර්තාවක් ඇතිව. වෘත්තීය බොක්සිං සටන්කරුවෙකු ලෙස තවමත් වසර පහක් හෝ සම්පූර්ණ කර නැති පෝල් ට තිබෙන්නේ බිම හෙලීම් හතකින් යුත් 10-1ක වාර්තාවක්. ඔහු වැඩි ප්‍රමාණයක් මුහුණ දී තිබෙන්නේ හිටපු මිශ්‍ර සටන් කලා ක්‍රීඩකයන්ට හා ඔහු මෙන්ම යූටියුබ් තරගකරුවන්ට.

මෙය Netflix විසින් ගෙන එන ප්‍රථම සටන් ක්‍රීඩා ඉසව්ව යි. එය කිසිම අමතර වියදමක් නැතිව ලෝකය පුරා සිටින මිලියන 280කට වැඩි Netflix දායකයන්ට නොමිලේ නැරඹීමේ අවස්ථාව ලැබී තිබෙනවා.

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්